ශ්‍රී ලංකන් ගුවන් සමාගම මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය සඳහා වූ සිය නිපුණත්වය නැවත වරක් ප්‍රදර්ශනය කරමින් සිංගප්පූරුවේ දී පැවති ආසියාවේ විශිෂ්ඨතම සේවායෝජක වෙළඳ නාම සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. මෙහිදී විශිෂ්ඨතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සහ පුහුණු විශිෂ්ටතා යන සම්මාන ද්විත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිදුම් ලැබීය. ගුවන් සමාගමේ මානව සම්පත්…
සිල්ලර හා තොග වෙළෙඳාම සඳහා වැට් බදු පැනවීමේ දී ඒ සඳහා තීණය කරන ලද කඩඉම, මිලියනයේ සිට මිලියන දෙක දක්වා ඉහළ දමන ලෙස යෝජනා කරන බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මීට පෙර, වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 84,024 ක ලංසු ලැබුණු බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී. මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ මෙයින් රුපියල් මිලියන 28,190 ක බිල්පත් සඳහා ලැබුණු ලංසු අනුමත කර ඇති බවයි. ඊයේ වෙන්දේසියේ දී දින…
රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය ඇතිව ‘රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්’ (Centre of Excellence in Robotic Applications – CERA) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලෝක රොබෝ තාක්ෂණික වෙළඳපොළ 2020 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.7ක මට්ටමට ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව තුළ රොබෝ…
පසුගිය දා ඩුබායි ගුවන්තොටුපළේ සිදුවූ එමිරේට්ස් ගුවන් අනතුරින් බේරුණු මගියෙකුට ඩුබායි ගුවන්තොටුපළේ තීරුබදු රහිත මෙහෙයුම් සමාගමක් විසින් පවත්වනු ලැබූ ලොතරැයියක පළමු දිනුම ලැබී ඇතැයි වාර්තා වේ. ගල්ෆ් පුවත් සේවය වාර්තා කරනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 1 ක සුපිරි මුදල් ත්‍යාගයක් පෙර කී ගුවන් අනතුරින් දිවි ගලවා ගත් 62 හැවිරිදි මොහොමඩ් බෂීර් අබ්දුල් කාදර් විසින් ජයග්‍රහණය කර…
අර්බුදයට ලක්වන මූල්‍ය ආයතන ප්‍රතිප්‍රාග්ධනීකරණයට සහාය වීම පිණිස හා ඒවායේ අර්බුදයට ලක්වී ඇති වත්කම් භාර ගෙන එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ අරමුණින් කටයුතු කිරීම සඳහා මූල්‍ය වත්කම් ප්‍රතිව්‍යූහගත කිරීමේ ආයතනයක් පිහිටුවීමට 2016 අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, මූල්‍ය සමාගම්වල අර්බුදයට ලක් වූ වත්කම් භාර ගෙන නිරාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ ආයතනයක් (Financial Assets…
ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, ස්වකැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන අනාරාධිත යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පිළියෙල කරන ලද ස්විස් විමසුම් කාර්යපටිපාටිය පිළිබඳ මාර්ගෝපදේශ (Guidelines on Swiss Challenge Procedure), රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වශයෙන් ඇතුළත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත්…
ජාතික වශයෙන් වැදගත් විශේෂ ව්‍යාපෘතියක් ලෙස සැලකෙන යෝජිත මූල්‍ය නගර ව්‍යාපෘතියට අවශ්‍ය කාර්ය මණ්ඩලය හා සම්පත් සපයා ගනිමින් යෝජිත මූල්‍ය නගරයේ මූලික ක්‍රියාකාරකම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආරම්භ කිරීමටත්, මූල්‍ය නගරය ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය සේවාවන් ලබාගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව…
ශ්රී ලංකාවට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000 ක් රැගෙන එන විදේශීය පුද්ගලයන්ට (Foreign Individuals) නේවාසික වීසා ලබා දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000ක ශේෂයක් වසර 10ක් තුළ විදේශ තැන්පත් ගිණුමේ පවත්වාගෙන යාම අවශ්‍ය බව රජය කියා සිටී. පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි මෙලෙස විදේශ විනිමය ගෙන එන…
ජනාධිපති අපනයන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන 11 ක් දිනාගනිමින් ඉහළම ගෞරවයට ලක්වෙයි ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය EDB විසින් සංවිධානය කළ ඊයේ (09) සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් ලෙසින් පැවැත්වුණු ගෞරවණීය ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඉහළම බුහුමනට පාත‍්‍ර වෙමින් 2014 සහ 2015 සඳහා ‘වසරේ අපනයනකරු’ සම්මාන දෙක ඇතුළු සුවිශේෂී සම්මාන 11 ක් දිනාගැනීමට බ‍්‍රැන්ඩික්ස් සමූහය සමත්විය. බණ්ඩාරනායක අනුස්මරණ…
Video Story