ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය ලබාදීමට යුරෝපා වෙළෙඳ සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුව අද (11) දින තීරණය කර ඇත. ශ්‍රී ලංකාව GSP+ බදු සහනය ලබාදීම සඳහා සිදුවන ක්‍රියාදාමයේ අවසාන අදියර වූයේ මෙම යුරෝපා අමාත්‍ය කමිටුවේ අනුමැතිය ලබාදීමයි. ඊට පෙර යුරෝපා කොමිසම හා යුරෝපා පාර්ලිමේන්තුව මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණි. මෙම තීරණය හා සම්බන්ධ ඉදිරි…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් අත්සන් තබා නිකුත් කර ඇති රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ විමසීමක් අද (09) පැවති මාධ්‍ය හමුවක දී වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත යොමු විය. එහිදී වත්මන් අධිපතිවරයා මෙසේ කියා සිටියේය. “ලංකාවේ පළමුවැනි මහ බැංකු අධිපතිවරයා ඇමරිකානු පුරවැසියෙක්. එක්සත් රාජධානියේ මහ බැංකු අධිපතිවරයා කැනේඩියානු ජාතිකයෙක්….
වෘත්තිකයින් පිටරට රැකියා සඳහා යාමෙන් මෙරට ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. අද (09) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව පැවසීය. රට රැකියා සඳහා පිටත්ව යන කාණ්ඩයන් අනුව වෘත්තිකයින්ගේ විගමනය සියයට 5.1 කින් වර්ධනය වී ඇති බවත්, පුහුණු ශ්‍රමික, අර්ධ පුහුණු ශ්‍රමික, නුපුහුණු ශ්‍රමික හා ගෘහ…
සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළ තුළ කර ඇති ආයෝජනවලින් සිදුවී ඇතැයි පැවසෙන රුපියල් බිලියන 9.5 ක අලාභය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (09) දින මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කරනු ලැබූ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ…
1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස් වූයේ පළමු වරට මෙරට අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු රජයක් පිහිටුවමිනි. මෙම රජය යටතේ 1950 වසර වන විට රුපියල් මිලියන 654 ක ණයක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගෙවීමට පැවති අතර එය රුපියල් මිලියන 529 ක දේශීය ණයවලින් සහ රුපියල් මිලියන 125 ක විදේශීය ණයවලින් සංයුක්ත විය. 1954…
පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වා ගැනීම යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. 2017 වසර සඳහා වන තෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය සිදුකරමින් මහ බැංකුව අද උදෑසන මේ බව නිවේදනය කළේය. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7.25 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.75 ක් ලෙසින් පවතින…
2016 වසර තුළ දී රට රැකියා සඳහා පිටත්ව ගිය වෘත්තිකයින්ගේ සංඛ්‍යාව සියයට 5.1 කින් ඉහළ ගොස් ඇති බව 2016 මහ බැංකු වාර්තාව අනාවරණය කර සිටී. මේ අතර පුහුණු ශ්‍රමික, අර්ධ පුහුණු ශ්‍රමික, නුපුහුණු ශ්‍රමික හා ගෘහ සේවිකා කාණ්ඩය යටතේ විදෙස් රැකියා සඳහා ගිය පිරිස සියයට 8.6 කින් පහළ ගොස් ඇති බව මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන්…
2016 වසර තුළ දී ප්‍රධාන පෙළේ විදේශ විනිමයවලට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ සිදුවූ අවප්‍රමාණයන් හේතුවෙන් මෙරට මුළු ණය බර රුපියල් බිලියන 186.6 කින් ඉහළ ගොස් ඇති බව 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දේ. මේ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් 2015 වසර අවසානයේ දී සියයට 77.6 ක් ලෙසින් වාර්තා වූ රාජ්‍ය ණය ප්‍රමාණය…
2017 අප්‍රේල් 30 දින වන විට ශ්‍රී ලංකාව සතු නිල විදේශීය වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,045.52 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවකින් අනාවරණය කර සිටී. මෙය 2017 මාර්තු 31 දින පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඇමරිකානු ඩොලර් මිලියන 5,117.26 හා සැසඳීමේ දී ඩොලර් මිලියන 71.74 ක සුළු පහළ යාමකි. පසුගිය මාසය…
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අද (08) ආරම්භ වන “නිල් ආර්ථික” වැඩපිළිවෙළ පිළිබඳ දෙවන අන්තර්ජාතික සමුළුව ලබන 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවට සහභාගිවීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. මෙම සමුළුවට රටවල් රැසකම මැති ඇමතිවරුන්, විද්වතුන් , ආර්ථික උපායමාර්ග පිළිබද…
Video Story