ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජනවාරි මාසයේ දී දර්ශකාංක 75.0ක් දක්වා ඉහළ ගිය අතර, එය 2020 ජූලි මාසයේ දී වාර්තා වූ 75.7ක උපරිම අගයෙන් පසු වාර්තාගත දෙවන ඉහළම අගය වේ. 2026 වසර ආරම්භය සමග නව ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ වීම හා කාලගුණික තත්ත්වය වඩා යහපත් වීම ජනවාරි…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල පහළ යාමක් අද (27) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 47.17 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 74.20 කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,734.06ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,635.97ක් ලෙසත් සටහන්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී පහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී පැවති සියයට 2.3ට සාපේක්ෂව 2026 පෙබරවාරි මාසයේ දී සියයට 1.6ක් ලෙස වාර්තා විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, 2026 ජනවාරි මාසයේ දී වාර්තා වූ…
ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් පැමිණෙන ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (26) පැවති ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය (Sri…
දේශීය පාවහන් සහ සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “FOOTWEAR & LEATHER FAIR 2026” ප්‍රදර්ශනය අද (27) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්සවාකාරයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය (SLFLPMA) මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…
බදු පසු ලාභය ඉතිහාසයේ ඉහළම අගය වන රු. බිලියන 11 දක්වා වර්ධනය විය (2024: රු. බිලියන 9). 2024 වසරේ අන්තර්ජාතික ස්වෛරීය බැඳුම්කර (ISB) ණය ප්‍රතිසංවිධානය හේතුවෙන් ඇති වූ එක්වරක් පමණක් සිදු වූ බලපෑම ඉවත් කළ විට සැසඳිය හැකි පදනමක් මත මෙය දෙගුණයකට ආසන්න වර්ධනයක් නිරූපණය කරයි. ශුද්ධ ණය සහ තැන්පතු, සාමාන්‍යකරණය කළ පදනමක් මත පිළිවෙලින්…
කොළඹ නගරයේ සිදු වූ සුවිශේෂීම දේපළ පවරා ගැනීම්වලින් එකක් Prime Lands Residencies PLC විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමක් හරහා, කොළඹ 7 ඓතිහාසික ඔටර්ස් සමාජයේ රථගාල පරිශ්‍රය පිහිටි දේපළ පවරාගන්නා ලදී. එය මෑත ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවුණු සුවිශේෂීම දේපළ පවරා ගැනීම්වලින් එකක් සනිටුහන් කරයි. මෙම පරිශ්‍රය තුළ, කොළඹ 7 ජීවන රටාවක…
සමූහ වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.0 ඉක්මවයි ඉතිහාසගත ලාභය: මහජන බැංකුව බදු ගෙවීමෙන් පසු මෙතෙක් වාර්තා කළ ඉහළම බදු පසු ලාභය (PAT)වන රුපියල් බිලියන 40.2 ක් වාර්තා කරගනි වත්කම් : මහජන බැංකු සමූහය ඒකාබද්ධ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 4.0 ඉක්මවා යමින් සුවිශේෂ සන්ධිස්ථානයකට ළඟාවෙයි. මෙහෙයුම් ස්ථාවරත්වය: බැංකුව ශක්තිමත් ප්‍රාග්ධනයක් සහ ද්‍රවශීලතාවයක පවත්වා ගෙන ගිය අතර,…
ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය පෙරටු කරගත් අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands සමූහය, මෙරට දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ තනි සමාගමක් විසින් කොළඹ වරාය නගරය තුළ සිදුකරන ලද සුවිශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 40.1ක (ආසන්නව රුපියල් බිලියන 12.5ක) වටිනාකමකින් යුත් අක්කර තුනකට අධික භූමි භාගයක් අත්පත් කරගැනීමට…
Digital Nomad Visa (DNV) පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඊයේ (26) පසුවරුවේ කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” මගී පර්යන්තයේ දී සිදු විය. ඒ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම Digital Nomad Visa පහසුකම හිමිවන්නේ ශ්‍රී ලංකාව තුළ පදිංචිව සිටිමින්, මාර්ගගත ක්‍රමයට විදේශ රටවල ව්‍යාපාර හෝ…
Video Story