Top News

කළම්බු ඩොක්යාර්ඩ් සමාගමේ කොටස් මිල 62%කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයෙහි ඉහළ වර්ධනයක් අද (02) දින දක්නට ලැබුණු අතර නව වාර්තාවක් ද සමඟින් නැවත වරක් සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට අද සමත්විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.06කින් ඉහළ ගොස් ඒකක 18,141.79ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 19.15කින් ඉහළ…

(0)Comments | July 2, 2025 4:39 pm

‘Starlink’ දැන් ශ්‍රී ලංකාවේ, ඊලොන් මස්ක් තහවුරු කරයි

‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ “X” ගිණුමෙහි සටහනත් තබමින් පවසයි. සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 වනදා කටයුතු කළේය. ශ්‍රී…

(0)Comments | July 2, 2025 12:31 pm

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක්

රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම සඳහා ඍජු ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලංසුවක් ලබා ගැනීම පිණිස 2024‑10‑14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලංසුවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ලංසු ඇගයීම්…

(0)Comments | July 2, 2025 12:15 pm

2026 අයවැයට දින නියම වෙයි

“නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම” යන තේමාව පදනම් කර ගනිමින් 2026-2030 රාජ්‍ය මූල්‍ය රාමුව හා රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ ජාතික ප්‍රතිපත්ති රාමුව වන ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට අපේක්ෂිතය. 2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී ජාතික ප්‍රතිපත්ති…

(0)Comments | July 2, 2025 12:12 pm

138,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ජුනි මාසයේ දිවයිනට

2025 ජුනි මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 138,241ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,168,044ක් ලෙසයි. පසුගිය වසරේ ජුනි මාසයේ මෙරටට පැමිණ ඇත්තේ 113,470ක සංචාරකයින් පිරිසක් පමණි. ඒ හා සැසඳීමේ දී 2025 ජුනි…

(0)Comments | July 2, 2025 10:21 am

City of Dreams විවෘත කිරීමට ෂාරුක්ගේ පැමිණීම නිල වශයෙන් නිවේදනය කරයි

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී 2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බොලිවුඩ් හි කිං ඛාන් ලෙස හැඳින්වෙන සුපිරි නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. බොලිවුඩ්…

(0)Comments | July 2, 2025 9:59 am

ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ආයෝජන අවස්ථා සොයා බැලීමට මෙරටට

ආයෝජන වලදී සිදු වූ දූෂණය පිළිබඳ අමිහිරි අත්දැකීම් තවත් නැහැ – ජනපති පවසයි ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති. පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා…

(0)Comments | July 2, 2025 9:24 am

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන සමාලෝචනයට IMF විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ (EFF) සිව්වන සමාලෝචනයට ඊයේ (01) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 350ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමි වන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මෙරටට ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය…

(0)Comments | July 2, 2025 8:24 am

දැවැන්ත කොටස් ගනුදෙනුවකින් පසු අද පිරිවැටුම රු. බිලියන 7.6 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (01) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගත් අතර රු. බිලියන 7.63 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. ප්‍රධාන වශයෙන් LOLC ෆිනෑන්ස් සමාගමේ සිදුවූ කොටස් ගනුදෙනුවක් අද දින මෙලෙස ඉහළ පිරිවැටුමක් වාර්තා වීමට හේතුවී තිබුණි. එහිදී LOLC ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 550ක්, කොටසක් රු. 6.00 බැගින් හුවමාරු වී තිබුණු අතර…

(0)Comments | July 1, 2025 4:37 pm

හෙළකුරු මීළඟ පිම්ම, Helago අද සිට

හෙළකුරු Superapp හි තවත් පෙරළිකාර ඇරඹුමක පළමු පියවර ලෙස Helago නමින් ride-hailing ප්‍රවාහන සේවාවක් දියත් කිරීමට ඔවුන් අද (01) සිට පියවර ගෙන ඇත. සිංහල යතුරුපුවරුවක් ලෙස ඇරඹි හෙළකුරු, මේ වන විට මිලියන 4.4 කට අදික පිරිසක් එදිනෙදා සැරිසරන ඩිජිටල් වේදිකාවක් බවට පත් ව ඇති අතරම මෙරට ඇප් එකක් සතු විශාලතම ඩිජිටල් ප්‍රේක්ෂකයින්ගෙන් සමන්විත වන්නේද හෙළකුරු…

(0)Comments | July 1, 2025 3:17 pm