Top News

CRIB එකේ නම තියෙනවාද, එසේ නම් අනිවාර්යයෙන් බලන්න

1990 විශේෂ පනතක් යටතේ පිහිටුවනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් වන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් සිදුකෙරෙන සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා එහි සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනි මහතා අද දෙරණ Biz 24×7 සමඟින් පසුගිය දා එක්විය. ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, මූල්‍ය හා කල්බදු ආයතන යන මූල්‍ය අංශයට සම්බන්ධ සෑම ආයතනයක්ම මෙහි කොටස්කරුවන් වේ….

(0)Comments | October 16, 2017 2:31 pm

ධම්මික පෙරමුණට එයි

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් පීඑල්සී, LMD 100 ව්‍යාපාර වර්ගීකරණයේ පළමු ස්ථානයට පැමිණ තිබේ. ඒ 2016/17 වසර සඳහා සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. පසුගිය වසරේ දී දෙවන ස්ථානයේ සිටි හේලීස් පීඑල්සී මෙවර පළමු ස්ථානයට පැමිණියේ එවර පළමු ස්ථානයේ වැජඹි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී දෙවැනි තැනට පත්කරමිනි. පසුගිය…

(0)Comments | October 16, 2017 12:18 pm

වසරේ මහ බැංකු අධිපති ශ්‍රී ලංකාවෙන්

දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කර ඇත. ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික ප්‍රකාශනයක් වන Global Capital විසින් මෙම නම් කිරීම සිදුකර තිබේ. මෙහිදී Global Capital විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙලෙස නම් කිරීම සඳහා ‘Cool, calm and collected approach to central banking’…

(0)Comments | October 16, 2017 11:43 am

විදේශ විනිමය පනත 01 සිට ක්‍රියාත්මකයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 01 වන වගන්තිය මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පනතේ නියමයන් 2017 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබේ. පසුගිය ඔක්තෝබර් 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2014/43 දරන අති විශේෂ ගැසට් නිවේදනය…

(0)Comments | October 16, 2017 10:57 am

කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 18 ක්

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) මඟින් කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇ.එ.ජ.ඩොලර් මිලියන 18 අමතර ණය මුදලක් ලබා දෙයි. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක…

(0)Comments | October 16, 2017 10:49 am

නිව්යෝර්ක් ආයෝජන සමුළුව අදයි

කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව එක්ව සංවිධානය කරනු ලබන “Invest Sri Lanka Investor Forum” ආයෝජන සමුළුව අද (16) දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර Sofitel හේටලයේ දී ආරම්භ වීමට නියමිතය. මෙම සමුළුවේ ප්‍රධින දේශනය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා…

(0)Comments | October 16, 2017 10:09 am

ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 700ක්

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා Millennium Challenge Corporation හි යුරෝපීය, ආසියා ශාන්තකර හා ලතින් අමෙරිකානු රටවල් සඳහා වන උප සභාපතිනී ෆාතිමා සුමර් මහත්මිය පසුගියදා හමු විය. එහි දී ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ…

(0)Comments | October 14, 2017 3:28 pm

මුදල් හා ජනමාධ්‍ය ඇමැති පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍ය හමුවට එක්වෙයි

මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට පසුගියදා සහභාගී විය. ලොව රටවල් 52ක විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ මෙවර සභාපතීත්වය දරන්නේ කැනඩාවයි. විවිධ රටවල විවිධ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ හමුව විධිමත් වේදිකාවකි….

(0)Comments | October 14, 2017 3:16 pm

එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයි

රජයේ සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවිකරුවෙකු වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ 2017 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන ඊයේ (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවන්ට අනුව 2016 ජූනි 30 වන විට රුපියල් මිලියන 16,401.07 ක්ව පැවති සමස්ත වත්කම් ප්‍රමාණය 2017 ජූනි 30 වන විට රුපියල් මිලියන 753.97 දක්වා පහළ ගොස්…

(0)Comments | October 13, 2017 4:14 pm

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට එන අන්තර්ජාතික සිසුන්ට ලබන වසරේ සිට අලුත් නීතියක්

SBS – 2018 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වෙත පැමිණෙන අන්තර්ජාතික සිසුන් හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන නවතම ප්‍රමිතීන් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අද අනාවරණය විය. ටස්මේනියාවේ හෝබාට් නුවර දී පැවැත්වුණු අධ්‍යාපනික සමුළුවකදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham මේ බව පැවසීය. එම ප්‍රමිතීන් ඔස්ට්‍රේලියාවේ උපාධි පාඨමාලාවලට පමණක්…

(0)Comments | October 13, 2017 12:06 pm