Top News

ශ්‍රී ලංකාව ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තබයි

ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිම අද (07) සිදු විය. ඒ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

(0)Comments | March 7, 2025 1:18 pm

වංචනික ආයෝජනයක් සම්බන්ධයෙන් SEC විසින් ජනතාවට දැනුම් දීමක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් මහජනතාව වෙත දැනුම් දීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයෙහි දැක්වෙන්නේ, විදේශීය රටවල ගනුදෙනු සිදුවන සමාගම්හි කොටස්වල ඔබගේ මුදල් ආයෝජනය කර, ඉහළ සහ ස්ථිර ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දුවක්ද සමඟ විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් යැයි කියා ගන්නා පුද්ගලයින්ගෙන් ලැබෙන, දුරකථන ඇමතුම් සංඛ්‍යාව ඉහළයමින් පැවතීම සම්බන්ධයෙන්…

(0)Comments | March 7, 2025 1:08 pm

දුම්රිය රියදුරු ඇතුළු ලංගම සහ දුම්රිය සේවයේ රැකියා අවස්ථාවන් රැසකට ඉදිරියේ දී කාන්තාවන්

ශ්‍රී ලංකා දුම්රිය සේවයට මෙන්ම ලංගමෙහි බස්රථ රියදුරු, දුම්රිය එන්ජින් රියදුරු වැනි කාන්තාවන් සේවයෙහි නොයෙදෙන සියළු ක්ෂේත්‍ර සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්මේන්තුවේදී යි. අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පවසා සිටියේ හෙටට යෙදන…

(0)Comments | March 7, 2025 12:24 pm

2025 සංචාරක පැමිණීම පන්ලක්ෂය ඉක්මවයි. මාර්තුවේ වැඩිම පැමිණීම රුසියාවෙන්

2025 වසරේ මාර්තු 5 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී 530,746ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාර්තු මාසයේ පළමු දින 5 තුළ පමණක් සංචාරකයින් 37,768ක් මෙරටට පැමිණ ඇති බවයි. මෙතෙක් අඛණ්ඩව වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූයේ ඉන්දියාවෙන්…

(0)Comments | March 7, 2025 11:55 am

වාහන ආනයනකරුවන්ට මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා මෙම පියවර ගෙන ඇතිබව සඳහන් වේ. කෙසේ වෙතත් පුද්ගලික මටටමින් වාහන ආනයනය…

(0)Comments | March 7, 2025 11:01 am

ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම හෙට (07) දිනයේ දී සිදුකිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී සිටී. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ…

(0)Comments | March 6, 2025 5:47 pm

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නීති සංශෝධනය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ඇති ජාතික කාබනික පාලන ඒකකය (NOCU) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ එක්සත් රාජධානියේ වෙළඳ හවුල් වැඩසටහන (UKTP) එක්ව පසුගියදා  කොළඹ දී එක්දින වැඩමුළුවක් සංවිධානය කළේය. ජාතික කාබනික කෘෂිකාර්මික ක්‍රමවේදයේ නෛතික රාමුව තුළ යෝජිත වෙනස්කම් රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් සඳහා ඉදිරිපත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය. රාජ්‍ය හා පුද්ගලික අංශ නියෝජිතයන්…

(0)Comments | March 6, 2025 5:11 pm

විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට

පසුගිය 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ. ප්‍රධාන වශයෙන් මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව මූල්‍ය වාර්තා පෙන්නුම් කරයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව 2024 දෙසැම්බර්…

(0)Comments | March 6, 2025 1:55 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව වෙතින් මෙරට සංචාරක නියෝජිතයන්ට තෙලංගාන සවාරියක්

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව (Telangana Tourism) සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරක සේවා සමාගම් නියෝජිතයන් ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට තෙලංගාන ප්‍රාන්තය දැකබලා ගැනීමට විශේෂ අවස්ථාවක් උදා කර දුන්නේය. මෙහිදී එම කණ්ඩායමට සංචාරක මගපෙන්වන්නෙකුගේ සහයද සමගින් තෙලංගාන ප්‍රාන්තයේ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළුව ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමින් යුත් ස්ථාන රැසක් දැකබලා ගැනීමට…

(0)Comments | March 6, 2025 1:33 pm

දින දෙකක කඩා වැටීමකින් පසු කොටස් වෙළඳපොළ අද යලිත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඊයේ දිනයේ දී ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකි වූ අතර අද (05) යළිත් එහි අගය ඒකක 16000 සීමවා ඉක්මවා යෑමට සමත් වී තිබුණි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 296.28 කින් ඉහළ ගොස් ඒකක 16,166.53ක් ලෙසින් සටහන් විය….

(0)Comments | March 5, 2025 4:12 pm