ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය බවට පත්කරන නවින උපාංගයන්ගෙන් සමන්විත නව ජල පිරිපහදු උපකරණයක් හඳුන්වාදීමේ හමුවක් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. BRJW පුද්ගලික සමාගම විසින් නව පිරිපහදු උපකරණය හදුන්වාදෙන අතර ඕනෑම තත්ත්වයක අපිරිසිදු ජලය තත්පර කිහිපයක් ඇතුළත පිරිසිදු පානීය ජලය බවට පත්කරගත හැකි වන සේ සකස්කර ඇති එම උපකරණය මහා බ්‍රිතාන්‍යයෙන් මෙරටට…
2017 පෙබරවාරි මාසයේ වාර්ෂික උද්ධමනය 8.2%ක් ලෙස ගණනය කර තිබේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මේ බව ප්‍රකාශ කරන ලදී. 2017 ජනවාරි මාසයේ උද්ධමනය 6.5%ක් විය. 2016 පෙබරවාරි මාසයේ මිල ගණන් සංසන්දනාත්මකව පහළ මට්ටමක පැවතීම උද්ධමනය ඉහළ යාමට හේතුවක් විය. (එනම් සංසන්දනාත්මකව මිල දර්ශකයේ…
ජපානයේ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන රටවල් 5 ක සිසුන් හට වීසා නීතිරීති දැඩි කිරීමට පියවර ගැනීමට ජපානයේ ආගමන කාර්යාංශය තීරණය කර තිබේ. ශිෂ්‍ය වීසා මගින් ජපානයට පැමිණ නීති විරෝධී අයුරින් රැකියාවන් හි නිරතවන්නන්ගේ ප්‍රමාණය පාලනය කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබේ. මේ අනුව 2017 මාර්තු මාසයේ සිට ජපානයේ බොහෝ භාෂා විද්‍යාල සඳහා…
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසාගේ අත්සනින් යුතුව 2017 මාර්තු 16 දාතමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ගැසට් පත්‍රයට අනුව නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන අතර ස්වාභාවික ජල උල්පතක් හෝ ගැඹුරු හෝ නොගැඹුරු භූගත ජලය භාවිතා කරමින් සිදුකරනු ලබන ව්‍යාපෘතීන් සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව ජල සම්පත් මණ්ඩලයේ අධීක්ෂණය…
අවම මූල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නැංවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට නිර්දේශ කර තිබේ. මේ අනුව අදියර කිහිපයක් යටතේ සිය මූල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නංවා ගැනීමට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කටයුතු කළ යුතුවේ. එහි පළමු පියවර වශයෙන් 2017 දෙසැම්බර් 31 දක්වා බලපත්‍රලාභී මූල්‍ය සමාගමක මූල ප්‍රාග්ධනය රුපියල් මිලියන 400 ට වඩා…
පසුගිය සතියේ දී ආරම්භ වූ Geneva Motor Show 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිය නවතම LEAF මෝටර් රථ මාදිලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී එළිදක්වන බව Nissan සමාගම තහවුරු කරන ලදී. එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් කියා සිටී. Tesla හි Model 3 හා GM හි…
අද වන විට අන්තර්ජාල ක්‍රමවේද හරහා මුදල් ඉපයීම ලොව බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇති ක්‍රමවේදයකි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා Online freelancing හරහා විදේශ විනිමය උපයන ලාංකීය තරුණයෙකු වන ජනිත් වික්‍රමසිංහ මෙවර අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ප්‍රායෝගිකව මෙම ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙහිදී අනාවරණය කරනු…
කාම්බෝජයේ PRASAC Microfinance Institution Limited හි කොටස් හිමිකාරීත්වය 22.5% සිට 70% දක්වා ඉහළ නැංවීමට LOLC සමූහය පසුගියදා පියවර ගන්නා ලදී. මෙහිදී PRASAC Microfinance Institution Limited හි 47.75% කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 186 ක මුදලක් ආයෝජනය කිරීමට LOLC සමූහයේ පූර්ණ අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC International විසින් කටයුතු කරනු ලැබීය. මේ…
ලොව ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නිල්සන් ආයතනය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) එක්ව වාර්ෂිකව පවත්වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2017 උළෙලේදී වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමය සහ වසරේ බැංකු සේවා සපයන්නා ලෙස සම්මානයන් නොකඩවා එකොළොස් වන වරටත් මහජන බැංකුවට හිමිවිය. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී මහජන බැංකුවේ මහජන…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 සිව්වන කාර්තුව සහ 2016 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත. 2016 වර්ෂය පුරාම අයහපත් කාලගුණික තත්ත්වයන් පැවතුණි. මෙම වර්ෂයේ දෙවන කාර්තුවේ පැවති ගංවතුර තත්ත්වයත් අනෙකුත් කාර්තුවල පැවති නියගයත් කෘෂිකාර්මික අංශයේ පසුබෑමට හේතු වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන…
Video Story