ප‍්‍රීමා සමූහයට අයත් ප‍්‍රමුඛතම සමාගමක් වන ප‍්‍රීමා සිලෝන් සමාගම 40 වසරක් පුරා දේශයේ සංවර්ධනයට උර දෙමින් මෙරට ආර්ථික හා ව්‍යාපාර ලොව තුළ ඉටු කළ මෙහෙවර පසුගිය දා උත්කර්ෂවත්ව සමරනු ලැබිණ. එම සැමරුම පැවැත්වූයේ එකම වහළක් යටතේ නිර්මාණය වූ ලොව විශාලතම පිටි ඇඹරුම්හල් අතුරින් එකක් වශයෙන් වාර්තා ගත ත‍්‍රිකුණාමලයේ පිහිටි ප‍්‍රීමා පිටි නිෂ්පාදනාගාර සංකීර්ණයේදීය. 1977 දී…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් මෙන්ම නේචර්ස් සීක්‍රට්ස්, පැන්ඩා බේබි, චන්ඩි පැන්ඩා සහ මිසුමි ආදී වූ වෙළෙඳ සන්නාමයන් යටතේ දේශීය හා විදේශීය වෙළෙඳ පොළ තුළ අභිමානවත්ව බැබළෙන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගම පසුගියදා පැවති ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජපන් විදේශ වෙළෙඳ සංවිධානයත්, (JETRO) තරුණ ලාංකේය ව්‍යවසායකයින්ගේ…
මෙවරත් රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට අනුග්‍රහකත්වය ලබාදීමට සෙලාන් බැංකුව ඉදිරිපත් වී සිටී. පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේ පැවති උත්සවයකදී සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා විසින් අදාළ අනුග්‍රාහකත්ව චෙක්පත රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති මාක් බිල්මෝරියා පියතුමන්…
ලොව ප්‍රමුඛත ම අන්තර් රාජ්‍ය, අන්තර් මුදල් හුවමාරු සමාගම වන වෙස්ටර්න් යුනියන් සමාගම ශ්‍රී ලංකාවේ පුරෝගාමී මුදල් හුවමාරු සේවාව සහ මෙරට වෙස්ටර්න් යුනියන් නියෝජිතයා වන MMBL Money Master සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් හට සිය මුදල් ලොව වෙනත් රටවලට හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ඇත. මෙය ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන්…
ශ්රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන ආයතනයක් ද වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය, සිය ඉන්ෆොස්කොල් වැඩසටහන හරහා 100කට අධික පූර්ණ ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරයි. ඉන්ෆොමැටික්ස් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන ඉන්ෆොස්කොල් වැඩසටහන හරහා දිවයින පුරා විසිරී සිටින දක්ෂ සිසුන්…
ශ්රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය තවත් එවැනිම දැවැන්ත පියවරක් තබමින් සුවපත් බවත් සුවදිවි පෙවෙතත් එකට කැටි වූ මෙරට පළමු ජංගම දුරකථන යෙදවුම වන හේමාස් හෙල්ත් ඇප් (Hemas Health App) පසුගියදා හඳුන්වා දෙන ලදි….
හුන්ඩායි ලංකා (පුද්.) සමාගමේ අලෙවියෙන් පසු සේවා අංශයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස, 2019 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සදාත් නසාර් මහතා පත්කර තිබේ. හුන්ඩායි ලංකා යනු මෙරටට හුන්ඩායි රථවාහන ගෙන්වා බෙදාහැරීමේ බලය හිමි එකම සමාගමයි. රථවාහන කර්මාන්තයේ වසර 20 කට අධික පළපුරුද්දක් ලබා ඇති සදාත් නසාර් මහතා වසර 10 කට වැඩි කාලයක් ‘වෝක්ස්වැගන්’ සහ…
සෑම දෙයකම අවශ්‍ය ප‍්‍රමාණය ඉක්මවා ගිය කල සිදුවන්නේ ප‍්‍රතික්‍ෂේප කිරීමකි. ශබ්දය ද එසේමය. එය මිනිසාගේ දෛනික කාර්යයන් සඳහා මෙන්ම, පොදුවේ සමස්ත සමාජයේ ප‍්‍රගමනයට උපකාරී වන අයුරින් භාවිත වන අතර, අධිකව නැඟිම තුළින් ඇතිවන්නේ පීඩාකාරී තත්ත්වයකි. බොහෝවිට මිනිසා විසින් අනවශ්‍ය ශබ්ද ලෙස ප‍්‍රතික්ෂේප කරණු ලබන මෙම අධික වූ ශබ්ද, පොදුවේ අප විසින් හ`දුන්වනු ලබන්නේ ඝෝෂාකාරී ශබ්ද…
සිය ක්‍රෙඩිට් කාඞ් සමුදාය වර්ධනය කරගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පැවැත්වූ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ 2018 අවසාන කාර්තුවේදී බැංකුවෙන් නව ක්‍රෙඩිට් කාඞ්පත් ලබාගත් ගනුදෙනුකරුවන් දස දෙනෙකුට සිංගප්පූරුව වෙත සංචාරය කිරීම සඳහා එක් අයෙකුට ගුවන් ටිකට් පත් දෙකක් දිනාගැනීමේ අවස්ථාව පසුගියදා බැංකුව විසින් ලබාදෙන ලදී. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පැරණි ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට මෙන්ම බැංකුව විසින් දැක්වූ කාල…
ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කාගිල්ස් බැංකුව අතර නව ගිවිසුමක් පසුගියදා අත්සන් තැබීය. එමගින් සංචාරවල නිරත වන ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැලසෙන අතර www.srilankan.com යන වෙබ් අඩවිය ඔස්සේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ දී ඒ සඳහා මුදල් ගෙවීම්, කාගිල්ස් බැංකු ශාඛා සහ කාගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැල්වලින් සිදු…
Video Story