Top News

නේෂන් ලංකා ෆිනෑන්ස් ගැන මහ බැංකුව තීරණයක් ගනී

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද විධාන සහ නීති ගණනාවක් අඛණ්ඩ ව කඩ කරමින්/පටහැනි ව ක්‍රියා කරමින් පැවතුණි. තව ද, ප්‍රාග්ධණ ඌණතාව, වත්කම්වල අඩු ගුණාත්මක බව, අඛණ්ඩ අලාභ ලැබීම් සහ කල්පිරුණු විට දී…

(0)Comments | July 4, 2025 10:55 am

වසරේ ගත වූ කාල සීමාව තුළ ට්‍රිලියනයක් ඉක්ම වූ ආදායමක් රේගුවට

ජූලි 3 වන දිනෙන් අවසන් වූ වසරේ ගත වූ කාල සීමාව තුළ රුපියල් ට්‍රිලියනයක් ඉක්ම වූ එනම් රුපියල් බිලියන 1000ක් ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. ඊයේ (3) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියේ ය. ඒ අනුව මෙම වසරේ දී රජය ලබාදී ඇති…

(0)Comments | July 4, 2025 10:24 am

ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබේ. කෙසේවෙතත් මෙම නිරද්‍ය නොවන තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා බලධාරීන් අතින් චේතනාන්විතව සිදුවී නොමැති බව පවසන මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසන්නේ ඒ…

(0)Comments | July 4, 2025 7:18 am

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා පරිවර්තනීය මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් දියත් කරයි

2025 ජූලි මස 03 වන දින, ශ්‍රී ලංකා මහ බැංකුව “මූල්‍ය සාක්ෂරතාවෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ පුළුල් දැක්ම හා සමගාමී ව ශ්‍රී ලංකා මූල්‍ය සාක්ෂරතා පෙර දැක්ම[1] යටතේ පරිවර්තනීය මුලපිරීම් කිහිපයක් දියත් කරමින් සිය මූල්‍ය අන්තර්ගතභාවය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. මෙම මුලපිරීම් මගින් මහජනතාවට නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට හා තිරසර ආර්ථික…

(0)Comments | July 4, 2025 6:38 am

හංගේරියාව සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබයි

හංගේරියානු අපනයන ණය රක්ෂණ  පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම…

(0)Comments | July 3, 2025 2:51 pm

Ali express තීරණය ගැන නි. ඇමති චතුරංග මෙසේ කියයි

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වී තිබූ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය මේ වන විට වෙනස් කර ඇති බවයි. මින් පෙර බර කිලෝ 1ක…

(0)Comments | July 3, 2025 1:04 pm

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතයි

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ මෑතකදී පනවා ඇති රේගු බදු ප්‍රතිසංස්කරණ වලින් පසුව, AliExpress විසින් පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට අඩු වියදම් නැව්ගත කිරීමේ ක්‍රම (low-cost shipping methods)  කිහිපයක් නිල වශයෙන් නවතා දමා ඇති බව වාර්තා වෙයි. AliExpress විසින් සිය විකුණුම්කරුවන් වෙත යොමුකර ඇති නිවේදනයක සඳහන් වන්නේ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වෙත 2025 ජූලි 7 වන…

(0)Comments | July 3, 2025 11:43 am

ගිණුම් හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වන බව බැංකු අවධාරණය කරයි

පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. තවද, මෙයට සම්බන්ධ සහන කාලය දැනට අවසන් වී ඇතත් පුළුල් ලෙස පරාටේ නීතියට අදාල ක්‍රියාමාර්ග…

(0)Comments | July 3, 2025 10:49 am

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ ශ්‍රීලංකන් ගුවන් සේවයයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීමේදී ගුවන් සේවා අංශයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගනිමින් “වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය (The Most Loved Brand in the Aviation Sector)” ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. මෙම ඇගයීමත් සමග සුහදශීලී ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය, පුළුල් ගුවන් ගමන් ජාලය, සෘජු ගුවන් ගමන් සහ…

(0)Comments | July 3, 2025 10:32 am

E-8 වීසා යටතේ කොරියාවේ කෘෂි හා ධීවර රැකියා

කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම සඳහා කොරියානු ජනරජයේ උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සාකච්ඡා පවත්වා ඇත. කොරියානු ජනරජයේ යොන්ග්වෝල් පළාත්…

(0)Comments | July 2, 2025 4:47 pm