Top News

සංචාරක පැමිණීම පන්ලක්ෂය පනී

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ පහේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක දැක්වෙන්නේ 2026 ජනවාරි 01 සිට පෙබරවාරි 22 දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් ප්‍රමාණය 505,751ක් බවයි. එහිදී 2026 පෙබරවාරි 01 සිට 22 දක්වා…

(0)Comments | February 24, 2026 1:15 pm

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71ක වර්ධනයක්

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන සහ මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන පිළිබඳ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව…

(0)Comments | February 24, 2026 10:23 am

2026 ආරම්භයේ දී ජාතික උද්ධමනයේ සුළු පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා පහළ ගොස් ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2025 දෙසැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූයේ 2.9% ක් ලෙසයි. දෙසැම්බර් මාසයේ දී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…

(0)Comments | February 23, 2026 3:42 pm

තුල්හිරිය MAS මෙත්ලිය කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නවතයි

මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු වන MAS Holdings සිය තුල්හිරියේ පිහිටි MAS මෙත්ලිය කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබේ. මේ බව MAS කළමනාකරණය විසින් පසුගිය පෙබරවාරි 19 දින එහි සේවකයින්ට දැනුම් දී ඇති අතර ඒ අනුව මෙතෙක් මෙත්ලිය කර්මාන්තශාලාවේ සිදුකරන ලද ඇඟලුම් නිෂ්පාදන කටයුතු සමූහයේ වෙනත් කර්මාන්තශාලා වෙත ගෙනයාමට කටයුතු කරනු ලබන අද…

(0)Comments | February 23, 2026 12:53 pm

ජාත්‍යන්තර වෙළඳ තරඟකාරිත්වය ඉහළ නැංවීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් විශේෂ පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයන විභවතාවක් ඇති අපනයනකරුවන් උදෙසා “Beyond Borders: Incoterms, Risk Management and Strategies for Competitiveness in International Trade” යන තේමාව යටතේ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ඉදිරි වසර පහ සඳහා වැඩිම දායකත්වයක්…

(0)Comments | February 23, 2026 10:11 am

තිරසාර වෙළඳාම ඉදිරියට ගෙන යමින් ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා Ecolabel හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා පරිසර ලේබල් කිරීම (Ecolabel) හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර වෙළඳාම දියුණු කිරීම පිළිබඳව ඉහළ මට්ටමේ විධායක නිලධාරීන්ගේ සමුළුවක් පසුගියදා (11 ) කොළඹ NH Collection හෝටලේදී පැවැත්විණ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා ජපානයේ ඉකෝ මාක් (Eco Mark) ආයතනයේ සහාය ඇතිව ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය…

(0)Comments | February 23, 2026 9:08 am

‘ට්‍රම්ප් බද්ද’ යළි කරළියට

ගෝලීය වෙළෙඳ ආර්ථිකය වෙත තවත් ආන්දෝලනාත්මක බලපෑමක් ඇති කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ආනයන සඳහා 10%ක නව අතිරේක තීරු බද්දක් අය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ. ආනයන සඳහා ඒකපාර්ශ්විකව තීරුබදු නියම කිරීමට තමාට බලයක් නොමැති බවට ඊයේ (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ආවේගශීලීව ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව…

(0)Comments | February 21, 2026 1:50 pm

පුද්ගලික බස් සේවකයින්ට, App පදනම් කරගත් කුලී රථ රියැදුරන්ට EPF, ETF ගෙවන්න යෝජනාවක්

මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකෙහි වාර්තා ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට  මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු…

(0)Comments | February 20, 2026 6:55 pm

කොටස් වෙළෙඳපොළ අදත් ‘රතු’ වෙයි

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 96.43ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 21.72ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,773.64ක් ලෙසත් S&P SL20…

(0)Comments | February 20, 2026 4:30 pm

ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී (Hyderabad House) සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ආරාධනය පිළිගෙන AI Impact 2026 සමුළුවට සහභාගි වීම පිළිබඳ…

(0)Comments | February 20, 2026 4:21 pm