Top News

ලක්ෂ 33 ක් යතුරුපැදි මහපාරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වන විට වාහන ලක්ෂ 63ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඉන් ලක්ෂ 33ක් යතුරුපැදි මෙන් ම ලක්ෂ 10.05ක ප්‍රමාණයක් ත්‍රී රෝද රථ වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය. ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි…

(0)Comments | September 8, 2016 11:05 am

පොළී අනුපාත පහළට

ඊයේ (07) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික කැපී පෙනෙන අයුරින් පහළ ගොස් තිබේ. මෙහිදී දින 91 – 9.03% සිට 8.75% දක්වා ද, දින 182 – 9.94% සිට 9.71% දක්වා ද, දින 364 – 10.73% සිට 10.39% දක්වා ද පහළ ගොස් තිබේ. දින 91 සහ 182 භාණ්ඩාගාර බිල්පත් සඳහා පසුගිය 2016 ජූනි 10 වැනිදායින්…

(0)Comments | September 8, 2016 10:22 am

තවත් මුදල් අමාත්‍යවරයකුට රටේ ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර කටයුත්තක් වීමට ඉඩ තැබීමට සූදානම් නැහැ – මුදල් ඇමති

ජාතිය ගොඩනැගීමේ හා ආර්ථික සංවර්ධන කාර්යයේ දී බුද්ධිමතුන්ගේ දායකත්වය යහපාලන රජය බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා­ පෙන්වා දෙන්නේ එමගින් වඩාත් ස්ථිරසාර සංවර්ධන ගමනක නිරත විය හැකි බවයි. 2017 ජාතික අයවැය සැකසීමේ දී “පුරවැසි දායකත්වය”යන මැයෙන් මිලෝදා ආයතනයේ දී ඊයේ (07) පැවැති සමුළුවක් අමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව…

(0)Comments | September 8, 2016 9:01 am

කෙල්සි ඩිවලොප්මන්ට්ස් ඉංජින්රු සමාගමක් මිල දී ගනී

මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී විසින් Pre-Fab Engineering Projects (Pvt) Ltd සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ. Pre-Fab Engineering Projects (Pvt) Ltd හි 75.1% ක කොටස් අයිතියි මෙහිදී තහවුරු කර ගැනීමට කෙල්සි ඩිවලොප්මන්ට්ස් පියවර ගෙන ඇත. මේ සඳහා ආයෝජිත මුදල් රුපියල් මිලියන 90 කි.

(0)Comments | September 8, 2016 8:06 am

කලමාසු දැවැන්ත කොටස් පෙරළියකට සැරසෙයි

කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි හිමිකාරීත්වයේ වෙනසක් පසුගිය දා සිදුවිය. මෙම වෙනස්වීමත් සමඟම සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රමාණයෙහි වෙනස්කමක් සිදුකිරීමට නව හිමිකරුවන් පියවර ගෙන තිබේ. කලමාසු සිස්ටම්ස් පීඑල්සී යනු ඉතා අඩු කොටස් ද්‍රවශීලතාවයක් තිබෙන සමාගමකි. සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 50,000 කි. මින් කොටස් 34,985 ක අයිතිය ඇත්තේ රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සතුවය. එබැවින් ගනුදෙනු සඳහා ද්විතීයික වෙළෙඳපොළ…

(0)Comments | September 8, 2016 5:40 am

ශ්‍රීලංකන් ගුවන් සමාගම නවීන මාදිලියෙන් යුත් ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මධ්‍යස්ථානය විවෘත කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පැය 24 පුරා ක්‍රියාත්මක නවීන පහසුකම් සහ සේවාවලින් සමන්විත නව ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මධ්‍යස්ථානය ඊයේ දින (07) විවෘත කරන ලදී. ඒ අනුව ලොව පුරා විහිදී සිටින සියලු පාරිභෝගිකයන්ට සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් නිරන්තර පියාසර වැඩසටහනේ සාමාජිකයින්ට ලබාදෙන පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙනු ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | September 8, 2016 4:43 am

Galaxy Note 7 දුරකතනයක් පුපුරා යයි

නොබෝදා හඳුන්වා දෙන ලද Samsung Galaxy Note 7 වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් පුපුරා යාමට ලක්වූ අවස්ථාවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් වාර්තා වෙයි. පර්ත් හි හෝටල් කාමරයක් තුළ සිදුවූ මෙම පිපිරීම හේතුවෙන් එම හෝටල් කාමරයට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,800 ක පමණ අලාභයක් සිදුව ඇති බව මෙහිදී වැඩිදුරටත් වාර්තා වී තිබේ. මෙල්බර්න් සිට පර්ත් දක්වා ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි…

(0)Comments | September 7, 2016 10:45 am

කොළඹදී මුදලින් ගෙවීමේ පහසුකම Uber හඳුන්වාදෙයි

Uber මගින් ප්‍රවාහන පහසුකම් ලබාගන්නා අපගේ මගීන්ට දැන් හර/බැර කාඩ්පත් වලින් හෝ මුදලින් ගෙවීමේ පහසුකම ලබා දී ඇත. ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉතා පහසුවෙන් රියදුරන් හා මගීන් සම්බන්ධ කරන නවෝත්පාදන භාවිතයක් වන ඹඉැර කොළඹ නගරය තුල මුදලින් ගෙවීමේ පහසුකම සලසා ඇත. මේ අනුව Uber ගමන් යන මගීන්ට දැන් හර හෝ බැර කාඩ්පත් මගින් මෙන්ම මුදලින්ද…

(0)Comments | September 7, 2016 8:33 am

අගෝස්තු සංචාරක පැමිණීම 11.8% කින් ඉහළට

2016 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 186,288 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ. මෙය පසුගිය 2015 වර්ෂයේ අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි 166,610 ක සංචාරකයින් ගණන හා සැසඳීමේ දී 11.8% ක වර්ධනයකි. මේ අතර 2016 පළමු මාස 08 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 1,359,906…

(0)Comments | September 7, 2016 7:40 am

ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය පාලනයට වැඩපිළිවෙලක්

ඇස්බැස්ටෝස් මඟින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් අවම කරගනිමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව වෙනත් ලාභදායී ආදේශක වෙත යොමු වෙමින් ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, ආනයනය සහ නිෂ්පාදනය 2018 01 01 දින සිට සීමා කිරීමටත්, 2024 01 01 දින වන විට රට තුළ ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සකස්…

(0)Comments | September 7, 2016 6:13 am