ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමය හා විශ්වාසනීයත්ය රැක ගැනීම තම ප්‍රමුඛ කාර්යය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ දී මහ බැංකු අධිපතිවරයා ලෙස සිය පළමු මාධ්‍ය හමුවට එක්වෙමිනි. “ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනයක්. මෙම පත්වීමේ දී අභියෝග රැසකට…
මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා පීඩනයට මුහුණ දිය හැකි රාජ්‍ය සේවකයින් පිරිසක් බිහි කළ යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. සුනිල් හෙට්ටිආරච්චි මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආයෝජනයට හා මෙහෙයුම් සඳහා සම්බන්ධ වීමට දේශීය හා ජාත්‍යන්තර සමාගම්වලට ශ්‍රී ලංකා රජය ආරාධනා කර සිටී. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මේ පිළිබඳ පුවත්පත් දැන්වීමක් හරහා ප්‍රසිද්ධ කර තිබේ. පූර්ණ විවෘත ගුවන් ප්‍රතිපත්තියක් තිබෙන මත්තල ගුවන් තොටුපළේ, දේශීය හා ජාත්‍යන්තර ගුවන් සේවා මෙහෙයවීම පිණිස මෙලෙස ආයෝජකයින් හට ආරාධනා කර සිටින…
2016 ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුල දී රුපියල් බිලියන 21.5 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමත් වී තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කරනුයේ පසුගිය වකවානුව තුල ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් හි සීඝ්‍ර පහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. 2015 වර්ෂය තුළ දී තෙල් සංස්ථාව ලැබූ අලාභය…
ජපානයේ කියෝටෝ නගරයේ දී පසුගිය දා (30) පැවැති ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන කමිටු රැස්වීම අතරතුර මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සහ ජපාන මුදල් අමාත්‍ය ටාරෝ අසෝ මැතිතුමා හමු වූ අවස්ථාව.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය මාස 6 තුළ එනම් 2016 ජනවාරි 01 දා සිට ජුනි 30 දක්වා හදිසි වැටලීම් 10 146 ක් සිදුකර දඩ මුදල් ලෙස රුපියල් මිලියන 45. 7 ක මුදලක් අයකරගෙන තිබේ. 2016 ජනවාරි මස වැටලීම් 1636 ක් , පෙබරවාරි 1861 ක් , මාර්තු 1874 ක්, අප්‍රේල්…
ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතා වැඩිදියුණු කරමින් සංචාරක, සෞඛ්‍යය හා සමාජයීය අංශ සඳහා වැඩි දායකත්වයක් ලබා ගැනීමට පියවර ගන්නා බව තෙලන්ගනා ප්‍රාන්ත රජයේ ප්‍රධාන ලේකම් ආචාර්ය රජීව් ෂර්මා පැවසීය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් තෙලන්ගනා හි කළ සංචාරයක් අතරතුර ප්‍රධාන ලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන…
2016 මුල මාස 06 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 964,267 ක් බවත් එය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 16.2% ක ඉහළ යාමක් බවත් නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2016 ජූනි මාසය දක්වා වන නවතම දත්ත සටහන් පසුගිය දා අනාවරණය කරන ලද අතර ඒ අනුව 2016 ජූනි…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් අද (04) දිනයේ දී කැපී පෙනෙන පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 32.32 කින් පහළ ගොස් ඒකක 6,254.77 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.51% ක පහළ යාමකි. S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 3,290.33 ක් ලෙසින් සටහන් වූ අතර…
2016 අප්‍රේල් මාසයේ දී 136,367 ක පැමිණීම් සංඛ්‍යාවක් සමඟින් සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 11.6% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව 2016 වසරේ පළමු මාස 4 තුළ වූ සමුච්ඡිත සංචාරක පැමිණීම් 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේ දී 721,185 දක්වා 20% කින් වර්ධනය වී ඇත. ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය…