ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැඟිලි සංකීර්ණය අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලේ මූල්‍ය සහාය සහිතව රුපියල් මිලියන 7,978ක මුළු ආයෝජනයක් යටතේ මඩකලපුව, පිල්ලෙයාරඩි ප්‍රදේශයේ අක්කර 50ක භූමිභාගයක් තුළ ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන ගොඩනැඟිලි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන…
පසුගිය දා විවෘත කරන ලද කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙතින් 138 හෝමාගම-පිටකොටුව බස් රථ ගමන් ආරම්භ කිරීමත් සමඟම හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළේ සිට 138 මාර්ගයේ ගමන් කරන මගීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. මීට හේතු වී ඇත්තේ මෙතෙක් හෝමාගම ප්‍රධාන බස් නැවතුමේ සිට ගමන් අරඹන ලද 138 හෝමාගම-පිටකොටුව බස් රථ ඇණියෙන් බස් 12 ක්, මාකුඹුර…
දෙවන පෙල නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවන් සඳහා ණයකර නිකුත් කිරීමේ දී මහජන බැංකුවට රජය විසින් ඇපවීමකින් තොරව ණයකර නිකුත් කිරීමට බලය ලැබෙන පරිදි සහ මහජන බැංකුවේ වර්තමාන අනුමත කොටස් ප්‍රාග්ධනය වන රුපියල් බිලියන 01 ක කොටස් ප්‍රාග්ධනය රුපියල් බිලියන 50 ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට…
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය දැනට පවතින පරිශ්‍රයේම කාමර 48කින් යුත් නාගරික කුඩා සුඛෝපභෝගී හෝටලයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,288.7 ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව…
රට හමුවේ ඇති ආර්ථික සහ සමාජ අභියෝග ජය ගැනීමේ දී දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා රටේ උගතුන්ගේ සහ විද්වතුන්ගේ මැදිහත්වීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බව ජනාධිපතිතුමා පවසයි. එබැවින් ජාතිය හමුවේ ඇති අභියෝග ජය ගැනීමට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ එකතුවක් රටට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ “INNOVATE SRI LANKA 2019” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර…
කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ඉදවන ලද පළතුරු සොයා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී තිබේ. මේ වන විට කෙසෙල්වල කාබයිඩ් තිබේදැයි යන්න සෙවීම සඳහා මෙම දුරකතන යෙදවුමෙන් හැකියාව පවතින බවත් ඉදිරියේ දී අඹ සහ ගස්ලබු පළතුරු සඳහා යොදා ගැනීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන…
ප්‍රදීප් අමිර්තනායගම් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර ඇත. අමිර්තනායගම් මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ අධිශිෂ්‍යත්වලාභියෙකි. ජනමාධ්‍ය, ප්‍රචාරන හා පරිපාලන ක්ෂේත්‍රයේ වසර 30 කට අධික අත්දැකීම් ඇති ඒ මහතා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ජාතික ගුවන් විදුලිය යන ආයතනයන් හි ප්‍රවෘත්ති නිවේදකයෙකු හා විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු…
එළඹෙන අප්‍රේල් 15 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වන අප්‍රේල් 14 වනදා ඉරිදා දිනයක් වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට රජය විසින් පියවර ගෙන තිබේ. මේ අතර 2019 අප්‍රේල් 14 සිංහල හා දෙමළ අලුත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල අද (02) දින රු. 172.8204 ක් ලෙසින් සටහන් විය. 2018 නොවැම්බර් 12 න් පසු ඩොලරයේ ගැණුම් මිල රු. 173 ට පහළින් දැක්වුණු පළමු අවස්ථාව මෙය වේ. මේ අතර අද (02) දින ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රු. 176.6648 ක් වශයෙනි. මීට…
සිය සමාගම විසින් සිදුකරනු ලබන ව්‍යාපෘති වෙනුවෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාද වීම හේතුවෙන් 2019 මාර්තු 31 දින වන විට ගෙවිය යුතු ණයකර පොළී මුදල්, ගෙවීමට නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බව MTD Walkers PLC පවසයි. මෙහිදී වැඩිදුරටත් සමාගම කියා සිටින්නේ රජයේ ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදල් ප්‍රමාද වීම හේතුවෙන් මෙම අර්බුදයට මුහුණ පෑමට සමාගමට සිදුව…
Video Story