Featured News

අධිවේගියේ මාතර සිට මහරගමට බස් පෝලිමට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මහරගම දක්වා බස්රථ ධාවනය අද පළමු වරට ආරම්භ කෙරුණු අතර මෙහිදී ධාවනය සඳහා බස්රථ 20 ක් යොදවා තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලය බස්රථ 10 ක්ද පුද්ගලික අංශය බස්රථ 10 ක්ද මාතර සිට මහරගම දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදා ඇත. මාතර සිට මහරගම දක්වා බස් ගාස්තුව රුපියල් 500 කි.

(0)Comments | April 8, 2014 3:05 am

ලෝක ශූරයින් වූ අපට ලැබෙන ඩොලර් මල්ලෙ තරම මෙන්න

ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශයේදී 2014 විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත්විය. 2014 විස්සයි-විස්ස ලෝක කුසලානයේ නිළ වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු අනුව මෙවර ජයග්‍රාහී කණ්ඩායම සඳහා ලැබෙන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 11 කි. මේ අනුව, මෙම මුදල ලැබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. අනුශූරතාවය දිනාගත් ඉන්දීය කණ්ඩායම…

(0)Comments | April 7, 2014 10:16 am

මත්තල ගුවන් තොටුපොළ තවත් පිම්මකට සූදානම්

මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 03 ක් ගබඩාකළ හැකි තෙල් ගබඩාවක් විවෘත කිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පැවසුවේ මෙම තෙල් ගබඩාව ළඟදීම විවෘත කිරීමට කටයුතු කරන බවයි. “මෙයින් ගුවන් යානා වලට ඉන්ධන විකිණීම සිදුකරනවා.“ යනුවෙන් හෙතෙම සඳහන්…

(0)Comments | April 4, 2014 3:19 am

මෙන්න! කටුනායක ගුවන් තොටුපොළ නංවන අළුත්ම ව්‍යාපෘතිය

කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තය මගින් වසරකට හසුරුවන ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 06 ක සිට මිලියන 15 ක් දක්වා ඉහළ දැමීම සඳහා ගුවන් පර්යන්තය පුළුල් කිරීම ඇතුළු පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා ජයිකා…

(0)Comments | March 31, 2014 11:59 am

Alumex කොටස් ගනුදෙනු වීම ඇරඹෙයි

පසුගියදා නිකුත් කෙරුණු  Alumex Limited සමාගමේ කොටස් ගනුදෙනු වීම අද ඇරඹුණු අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තුගත කර තිබේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ Alumex සහ NDB ආයෝජන බැංකුවේ නියෝජිතයින් සහ කොළඹ කොටස් වෙළඳ පොළේ නිළධාරීන් කොටස් ගනුදෙනුවීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගත් සේයාරුවකි.

(0)Comments | March 31, 2014 11:11 am

ලංකාවට Paypal හඳුන්වාදෙන කාලය ගැන මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්

ඇමරිකාව පදනම් කරගත් පේපෑල් සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ මෙරට පාර්ශවකාර බැංකුව වීමට දේශීය බැංකුවක් අරඹා තිබෙන සාකච්ඡා ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් මේ වසර අවසාන වීමට පෙර එම සේවාව ලංකාවට හඳුන්වාදිය හැකියැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා…

(0)Comments | March 29, 2014 11:05 am

අපේ මුහුදට ජපාන ටූනා කින්ග් වහ වැටෙයි

මසුන් ඇල්ලීම සඳහා ලංකාවට ආසන්න ජාත්‍යන්තර ගැඹුරු මුහුදේ මෙරට ධජය සහිත යාත්‍රා 06 ක් දැනට යොදවා තිබෙන ජපානයේ “ටූනා කින්ග්“ හෙවත් කියෝෂි කිමුරා තවත් එවැනි යාත්‍රා 14 ක් ළඟදීම ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යෙදවීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් දැක්වූයේ මෙසේයි. “මෙම යාත්‍රා…

(0)Comments | March 27, 2014 11:10 am

මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළේ කරට කර තරගයක්

වේගයෙන් වර්ධනය වන මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළේ වෙළඳ පොළ ප්‍රබලයා Samsung බවත් දෙවැන්නා Huawei බවත් තෙවැන්නා E-Tel බවත් අනාවරණය වේ. CyberMedia Research විසින් එළිදක්වා තිබෙන නවතම වාර්තාවෙන් හෙළිවන්නේ 2013 හතරවන කාර්තුවේදී මෙරට ස්මාර්ට් ජංගම දුරකතන මිලියන 0.12 ක් අලෙවි වී තිබෙන බවයි. මෙයින් සියයට 21.2 ක් Samsung බවත් සියයට 19.6 ක් Huawei බවත්…

(0)Comments | March 27, 2014 10:48 am

මෝටර් රථ පෙළක් එළිදැක්වීමට මරුටි සූදානම් වෙයි

ඉන්දියානු මරුටි සුසුකි සමාගම විසින් 2014 වසර වෙනුවෙන් නව මෝටර් රථ පෙළක් එළිදැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව වාර්තා කරන ඉන්දියානු මාධ්‍ය පවසන්නේ සමාගම විසින් Swift සහ Swift Dzire රථ නව මුහුණුවරකින් එළිදැක්වීමට සූදානම් බවයි.  මීට අමතරව, මේ වසරේදී නව Maruti Ciaz රථයද එළි දක්වන බව සඳහන්ය. සමාගම විසින් 2015 වසරේදී SUV රථයක්…

(0)Comments | March 27, 2014 7:57 am

කොට්ටාව සුපිරි අධිවේගී නගරයට කාර්යාල ගෙන යාමට සැලසුම්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොට්ටාව අධිවේගී පිවිසුමේ ඉදිකිරීමට සූදානම් වන සුපිරි නගරයේ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට තට්ටු දහයකට වඩා වැඩි ගොඩනැගිලි ඉදිකරන පුද්ගලික හා රජයේ ආයතන සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත. මේ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අක්කර 05 ක භූමියක් වෙන්කිරීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳව අප සමග නාගරික සංවර්ධන අධිකාරියේ …

(0)Comments | March 26, 2014 5:13 am