Analysis

2023 වැඩිම සංචාරක පැමිණීම නොවැම්බර් මාසයේ දී. ලක්ෂ 1 1/2 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 151,496 ක විදෙස් සංචාරකයින් පිරිසක් පසුගිය 2023 නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ තිබේ. මෙය 2023 වසරේ තනි මාසයක් තුළ පැමිණි වැඩිම විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලෙසින් වාර්තා වේ. එසේම 2020 පෙබරවාරි (207,507) මාසයෙන් පසුව එක් මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය ලෙසින් ද මෙය සැලකිය හැකිය. ඒ…

(0)Comments | December 4, 2023 1:35 pm

මොනවාද මේ Short Selling?

නියාමනය කරන ලද හිඟ විකුණුම් සහ කොටස් ණයට ගැනීම සහ ණයට දීම මත නිතර ඇසෙන ප්‍රශ්න කොටස් ණයට ගැනීම සහ ණයට දීම (SBL) යනු කුමක්ද? කොටස් ණයට ගැනීම සහ ණයට දීම (Stock Borrowing and Lending – SBL) යනු ආයෝජකයින් අතර කොටස් ණයට ගැනීමට හෝ ණයට දීමට පහසුකම් සැලසීම සඳහා මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) හරහා කොළඹ…

(0)Comments | November 8, 2023 4:18 pm

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පහළට

වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵල කියයි වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵලවලට අනුව 2023 ජුනි මාසයේ දී 21% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2023 ඔක්තෝබර් මාසයේදී 9%ක් දක්වා පහත වැටී ඇත. රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන 2023…

(0)Comments | November 6, 2023 9:27 am

බලශක්ති වියදම් ඉහළ යාමෙන් සහ අහිතකරණ කාලගුණයෙන් ඉදිකිරීම් අංශයට බලපෑම්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) – සැප්තැම්බර් 2023 ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල අඛණ්ඩ පහත වැටීම පිළිබිඹු කරමින් ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 44.3ක අගයක් වාර්තා කරන ලදී. ව්‍යාපෘති කටයුතුවල අඛණ්ඩ පහත වැටීම ඉදිකිරීම් කටයුතුවල  ක්‍රියාකාරිත්වයට අඛණ්ඩව අහිතකර ලෙස බලපෑ අතර මාසය පුරා පැවති වර්ෂාව දැනට පවතින ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය…

(0)Comments | November 1, 2023 4:42 pm

මිනිරන්, ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් ගැන හරියටම දැනගමු

මිනිරන් කර්මාන්තය මෙරට දිගු ඉතිහාසයක් ඇති කර්මාන්ත ක්ෂේත්‍රයක් වුවද ඒ පිළිබඳව සාමාන්‍ය ජනසමාජය තුළ ඇත්තේ අල්ප අවධානයකි. කෙසේවෙතත් මෑතක දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ඇමරිකානු සංචාරය අතරවාරයේ දී කළ කතාවක දී ‘මිනිරන්‘ සහ ‘ග්‍රැෆයිට්‘ පද භාවිතය පිළිබඳව වූ පටලැවිලි සහගත තත්ත්වයක් හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙකු ඒ පිළිබඳව සෙවීමට උනන්දු…

(0)Comments | November 1, 2023 1:44 pm

අයවැය පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ විනිවිදභාවය වසර 2ක් ඇතුළත පිට පිටම පහළට – පර්යේෂණයක ප්‍රතිඵල මෙන්න

ප්‍රගතිය නොදන්නා පොරොන්දු ප්‍රතිශතය 45% සිට 70% දක්වා ඉහළට – ‘අයවැය පොරොන්දු – මැති සබයෙන් ඔබ්බට’ වේදිකාව කියයි අයවැය කතාවල පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ විනිවිදභාවය 2022 සහ 2023 දී විශාල ලෙස පහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකර ඇති විමර්ෂණයකින් අනාවරණයව ඇත. 2017-2021 කාලය තුළ ප්‍රගතිය තක්සේරු කිරීමට නොහැකි වූ අයවැය පොරොන්දු සාමාන්‍ය ප්‍රතිශතය…

(0)Comments | October 31, 2023 1:19 pm

සාවද්‍ය තොරතුරු සමාජගත වීමේ අභියෝගය ජය ගැනීම – ඉන්දික ද සොයිසා

මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී ඇත. අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලීන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම මම දැඩි උනන්දුවකින් නිරීක්ෂණය කර ඇති අතර,…

(0)Comments | October 23, 2023 12:27 pm

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව ඉතා වැදගත් වන නමුත් එය පමණක්ම ප‍්‍රමාණවත් නොවේ

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් 2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර වර්ධනය වන අතර අනෙකුත් විලාසිතා අංශ පෙර වසරට සාපේක්ෂව සියයට 2%කින් පහත වැටීමක් දැකිය…

(0)Comments | September 27, 2023 12:03 pm

2023 අගෝස්තු වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

2023 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2023 ජූලි මාසයට සාපේක්ෂව 2023 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,091.6 දක්වා 6.98% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 10.91% ක අඩුවීමකි. විශේෂයෙන්ම ඇඟලුම් සහ…

(0)Comments | September 26, 2023 11:26 am

එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය ස්ථාපනය කිරීමෙන් දේශීය රෙදිපිලි අවශ්‍යතාවෙන් 35%ක් සැපිරේ

නැගෙනහිර පළාතේ එරාවුර් නගරය කේන්ද්‍ර කරගනිමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ තිරසාර බව පිළිබඳ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් දේශීය රෙදි පිළි අවශ්‍යතාවෙන් 35%ක් සපුරාලීමට හැකි වනු ඇති බව ඒකබද්ධ ඇඟළුම් සංසදය පවසයි. වර්තමානයේදී මෙරට ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදිපිළිවලින් 90%කට අධික ප්‍රතිශතයක් ආනයනය කරන අතර මේ…

(0)Comments | September 21, 2023 11:58 am