Featured News

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 09 අවසාන මහා තරඟයේ ජයග්‍රාහකයින් තෝරයි

දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි ක්‍රියාත්මක වන දැවැන්තම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන ලෙසින් සැලකෙන ෆැමිලි සවාරි වැඩසටහනේ 09 වැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීම ජනවාරි මාසයේදී සිදුකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සියළු වියදම් දරමින් ජර්මනිය, ඩුබායි සහ සිංගප්පූරුව වෙත රැගෙන යන රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයින් තෝරාගන්නා ලදී. 2016 වැඩසටහනේ සුපිරි ත්‍යාගය ලෙස රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයින් වෙත…

(0)Comments | February 5, 2016 7:30 am

JAT සමාගම හරිත නාම තුනකින් පිදුම් ලද මෙරට ප්‍රථම සමාගම බවට පත් වෙයි

නවීන ගොඩනැගිලි සහ ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය තවදුරටත් පිළිබිඹු කරමින් JAT Holdings සමාගම වරලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ (CIOB) හරිත නාම තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අනුව, හරිත නාම තුනක් හිමිකර ගත් මෙරට එකම සමාගම JAT Holdingsසමාගමයි. “මිහිකත පළමුව” යන උත්තම ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාවට නංවමින්, සිය ළෙන්ගතු පාරිභෝගික ජනතාව ද තිරසාරත්වය වෙනුවෙන් දායක කර ගන්නා…

(0)Comments | February 5, 2016 3:15 am

උසස් පෙළ ඉහළින්ම සමත් වුවන්ට ජනපති අතින් සිංගර් X Series Intel Sixth Gen ලැප්ටොප් පිරිනමයි

2015 වසරේ උසස් පෙළ ඉහළින්ම සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 21 දෙනෙකුට සිංගර් XSeries ලැප්ටොප් 21 ක් ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පසුගියදා පිරිනැමිණ. මෙම ලැප්ටොප් පිරිනැමීමේ අවස්ථාව පසුගියදා පැවති අතර මෙහිදී දිවයිනේ ඉහළ දක්ෂතා දැක්වු සිසුන් වෙත මෙම පරිගණක ප්‍රදානය කෙරිණ. මෙම අවස්ථාවට සිංගර් ශ්‍රීලංකා සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පිරීස් මහතා, මුල්‍ය අධ්‍යක්ෂ ලලිත්…

(0)Comments | February 4, 2016 6:18 am

SLIIT, ඩීකින් විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහන් පෙළට සත්කාරකත්වය ලබාදේ

ලොව පුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක් සමග හවුල්කාරීත්වය ගොඩනගාගෙන තිබෙන SLIIT උසස් අධ්‍යාපන ආයතනය මෙරට සිසුන්ට ජාත්‍යන්තර තලයේ ඉගෙනුම් අත්දැකීම් හිිමිකරගැනීමේ අවස්ථාව හිමිකරදෙයි. SLIIT උසස් අධ්‍යාපන ආයතනය මේ වනවිට විදෙස් විශ්වවිද්‍යාල 20 කට අධික ප‍්‍රමාණයක් සමග හවුල්කාරීත්වය ඇතිකර ගැනීමට සමත් වී ඇත. මේ හවුල්කාරීත්වය ඔස්සේ පසුගියදා මෙරට දී පැවති Outbound Mobility වැඩසටහනට ඕස්ටේ‍්‍රලියාවේ ඩීකින්…

(0)Comments | February 3, 2016 6:21 am

දැකුම්කළු Wanderlust විලාසිතා එකතුව සමඟ ඔඩෙල් 2016 වසරට වර්ණවත් ආරම්භයක් ගෙනෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් තවත් වසරක් සඳහා සිය නවතම වසන්ත විලාසිතා එකතුව එළිදක්වා තිඛෙන අතර සිත් ඇඳ බැඳ ගන්නා මනස්කාන්ත වර්ණ රටා වලින් හා විලාසිතා වලින් මෙම ඇඳුම් එකතුව පොහොසත් වේ. පෙබරවාරි 01 වනදා නිළ වශයෙන් එළිදැක්වූ මෙම විලාසිතා එකතුව සඳහා තේමාව වන්නේ Wanderlust යන්නයි. ජාත්‍යන්තර තත්ත්වයේ විවිධත්වයකින් යුතු මෙම විලාසිතා එකතුව…

(0)Comments | February 3, 2016 4:16 am

SLITAD සම්මාන උළෙලේදී CDB රනින් දිදුළයි

මෙම වසර පුරා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය හිමිකරගත් ජයග‍්‍රහණ අතරට තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් එක්කරමින් ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය මගින් සංවිධානය කළ SLITAD සම්මාන උළෙලේදී රන් සම්මානය දිනාගැනීමට CDB ආයතනය සමත්විය. CDB ආයතනය මෙම වසර පුරා හිමිකරගත් සුවිශේෂී ජයග‍්‍රහණ තුළින් මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ මෙන්ම ආයතනික ක්ෂේත‍්‍රය තුළ ද ඔවුන් සතු…

(0)Comments | February 3, 2016 3:23 am

CAL Online – ශ්‍රී ලංකාවේ ගනුදෙනුවල නව යුගයක උදාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පූර්ණ සේවා ආයෝජන බැංකුවක් වන සීමාසහිත කැපිටල් එලායන්ස් (CAL), ශ්‍රී ලංකාවේ මුල්‍ය වෙළඳපොළ තුල නව පිටුවක් දිගහැරීමට සැරසෙයි. අද ලෝකයේ ජනතාවට සිය ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක උපාංග හරහා කළ නොහැකි දෙයක් නැති තරම්ය. තම ඊ- තැපෑල පරීක‍ෂා කිරීමේ සිට, සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වී සිටීම සහ නගරයෙන් පිටත සිටින විට…

(0)Comments | February 2, 2016 8:30 am

අන්තර්ජාල අධ්‍යයන පැකේජ තුළින් www.guru.lk වෙබ් අඩවිය බැංකු විභාගවල ඉහළ සමත් ප්‍රතිශතය වාර්තා කරයි

අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය වන www.guru.lk විසින් බැංකු විභාග වෙනුවෙන් සූදානම්වීම සඳහා හඳුන්වා දුන් අන්තර්ජාල අධ්‍යන පැකේජ භාවිතා කළ සාමාජිකයින් ඉහළ ප්‍රතිශතයක් සමත්වී ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම අධ්‍යන පැකේජ භාවිතා කළ සාමාජිකයින්ගෙන් සුවිශේෂී ප්‍රමාණයක් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) විසින් 2015 සැප්තැම්බර් මාසයේදී පැවැත්වූ Intermediate…

(0)Comments | February 2, 2016 8:16 am

MA’s කුකින් ස්ටුඩියෝ ඉවුම් පිහුම් වැඩසටහන සමගින් වැඩබිමට නව වෙනසක්

‘‘ආහාර විශ්වීය භාෂාවක් ලෙස හැඳින්වීමට හැකියි. සාමූහිකත්වය හා ඉවුම් පිහුම් යනු එකිනෙක හා ගැළපෙන අදහස් දෙකක්. මේ දෙකින්ම වෙන්නේ මිනිසුන් එකිනෙකා හා එක්කාසු කිරීමයි.’’ Ma’s Foods සමාගමේ සන්නිවේදන කලමනාකාරිනී හා මුළුතැන්ගේ ත්‍රෛයිමාසික සඟරාවේ සංස්කාරකවරිය වන සාරා ද අල්විස් මහත්මිය එසේ පැවසුවේ, ආයතනයක සේවකයින්ට සතුටු වීමට, නව අභියෝග සාර්ථකව නිමා කිරීමට මෙන්ම රසවත් ආහාර පිළියෙල කරගන්නා…

(0)Comments | February 1, 2016 11:07 am

කොමර්ෂල් බැංකුවේ නවතම සුපිරි වෙළඳසැල් බැංකු ශාඛාව දෙල්ගොඩ ලාෆ්ස් සුපිරි වෙළඳ සැලට

දෙල්ගොඩ, නව නුවර පාරේ අංක 328 A දරණ ස්ථානයේ පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳසැල තුළ සුපිරි වෙළඳසැල් බැංකු ඒකකයක් විවෘත කරමින් කොමර්ෂල් බැංකුව බියගම ප්‍රදේශයට සපයන සේවාව තවත් පුළුල් කිරීමට කටයුතු කර තිබේ. දිනපතා උදෑසන 9.30 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතව තැඛෙන මෙම නව ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) පිහිටුවා තිඛෙන අතර මෙය ශ්‍රී ලංකාවේ 247…

(0)Comments | February 1, 2016 6:44 am