හම්බන්තොට වරාය ගනුදෙනුව මෙරට ආර්ථිකයට විශාල ධනාත්මක බලපෑමක් ඉටුකරනු ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (24) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටි අතර එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “මේ ගනුදෙනුව නිසා අපේ විදෙස් සංචිත හොඳ මට්ටමකට පැමිණෙනවා. ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල…
අද (24) දින සිට ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීම සඳහා මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම නිසා නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මෙසේ පැවසීය. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “අපි සාධක ගණනාවක් වෙත අවධානය…
අද දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) 7% සිට 7.25% දක්වා ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.5% සිට 8.75% දක්වා ද ඉහළ දමා ඇත. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (SRR)…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,979.85 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 16.80 ක හෙවත් සියයට 0.28 ක පහළ යාමකි. 2016 මාර්තු 15 දිනෙන් පසු වාර්තා වූ අවම සියලු කොටස් මිල දර්ශක අගය ලෙස මෙය වාර්තා වේ. දිනය අවසානයේ දී S&P…
මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි නිවාසවල බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය මඟින් සපුරාගැනීම දිරිමත් කිරීම සඳහා වන සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එහෙත් මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 40%කගේ පමණ මාසික විදුලි බිල රුපියල් 300/-ට වඩා අඩු බැවින්, එම වැඩසටහන වඩා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ ණය පොලී සහනය මුලින්…
ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ වෙත හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදකයින් ගණනාවක්ම අසීරුතාවයට පත්ව ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. මරුති සුසුකි, රෙනෝල්ට්, නිසාන් සහ බජාජ් වාහන නිෂ්පාදකයින්ගේ මෝටර් රථ අලෙවිය මේ හේතුවෙන් පහළ ගොස් ඇති බව එහි වැඩිදුරටත් වාර්තා වේ. මීට පෙර මෝටර් රථ සඳහා එහි වටිනාකමෙන් සියයට 70…
ලංකා සෙරමික් පීඑල්සී හා ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එම සමාගම් හි සභාපති ධුර සඳහා පත්කරනු ලැබූ බව අදාළ සමාගම් වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරයා වන පී.ඩබ්. කෝපරේට් සෙක්‍රෙට්රියල් (පුද්) සමාගම දන්වා සිටී. 2017 මාර්තු 15 වන දින සිට අදාල පත්කිරීම බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත්…
2017 වසර සඳහා සිදුකරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (24) උදෑසන 7.30 ට ප්‍රකාශයට පත්කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙවර විවරණය තුළින් මුදල් ප්‍රතිපත්තියේ දැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. මේ අනුව පොළී අනුපාතිකවල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි….
2016 වසරේ අයවැය යෝජනා අනුව, දැනට පවතින දේශීය ආදායම් පනත සරල සහ නව්‍යකරණය කිරීමේ අරමුණින් නව දේශීය ආදායම් පනතක් හඳුන්වාදීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. යෝජිත නව පනත මඟින් පුළුල් බදු සහන ලබා දෙනු වෙනුවට ආදායම් මූලාශ්‍රවලට අදාළ නීති රීති පුළුල් කර බදු පදනම පුළුල් කිරීමටත්; බදු ගෙවන්නාගේ ආරක්ෂාව ඉහළ නංවාලමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන…
ලංකා ඔරික්ස් ලීසිං සමූහයේ (LOLC) සභාපති රාජා නානායක්කාර මහතා පසුගිය අඟහරුවාදා (21) සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට නානායක්කාර මහතා 77 වැනි වියෙහි පසුවිය. මෙරට මෝටර් රථ ආනයන කර්මාන්තයේ ප්‍රමුඛ ආයතනයක් වූ ඉෂාර ට්‍රේඩර්ස් හි නිර්මාතෘවරයා වූ ඔහු ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සමාරම්භක සභාපතිවරයා ද විය. ඉෂාර වැවිලි (පුද්) සමාගම, ඉෂාර ප්‍රොපර්ටි…
Video Story