Top News

කොළඹ කොටස් වෙළෙඳපොළ – 2017 අවලෝකනය

2017 අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 2.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. 2016 වසරේ දී සියයට 9 ක් ඉක්මවූ කඩා වැටීමකින් පසු, යළිත් වරක් කොටස් වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවක් මේ වන විට පෙනෙන්නට තිබේ. මීට අමතරව මෙතෙක් ඉතිහාසයේ තනි වසරක් තුළ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වූ ඉහළම…

(0)Comments | January 2, 2018 12:09 am

සිතා මතා හානි කරන ලද මුදල් නෝට්ටුවලට අද සිට වෙන්න තිබුණු දේ

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කරගැනීමට දී තිබූ කාලසීමාව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් මහජනතාව මුහුණ දෙමින් සිටින අපහසුතාවයන් මෙන්ම අති විශාල මහජන ඉල්ලීම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්,…

(0)Comments | January 1, 2018 2:34 pm

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය ක්‍රම (GSP) වැඩසටහන පිළිබඳ කරුණු පැහැදිලි කිරීම

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය ක්‍රම (ජීඑස්පී) වැඩසටහන යටතේ, නම් කරනු ලැබූ ප්‍රතිලාභී රටවල් සහ භූමි ප්‍රදේශ 120 කට තීරු බදු රහිතව එරටට භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව හිමිවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් 1974 වෙළෙඳ පනත මගින් මෙම වැඩසටහන බලාත්මක කරනු ලැබූ අතර 1976 ජනවාරි 01 වැනිදා සිට එය ක්‍රියාත්මකවීම ඇරඹිණි….

(0)Comments | December 30, 2017 12:12 pm

ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණයක්

ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514 ක්) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ  රජය එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. යෝජිත ව්‍යාපෘතිය මඟින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරී ලීටර් 4,500ක් පමණ…

(0)Comments | December 29, 2017 11:00 am

අපනයන මත්ස්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක්

යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු 2017  නොවැම්බර් මස  අග වන විට ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක කැපී පෙනෙන වර්ධනයක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මේ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර්…

(0)Comments | December 29, 2017 10:56 am

පර්පචුවෙල් ගැන වැදගත් තීරණයක් ලබන සතියේ

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශවයක් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග, එළඹෙන සතියේ දී මුදල් මණ්ඩල හමුවීමෙන් පසුව තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 2017 ජූලි 06 දින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය මාස 06 ක කාලයකට අත්හිටුවූ අතර එළඹෙන සතියේ දී එම කාලසීමාව…

(0)Comments | December 28, 2017 5:04 pm

රුපියල ශක්තිමත් කරන්න IMF හා හම්බන්තොට වරාය සහාය වෙයි

2017 දෙසැම්බර් මස දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකමෙහි සිව්වන වාරිකය ලැබීම සහ හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු පැවරීම වෙනුවෙන් ලද ලැබීම් ගෙවුම් තුලනය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2017 වසරේ 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත්කරමින් මහබැංකුව මේ බව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අද (28) පැවති…

(0)Comments | December 28, 2017 3:33 pm

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වා ගැනීම යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. 2017 වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් අද උදෑසන මහ බැංකුව මේ බව කියා සිටියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7.25 සහ සියයට 8.75…

(0)Comments | December 28, 2017 10:20 am

2018 ජනවාරි 01 සිට මත්පැන් බලපත්‍ර ගාස්තු අඩුවෙන හැටි

සුරා බදු ආඥාපනත යටතේ සිදුකරනු ලබන වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කරනු ලබන බව 2017 දෙසැම්බර් 11 දින අංක 2049/4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කර සිටී. මෙම නව සංශෝධනයන්ට අනුව ස්කාගාර බලපත්‍ර, නිෂ්පාදකයින්ගේ තොග වෙළෙඳ අරක්කු/ බියර්/ විදේශීය මත්පැන් බෙදාහැරීමේ බලපත්‍ර, රා බෝතල්ගත කිරීමේ බලපත්‍ර, විනාකිරි…

(0)Comments | December 28, 2017 7:38 am

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න රනිල් සමඟ සෘජුව සම්බන්ධ වෙන්නේ මෙහෙමයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සෘජුව සම්බන්ධ වී, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාවක් දැන් උදා වී තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා සම්බන්ධ වීමෙනි. ‘රනිල් සමඟ සම්බන්ධ වන්න මෙහි ක්ලික් කරන්න‘ යනුවෙන් ඡායාරූපයක් එහි දිස්වන අතර එය ක්ලික් කිරීමෙන් පරිශීලකයාගේ තොරතුරු ඇතුළත් කිරීමේ පිටුවක් විවෘත වේ. එහි අදාළ තොරතුරු පිරවීමෙන් අනතුරුව…

(0)Comments | December 28, 2017 7:37 am