Top News

IMF දකුණු ආසියානු කලාපීය පුහුණු හා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයෙහි සාමාජිකත්වය ලබා ගැනීමට පියවර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) දකුණු ආසියානු කලාපීය පුහුණු හා තාක්ෂණික සහාය මධ්‍යස්ථානය 2016 වසරේදී ඉන්දියාවේ, නවදිල්ලි නුවර ස්ථාපනය කරනු ලැබ තිබේ. මෙම පුහුණු මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් 6ක ප්‍රතිපත්ති සම්පාදකයින් හා රාජ්‍ය ආයතන වෙත සාර්ව ආර්ථික හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, මූල්‍ය මෙහෙයුම්, මූල්‍ය ආංශික නියාමනය හා අධීක්ෂණය සහ සාර්ව ආර්ථික සංඛ්‍යානය ආදී…

(0)Comments | May 16, 2017 2:41 am

නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි වර්ධනයක්

2016 වර්ෂයේ මාර්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 මාර්තු මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 1.5% ක වැඩිවීමක් වාර්තා වන බව 2017 මාර්තු මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් වැඩ බලන ජනලේඛන හා සංඛ්‍යාල්ඛන අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය සඳහන් කරයි. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික…

(0)Comments | May 16, 2017 2:34 am

රජයේ රෝහල් සඳහා රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතියක් හදුන්වා දෙයි

රජයේ රෝහල් සදහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය මත පදනම් වු රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතියක් (Hospital Health Information Management System) හදුන්වා දීමට පියවර ගැනේ. රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මේ අනුව රෝහලේ බාහිර ප්‍රතිකාර…

(0)Comments | May 15, 2017 11:36 am

ලංකා හොස්පිටල් අධ්‍යක්ෂවරු 7 ක් ඉල්ලා අස්වෙති

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇති බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. කීත් ඩේමියන් බර්නාඩ්, චමින්ද සිරිවර්ධන, වෛද්‍ය අනිල් අබේවික්‍රම, නන්දන ජයන්ත මුණසිංහ, උමාශාන්තී රාජමන්ත්‍රී, මහාචාර්ය මේනකා දිල්හානි සමරවිකුම ලොකුහෙට්ටි සහ වෛද්‍ය රොහාන් ලලිත් විජේසුන්දර යන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙසේ ඉල්ලා…

(0)Comments | May 15, 2017 8:24 am

සම්පත් බැංකුව 2017 වසරේ පළමු කාර්තුව තුළ බදු පසු ලාභය රුපියල් බිලියන 2හි සීමාව පසු කරයි

2017 වසර විශිෂ්ට ලෙස ආරම්භ කරමින්, සම්පත් බැංකුව 2017 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 2.3ක බදු පසු ලාභයක් (PAT) අත්කර ගනිමින් රුපියල් බිලියන 2.0හි සීමාව පසුකරන ලදී. මෙය, 2016 වසරේ පළමු කාර්තුව තුල වාර්තා කරන ලද රුපියල් බිලියන 1.7ක බදු පසු ලාභයට සාපේක්ෂව 34.6%ක සුවිශේෂි වර්ධනයකි. බදු පෙර ලාභයද (PBT) වාර්ෂිකව…

(0)Comments | May 15, 2017 7:31 am

මිනිත්තු 5 ක් චාර්ජ් කර කිලෝමීටර 480 ක් යා හැකි ඉලෙක්ට්‍රික් කාර් බැටරියක් එළි දකී

ඉලෙක්ට්‍රික් මෝටර් රථ කර්මාන්තයට විප්ලවීය හඳුන්වාදීමක් කිරීමට ඊශ්‍රායල මූලාරම්භකයින් කණ්ඩායමක් (startup) සමත් වී තිබේ. එනම් මිනිත්තු 5 ක් වැනි කෙටි කාලයක දී සම්පූර්ණයෙන්ම අරෝපණය කළ හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරියක් නිෂ්පාදනය කිරීමට ඊශ්‍රායලයේ StoreDot මූලාරම්භකයින් විසින් සමත් වීමයි. එසේම මෙම බැටරිය සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර 480 ක දුරක් ධාවරනය කළ හැකි බවද ඔවුන් තහවුරු කර සිටී….

(0)Comments | May 15, 2017 7:16 am

ආයෝජන සඳහා බදු සහන වැඩපිළිවෙළක්

ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කරනු ලබන මුදල, උත්පාදනය වන රැකියා අවස්ථා සහ ආයෝජන ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශය අනුව මෙම සහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මෙමගින් රැකියා දශලක්ෂයක් ඇති කිරීම, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන…

(0)Comments | May 15, 2017 5:08 am

2017 වසර සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයට නව අධ්‍යක්‍ෂක මණ්ඩලයක්

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය 2017 වසර සඳහා නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කරගැනීමේ කටයුත්ත දින කිහිපයකට පෙර සිදු විය. එහිදී සාමාජිකයින් 47 කින් යුත් කණ්ඩායමක් වෛද්‍ය උපකරණ කර්මාන්තය වෙනුවෙන් පත් කරන ලදී. ප්‍රතිපත්තිමය මුලාරම්භයන් මෙන්ම කර්මාන්තය නගා සිටුවීම පිලිබඳ සැලසුම් සම්බන්ධව ක්‍රියාකිරීම නව අධ්‍යක්‍ෂක මණ්ඩලයේ වගකීම වේ. නව අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සභාපති තනතුර ලෙස ඩිලිගන්ස් හෙල්ත්…

(0)Comments | May 15, 2017 4:14 am

“නැවුම් පළතුරු අපනයනය” පිළිබඳ එක් දින වැඩසටහනක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්තහිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත. ඒ යටතේ “නැවුම් පළතුරු අපනයනය ”පිළිබඳ එක් දින වැඩමුළුවක් 2017 මැයි 25 දින පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා තාක්ෂණික…

(0)Comments | May 12, 2017 8:30 am

ඕස්ට්‍රේලියානු වීසා ගාස්තු ඉහළට

2017 මැයි 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද 2017/18 අයවැයට අනුව තම රටට පැමිණෙන විදේශිකයින්ගෙන් අයකරනු ලබන වීසා ගාස්තු ඉහළ නැංවීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ. මේ අනුව සංචාරක, ශිෂ්‍ය හා රැකියා ඇතුළු සියලුම කාණ්ඩවල වීසා ගාස්තු ඉහළ නංවා ඇත. මෙම නව වීසා ගාස්තු එළඹෙන ජූලි 01 වැනි දින සිට ක්‍රියාවට නැංවීමට නියමිතය. පහත…

(0)Comments | May 12, 2017 7:29 am