අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුප්පිටියාව ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති සියඹලාගස්වැව වනාන්තරය සහ එයට ආසන්න භූමි ප්‍රදේශය ආවරණය වන පරිසර සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. මෙය රාජ්‍ය-පෞද්ගලික-ප්‍රජා සහයෝගීතාවක් මත ක්‍රියාත්මක වුන අතර මෙය ජාතික හා ගෝලීය පරිසර සංරක්ෂණ කටයුතු පුරෝගාමීවන උත්සාහයකි. මෙය ගොඩබිම, ජලය, සහ සසගර ප්‍රදේශවලින් 30% ආරක්‍ෂිත සහ සංරක්ෂිත ප්‍රදේශ ලෙස…
විවිධත්වය, සම සාධාරණත්වය සහ අන්තර්කරණය (DEI) සඳහා වූ සම්මාන ප්‍රදානය 2025, ලංකා වාණිජ මණ්ඩලය විසින් ප්‍රහර්ශයෙන් දියත් කරන්නෙමු. මෙම ජාතික සම්මාන උළෙල හරහා අන්තර්කරණය සහ සාධාරණත්වය අගයන ව්‍යාපාර ව්‍යුහයන් සඳහා ඇගයීමක් ලබා දෙනු ඇත. මෙම සම්මාන උළෙල මගින් වඩාත් විවිධත්වය අගයන , සාධාරණ වැඩ පරිසරයක් සහ අන්තර්කරණය සහිත සේවා ස්ථාන ගොඩනැගීම සඳහා ප්‍රායෝගික උත්සාහයන් දරන…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර දිගු කලක පටන් පවතින හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය විසින් පසුගියදා පියවර ගන්නා ලදි. මෙය රාජ්‍ය අංශය තුළ සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණික පහසුකම් සමීප කරවීම සඳහා ගනු ලබන සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. දෙපාර්ශ්වය අතර පවතින මෙම අතිසාර්ථක හවුල්කාරීත්වයකට දශකයකට…
මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. රාජා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරය වන ප්‍රයිම් සමූහය (Prime Group) ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA) සමග ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේය. පළාත් පාලන ආයතන නිලධාරීන් වෙනුවෙන් දීපව්‍යාප්ත මට්ටමින් ශක්‍යතා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම එහි අරමුණයි. මෙම වැඩසටහන යටතේ පළාත් පාලන ආයතනවල සේවය කරන නිලධාරීන් හා නිලධාරිනියන් දැනුවත් කිරීමට…
ශ්රී ලාංකිකයන්ගේ සැබෑ ජීවිත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම අරමුණු කරමින් සකස් කරන ලද විවිධ මූල්‍ය විසඳුම් හරහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව පසුගිය දා ප‍්‍රමුඛ ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ආයතනයක් වන ACH Education සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එලඹිණි. මෙම උපායමාර්ගික සහයෝගීතාවයේ මූලික අරමුණ වන්නේ ශ‍්‍රී ලාංකික සිසුන් සඳහා විදේශ අධ්‍යාපන ක‍්‍රියාවලිය…
DFCC බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම එකඟතාව යටතේ ලංකා වාණිජ මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන සාර්ව ආර්ථික සහ ක්ෂේත්‍රයීය බුද්ධි තොරතුරු භාවිතා කිරීමට DFCC බැංකුවට අවස්ථාව හිමි වේ. මෙය DFCC බැංකුවට මෙන්ම එහි ගනුදෙනුකරුවන්ටද බෙහෙවින් වැදගත් වනු ඇති අතර, එමගින් මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, පවතින තත්වයන්ට වඩාත්ම හොඳින්…
ශ්රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ පුරෝගාමී සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා සන්නාමය විසින්, මේ වසරේදීත් පොසොන් පොහොය සමරනු වස් මිහින්තලය වන්දනා කිරීමට පැමිණි සියලු බැතිමතුන්ට විවේක සුවය ලබා දීමේ අරමුණින් මිහින්තලා පුදබිම ආසන්නයේ ” කුමාරිකා හිස නිවන ගිමන්හල” වැඩසටහන දියත් කරන ලදී. ස්වාභාවික දේශීය නිෂ්පාදන පෙළක් සමඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගත් සන්නාමයක් ලෙස කුමාරිකා,…
මෙරට ප්‍රමුඛ පෞද්ගලික රෝහල් සමූහයක් වන මෙඩිහෙල්ප් රෝහල් සමූහය ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සමඟ උපායමාර්ගික සායනික හවුල්කාරිත්වයකට එළැඹෙයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අත්සන් කරන ලදී. මේ යටතේ ඒකාබද්ධ සායනික කටයුතු, දැනුම හුවමාරු වැඩසටහන්, විශේෂ රැකවරණ පහසුකම්, රෝග වළක්වා ගැනීමට වන මුලපිරීම්, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය යන අංශවලට අදාළ උපායමාර්ගික රාමුවක් නිර්මාණය කෙරේ. මේ…
ඩර්ඩන්ස් රෝහල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන Revive by Durdans නිල වශයෙන් එළිදක්වා තිබේ. මෙය එක් එක් පුද්ගලන් සඳහා විශේෂයෙන් සකස් කළ ප්‍රතිකාරයන්ගෙන්, නවතම සහ වඩාත්ම දියුණු චිකිත්සක ක්‍රමවලින් සහ රෝගවලට ප්‍රතිකාර කිරීම අභිබවා යමින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය පහසුකම්ගෙන් සමන්විත වේ. මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ…