ප්‍රගතිය නොදන්නා පොරොන්දු ප්‍රතිශතය 45% සිට 70% දක්වා ඉහළට – ‘අයවැය පොරොන්දු – මැති සබයෙන් ඔබ්බට’ වේදිකාව කියයි අයවැය කතාවල පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ විනිවිදභාවය 2022 සහ 2023 දී විශාල ලෙස පහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකර ඇති විමර්ෂණයකින් අනාවරණයව ඇත. 2017-2021 කාලය තුළ ප්‍රගතිය තක්සේරු කිරීමට නොහැකි වූ අයවැය පොරොන්දු සාමාන්‍ය ප්‍රතිශතය…
මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී ඇත. අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලීන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම මම දැඩි උනන්දුවකින් නිරීක්ෂණය කර ඇති අතර,…
ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් 2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර වර්ධනය වන අතර අනෙකුත් විලාසිතා අංශ පෙර වසරට සාපේක්ෂව සියයට 2%කින් පහත වැටීමක් දැකිය…
2023 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2023 ජූලි මාසයට සාපේක්ෂව 2023 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,091.6 දක්වා 6.98% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 10.91% ක අඩුවීමකි. විශේෂයෙන්ම ඇඟලුම් සහ…
නැගෙනහිර පළාතේ එරාවුර් නගරය කේන්ද්‍ර කරගනිමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ තිරසාර බව පිළිබඳ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් දේශීය රෙදි පිළි අවශ්‍යතාවෙන් 35%ක් සපුරාලීමට හැකි වනු ඇති බව ඒකබද්ධ ඇඟළුම් සංසදය පවසයි. වර්තමානයේදී මෙරට ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදිපිළිවලින් 90%කට අධික ප්‍රතිශතයක් ආනයනය කරන අතර මේ…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින, 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන මේ වන විට නිකුත් කර ඇත. එහි සඳහන් වන පරිදි, මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 15,978 ක් ලෙසිනි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2023 ජූනි මාසයේ දී රු. 16,089…
2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,680,074 ලෙස වාර්තා වී තිබුණු අතර එය 2023 වර්ෂයේ දෙවන…
2023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක් වාර්තා කිරීමෙන් පසු තේ මිල ජුනි මාසයේදී කිලෝ ග‍්‍රෑම් 1ක් රු. 704.7 සිට කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 1,245.2…
බන්දුල ප්‍රනාන්දු සභාපති ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ( SLCGE) ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු…
2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 දක්වා 16.6% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 මැයි මාසයට සාපේක්ෂව 5.59% ක අඩුවීමකි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ බව කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත්…
Video Story