Top News

ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ් කරන්න ඉලෙක්ට්‍රොනික් කාඩ් ක්‍රමයක් එයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ආරෝපණය සඳහා නවතම ඉලෙක්ට්‍රික් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම නව කාඩ් ක්‍රමය අනුව පාරිභෝගිකයින් හට සාමාන්‍ය ආකාරයෙන් හෝ අධිවේගී ආකාරයෙන් සිය මෝටර් රථ බැටරි ආරෝපණය කර ගැනීමට අවස්ථාව උදා වන අතර ඒ සඳහා කාලපරිච්ඡේද තුනක් යටතේ වර්ගීකරණය කරන ලද මිල මට්ටම් අනුව අය කිරීම් සිදු කිරීමට නියමිතය….

(0)Comments | October 24, 2016 7:38 am

පෑන්ඒෂියන් පවර් බහුතර කොටස් අයිතියි සෙන්තිල්වේල් අත්පත් කර ගනී

පෑන්ඒෂියන් පවර් පීඑල්සී හි බහුතර කොටස් අයිතිය තහවුරු කර ගැනීමට ආචාර්ය ටී. සෙන්තිල්වේල් කටයුතු කර තිබේ. පසුගිය සිකුරාදා එම සමාගමේ කොටස් මිලියන 75 ක් රු.3.00 බැගින් මිල දී ගැනීමත් සමඟම ආචාර්ය සෙන්තිල්වේල් එහි ප්‍රමුඛ කොටස්කරුවා බවට මේ වන විට පත්ව තිබේ. මෙය කොටස් ප්‍රාග්ධනයෙන් 15% ක ප්‍රමාණයකි. මීට පෙර පෑන්ඒෂියන් පවර් පීඑල්සී හි කොටස් 44,613,281…

(0)Comments | October 24, 2016 6:12 am

2016 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය 31දා කොළඹදී

දේශීය තොරතුරු තාක්‍ෂණ මෘදුකාංග අන්තර්ගතයන් හා නිමැයුම් ජාතික වශයෙන් අගය කිරීම වස් පැවැත්වෙන ඉ-ස්වාභිමානී 2016 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය මෙම ඔක්තෝබර් මස 31 දා කොළඹ දී පැවැත්වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය හය වන වරටත් සංවිධානය කරනු ලබයි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එම…

(0)Comments | October 24, 2016 5:03 am

සැප්තැම්බර් උද්ධමනය ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මාසයේ දී වාර්තා කළ සියයට 4.5 හි සිට 2016 සැප්තැම්බර් මාසයේ දී සියය‍ට 4.7 දක්වා ඉහළ ගියේය. 2016 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය….

(0)Comments | October 21, 2016 12:54 pm

ඕස්ට්‍රේලියාවේ රැකියාවලට ශ්‍රමික හිඟයක්

පසුගිය වසර තුළ දී ඕස්ට්‍රේලියාව තුළ නව රැකියා අවස්ථා 180,000 ක් පමණ නිර්මාණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් Manpower Group Talent Shortage Survey නවතම වාර්තාවකට අනුව අනාවරණය වී ඇත්තේ සමීක්ෂණයට ලක්කරන ලද ආයතන 1,500 කට වඩා සිය 38% ක් පමණ රැකියා අවස්ථාවන් සපුරාලීමට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් සපයා ගැනීමේ ගැටළුවකට මෙම වසර තුළ දී…

(0)Comments | October 21, 2016 12:13 pm

ඇස්බැස්ටෝස් තහනම යළි සලකා බලන්නැයි රුසියාවෙන් ඉල්ලීමක්

යෝජිත ඇස්බැස්ටෝස් තහනම, යළි සලකා බලන ලෙස රුසියාව විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගියදා පැවති ශ්‍රී ලංකා – රුසියා ව්‍යාපාරික කවුන්සිල හමුවේ දී මෙරට රුසියානු තානාපති ඇලෙක්සැන්ටර් කාර්චවා විසින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය දෙරට අතර සබඳතා කෙරෙහි ද බලපෑ හැකි බවයි. රුසියාව ලොව විශාලතම ක්‍රිසොටයිල් ෆයිබර් අපනයනකරුවකු වන අතර, එය…

(0)Comments | October 21, 2016 11:59 am

රුපියලේ අලුත්ම තත්ත්වය මෙන්න

2015 වසර අවසානයේ සිට 2016 ඔක්තෝබර් මස 14 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 1.9 ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබේ. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 3.0 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 1.5…

(0)Comments | October 21, 2016 11:29 am

නව ආයෝජන අවස්ථා ඇති කිරීම පිළිබඳව බ්‍රසල්ස් ව්‍යාපාරික ප්‍රජාවගේ අවධානය යොමු වේ

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය වෙතින් ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබා ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වැඩි වැඩියෙන් සිදු කිරීම සඳහා ද තම උපරිම සහයෝගය ලබාදෙන බව බෙල්ජියමේ, බ්‍රසල්ස් අගනුවර ව්‍යාපාරිකයෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් 20 වැනිදා සහතික විය. නව රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සාර්ථක ගමනක් අරඹා ඇති බව…

(0)Comments | October 21, 2016 10:17 am

HNB ‘නැහැ‘ කියයි

හැටන් නැෂනල් බැංකුව විසින් පුද්ගලික නිකුතුවක් හරහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත කොටස් නිකුතුවක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා 2016 ඔක්තෝබර් 26 වන දිනට කැඳවා ඇති අති විශේෂ මහා සභා රැස්වීම වළක්වාලමින්, එහි කොටස්කරුවකු විසින් වාරණ නියෝගයක් ලබා ඇති බවට අද දින පුවත්පත් විසින් වාර්තා කොට තිබිණි. කෙසේ වෙතත්…

(0)Comments | October 21, 2016 7:52 am

ශ්‍රී ලංකාවේ සන්නාම වටිනාකම ඩොලර් බිලියන 74 යි

ලන්ඩනයේ Brand Finance විසින් නිකුත් කරන ලද 2016 ජාතීන් සන්නාම වාර්තාවට (2016 nation brand report) අනුව ශ්‍රී ලංකාව පියවර දෙකක් ඉදිරියට පැමිණ තිබේ. 2015 වසරේ දී මෙම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසු වූ අතර 2016 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 55 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණ ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ සන්නාම වටිනාකම…

(0)Comments | October 21, 2016 7:11 am