නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය අවස්ථාවන්හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට වර්තමානයේදී නියම කෙරෙන දඬුවම රුපියල් 1,000/-කට නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීම වේ. වර්තමාන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම දඩය රුපියල් 100,000/-ක් දක්වා වැඩි කිරීමට…
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 02 සඳහා අවශ්‍ය කෙටි රෝද කෲ කැබ් රථ 50ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 185.6ක මුදලකට සතොස මෝටර්ස් පී.එල්.සී. ආයතනය වෙතද, දිගු රෝද කෲ කැබ් රථ 15ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 56.5ක…
පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන විවිධ බදු හා ගාස්තු පිළිබඳව ජාතික මට්ටමේ සමාලෝචනයක් සිදු කිරීම සඳහා සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. අදාළ කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. පළාත් පාලන…
මෙරට රා නිෂ්පාදනය නියාමනය කිරීමේ අරමුණින්, කිතුල් ගස් හැර රා මැදීමට යොදා ගනු ලබන පොල් හා තල් ගස්වලින් රා මැදීම සඳහා බලපත්‍ර ලබාගත යුතු බවට විධිවිධාන සලසමින් සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය…
ඊයේ (10) දිනයේ දී HVA Foods PLC සමාගමේ කොටස් මිල කැපී පෙනෙන ලෙස ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු වෙළෙඳපොළ ආවේක්ෂණ හා ආයතනික සබඳතා අංශය විසින් HVA Foods PLC වෙතින් කරුණු විමසීමක් කර තිබේ. ඊයේ දිනය තුළ රු. 6.20 සිට රු. 8.10 දක්වා HVA Foods PLC කොටස් මිල වැඩි වී තිබිණි. මේ සම්බන්ධයෙන්…
Serene Holdings හි අනුබද්ධ සමාගමක් වන The Golden Crown Hotel Pvt. Ltd හිමිකාරීත්වය දරනු ලබන නවතම තරු පහේ සුඛෝපභෝගී හෝටලය වන The Golden Crown Hotel තව නොබෝ දිනකින් මහනුවර දී විවෘත වීමට නියමිතය. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආයෝජනයකින් ඉදි වූ මෙම සුපිරි හෝටල් සංකීර්ණය කාමර 90 කින් හා 2,000 කට වැඩි…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී නෞකා සේවාවන් ආරම්භ කිරීම මඟින් දෙරටෙහි ජනතාව අතර සමීප සබඳතාවන් ඇති කරගැනීමටත්, සංස්කෘතික හා ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමටත්, වෙළඳ- සංචාරක හා නව රැකියා අවස්ථා ප්‍රවර්ධනය කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, කොළඹ හා තූත්තුකුඩිය (Tuticorin) අතර මගී ප්‍රවාහන නෞකා සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීම (EOI)…
උක් වගාබිම්වල ඵලදායිතාව වර්ධනය කරමින් සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පැල්වත්ත සීනි කර්මාන්තායතනය ආශ්‍රිත උක් වගා බිම් ප්‍රදේශවල රජයේ හා එම සමාගමේ මූල්‍ය දායකත්වයෙන් වාරි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ වැව් 13ක් හා ඇළ මාර්ග වැඩිදියුණු කිරීමටත්, අලුතින් ඇළ මාර්ග, ජල පොකුණු හා නළ ළිං ඉදි කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි…
ඔක්තෝම්බර් 14දාට යෙදෙන ලෝක ප්‍රමිති දිනයට සමඟාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම සතිය ඊයේ (09) සිට ලබන 15දා දක්වා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ජාතික තත්ත්ව සතිය පිළිබඳ ව දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ එම ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට…
2017 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2.3% කින් පහළ ගොස් තිබේ. 145,077 ක සංචාරකයින් පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති අතර 2016 සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රමාණය 148,499 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අනුව 2017 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින්ගේ ගනන…
Video Story