Top News

ශ්‍රී ලංකා-බෙල්ජියම් දේශපාලන උපදේශනවල සමාරම්භක සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අවධාරණය කරයි

ශ්‍රී ලංකා-බෙල්ජියම් දේශපාලන උපදේශනවල සමාරම්භක සාකච්ඡාව 2026 පෙබරවාරි 17 වැනි අඟහරුවාදා දින බ්‍රසල්ස් නුවරදී සාර්ථකව පැවැත්වුණු අතර, එය දෙරටේ දිගුකාලීන සම්බන්ධතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, සංවාදය පුළුල් කිරීම සහ නව හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීම සඳහා රජයන් දෙකෙහිම සාමුහික කැපවීම සාකච්ඡාවලින් පිළිබිඹු විය. 2017 දෙසැම්බර් මාසයේදී දේශපාලන උපදේශන සාකච්ඡා පැවැත්වීම සඳහා වන ගිවිසුමට…

(0)Comments | February 19, 2026 12:15 pm

ඇතැම් තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ ආයෝජන වටපිටාව පිළිබඳව කනස්සල්ලෙන් – ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති

ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීම සදහා කිසිඳු අවකාශයක් නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට සූදානම් නමුත් ව්‍යාපෘති නොමැති බැවින් එය සිදු තළ නොහැකි බවයි. ඔහු ඒ බව පවසා ඇත්තේ ඊයේ (19) කොළඹ දී පැවති හමුවක් අතරතුර මාධ්‍යවේදීයෙකු විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි….

(0)Comments | February 19, 2026 9:57 am

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළට. S&P SL20 ඉතිහාසයේ ඉහළම තැනට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද (18) දිනයේ දී දැකගන්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 37.02කින් ඉහළ ගොස් ඒකක 23,919.84ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 41.79කින් ඉහළ ගොස් ඒකක 6,750.50ක් ලෙසින් සටහන් විය. S&P SL20 දර්ශකය ඒකක 6,750 මට්ටමට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද දින ගනුදෙනු පිරිවැටුම…

(0)Comments | February 18, 2026 4:50 pm

මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ‘ගෝලීය දකුණට‘ ඩොලර් බිලියන 50ක AI ආයෝජන

‘ගෝලීය දකුණ’ පුරා රටවල කෘතිම බුද්ධිය (AI) ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මෙම දශකය අවසන් වන විට ඩොලර් බිලියන 50 ක් ආයෝජනය කිරීමට සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. රොයිටර් පුවත් සේවය මේ බව නිවේදනය කර සිටී. ලෝක නායකයින්, ගෝලීය AI දැවැන්තයින් සහ ඉහළ විධායකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI සමුළුව අතරවාරයේ දී අද (18) දින මයික්‍රොසොෆ්ට් සමාගම…

(0)Comments | February 18, 2026 2:56 pm

ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ඊයේ (17) ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරයක නිරත වූවාය. ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සැපිරීම මෙන් ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදු විය. මහ බැංකු පරිශ්‍රයේ පැවති හමුවක දී…

(0)Comments | February 18, 2026 1:10 pm

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගන්නා උත්සාහය IMF කළමනාකාර අධ්‍යක්ෂවරියගේ පැසසුමට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය ඇතුළු දූත පිරිස අතර නිල හමුවක් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ මෑතකාලීන ආර්ථික මෙන්ම ස්වාභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමට රජය දරන උත්සාහය මෙහිදී ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ඇගයීමට ලක් විය. සහයෝගීතාවය සහ ආර්ථික…

(0)Comments | February 18, 2026 12:31 pm

හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කමල් මුණසිංහ Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී තනතුරට

Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස 2026 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කමල් මුණසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. මුණසිංහ මහතා Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඔහුගේ වත්මන් භූමිකාවේ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙම නව භූමිකාව තුළ…

(0)Comments | February 18, 2026 11:34 am

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට මාතරදී විශේෂ සමුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි. මෙම සමුළුව සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට සහ…

(0)Comments | February 18, 2026 10:18 am

IMF කළමනාකාර අධ්‍යක්ෂ ජෝර්ජියේවා, ජනපති අනුර හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. ජනාධිපතිවරයා සිය ඉන්දියානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මෙම හමුව සිදුව තිබේ. මෙහිදී මූල්‍ය අරමුදලේ ප්‍රධානී ජෝර්ජියේවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කරමින්, එහි අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ රට “බොහෝ දුරක් පැමිණ ඇති” බව සඳහන් කළාය. මෙම හමුව…

(0)Comments | February 17, 2026 5:09 pm

යෝජිත ශ්‍රී ලංකා – ජපාන අපනයන කාර්මික කොරිඩෝව ස්ථාපිත කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡා

ශ්‍රී ලංකා – ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා – ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ. ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ…

(0)Comments | February 17, 2026 4:50 pm