කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කොටස් ගනුදෙනු පසුගිය අප්‍රේල් 12 වන බදාදා නිමාවට පත්වූයේ දීර්ඝ සතිඅන්තයක එළඹීමත් සමඟිනි. එදින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,402.99 ක් ලෙසින් වාර්තා වූ අතර 2017 වසරේ දී තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ උපරිම වර්ධනය ද මෙදින වාර්තා විය. ඒ ඒකක 97.45 ක් හෙවත්…
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුල ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 6791.4) මුල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය එළඹෙන ලදී. මේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන සඳහා යූරෝ මිලියන 30ක්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන…
සවුදි සංවර්ධන අරමුදල(SED), අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවේ.මෙම ව්‍යාපෘතිය…
රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන්ට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් පිළිගත් රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරනු ලබන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/- උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, මෙහි පළමු පියවර වශයෙන් 2014…
2017 මාර්තු 31 වන විට ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,119.85 ක් බව මහ බැංකුව නිවේදනය කර සිටී. මෙය 2017 පෙබරවාරි 28 වන දිනට වාර්තා වූ නිල සංචිත වත්කම් ප‍්‍රමාණය වූ ඩොලර් මිලියන 5,634.66 ට වඩා ඩොලර් මිලියන 514.81 ක පහළ යාමකි. මෙහිදී විදෙස් විනිමය සංචිතය පෙබරවාරි මාසයට සපේක්ෂව…
අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳසල්වල හදිසි සංචාරයක නිරත විය. මෙහි දී පාරිභෝගිකයන් සමග ද සුහද කතාබහක නිරත වූ මුදල් අමාත්‍යවරයා මිල ගණන් පිළිබඳ විමසා බැලීය. භාණ්ඩවලින් බහුතරයක් සාමාන්‍ය මිල ගණන් යටතේ අලෙවි කළ ද, ඇතැම් වෙළෙඳසල්වල ටින්මාළු,…
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්ත හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත. ඒ යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් ඇළුමිනියම් පිරිසැකසුම් කිරීම (Aluminum fabrication) පිළිබඳ දෙදින තාක්ෂණ වැඩමුළුවක්…
බදු අය කර ගැනීම සඳහා පවතින ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 16 වන වාර්ෂික සමුළුව අමතමිනි. රාජ්‍ය ආයතන, ඇතැම් පෞද්ගලික ව්‍යාපාර ආයතන සහ ආයෝජන ව්‍යාපෘති තුළින් රාජ්‍ය…
BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද නියෝගයත් සමඟම ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් බරපතළ ගැටළුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ. මේ අනුව දැනට නිෂ්පාදනයෙන් අනතුරුව ප්‍රදර්ශනාගාර මට්ටමේ පවතින වාහන තොග ගණනාවක් ඉන්දියාව තුළ අලෙවි කිරීමේ හැකියාව, මෙම අධිකරණ නියෝගය හේතුවෙන්…
පින්සල්/බුරුසු නිෂ්පාදක සහ අලුත් වැඩියා නඩත්තු මෙවලම් අපනයනකරුවකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගම පසුගියදා (04) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සීනුව නාද කොට සමාගමේ කොටස් ප්‍රථම වරට ලැයිස්තු ගත විම සමරන ලදී. බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගම නියෝජනය කරමින් සභාපති සරත් අමරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ…
Video Story