Top News

වරාය ඇමැති ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට

ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහත් ඊයේ (16) දිවයිනෙන් පිටත්ව ගියේය. මොරොක්කෝවේ ඩක්ලා නගරයේදී ඊයේ ආරම්භ වූ එම සමුළුව ලබන 21වැනිදා දක්වා පැවැත්වේ. මෙවර එම සමුළුවේ තේමාව වන්නේ “විසි එක්වැනි සියවස වෙනුවෙන් නව අප්‍රිකාවක් දෙසට” (Towards a new Africa for the 21st century)…

(0)Comments | March 17, 2017 5:14 am

ශ්‍රී ලාංකිකයින්ට කැනඩා වීසා free ?

දින 90 ක කාලයක් දක්වා කැනඩාවේ රැඳී සිටීම සඳහා වීසා අවශ්‍ය නොවන බවට fox.usa-radio.com වෙබ් අඩවිය අද දිනයේ දී වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය කියා සිටින්නේ මෙම මාධ්‍ය වාර්තාව මහජනයා නොමඟ යවනසුළු වාර්තාවක් බවයි. කැනඩාවේ සංචාරය කිරීමේ දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හා සංචාරකයින් හට දින 90…

(0)Comments | March 16, 2017 11:27 am

හෝමාගම පිටිපනට මිලියන 100 ක ජෛව තාක්ෂණ උද්‍යානයක්

ලොව නැඟී එන තාක්ෂණයන් අතරට ගැනෙන ‘ජෛව තාක්ෂණය’ හා සම්බන්ධ පර්යේෂණ හා කර්මාන්ත රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජාතික පර්යේෂණ සහ සංවර්ධන රාමුව යටතේ හඳුනාගනු ලැබ ඇති අතර ‘ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්’ ස්ථාපනය කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, හෝමගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිනිති…

(0)Comments | March 16, 2017 9:24 am

2017 අයවැය මඟින් යෝජිත පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට හා වාණිජ මට්ටමේ කෘෂිකර්මාන්ත කටයුතුවල නියැලෙන සමාගම්වලට සහන සැලසීම සඳහාත්, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතා සපුරා ගැනීමටත් ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක සහනදායී ණය යෝජනා ක්‍රම 12ක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත. ක්‍රියාත්මක කිරීමේ පහසුව සැලකිල්ලට ගනිමින් අදාළ සියලුම ක්ෂේත්‍ර ණය යෝජනා ක්‍රම 08ක් යටතේ ආවරණය වන…

(0)Comments | March 16, 2017 5:34 am

පෙට්‍රල් සහ ඩීසල් මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවලට එළඹෙයි

ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05ක් වන) බැරල් 4,200,000ක ප්‍රමාණයක් සහ පෙට්‍රල් (92 Unl) බැරල් 956,250ක ප්‍රමාණයක් ආනයනය කිරීමේ දිගුකාලීන ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි 2017 03 01 දින සිට 2017 10 31 දින දක්වා වන මාස අටක (08) කාලයක් සඳහා, පිළිවෙලින් සිංගප්පූරුවේ M/s. Swiss Singapore Overseas Pte….

(0)Comments | March 16, 2017 5:21 am

ආයෝජන හා නිෂ්පාදන හැකියාවන් වර්ධනයට චීනය සමඟ ගිවිසුමක්

පසුගිය වර්ෂයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීනයේ සිදු කරන ලද සංචාරයේදී ආයෝජන, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තීර්ණ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සමඟ එළඹෙන ලදී. එම පුළුල් අවබෝධතා ගිවිසුමට අනුපූරක ලෙස, නිෂ්පාදන පදනම හා උපායමාර්ගික යටිතල පහසුකම්වලට අදාළව වඩාත් කේන්ද්‍රගත උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි හවුල්කාරීත්වය ගොඩනැංවීමේ අරමුණින් ‘නිෂ්පාදන ධාරිතාව…

(0)Comments | March 16, 2017 5:06 am

ශ්‍රී ලංකාවේ දෙවන ආයෝජන සමුළුව හෙට හොංකොං හිදී ඇරඹේ

ආසියාව කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාව විසින් සංවිධානය කරනු ලබන දෙවන ආයෝජන සමුළුව හෙට (16) හොංකොං හිදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. හොංකොං Kowloo හි Ritz-Carlton Hotel හිදී ඇරඹෙන මෙම සමුළුව සඳහා විදෙස් ආයෝජකයින් 200 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික අරමුණු හා ෆිස්කල් ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ මෙහිදී…

(0)Comments | March 15, 2017 8:12 am

ඊයේ අවසන් වූ සංවර්ධන බැඳුම්කර නිකුතුවේ තතු මෙන්න

ඩොලර් මිලියන 973 ක බැඳුම්කර විකුණයි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 830 ක සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් පසුගිය දා කැඳවනු ලැබීය. මෙම වෙන්දේසිය 2017 මාර්තු 08 -14 කාලය තුළ ලංසු සඳහා විවෘතව පැවති අතර වසර 1,2,3 හා 5 යන පරිණත කාල 4 කින් යුතු බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරිණි….

(0)Comments | March 15, 2017 5:49 am

ලාෆ්ස් ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන නව සන්නාම මුහුණුවරකින් වෙළඳපොළට

ශ‍්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළ`ද ලාංඡුන හා ඇසුරුම් සමගින් ප‍්‍රචාරණ වැඩසටහන් මාලාවක්ද හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ලාෆ්ස් සමාගම සතු සැලසුම් වල එක් පියවරක් වශයෙන් මෙම නව හඳුන්වා දීම් සිදුකර…

(0)Comments | March 15, 2017 5:03 am

කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් වෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 ජනවාරි මස සඳහා වූ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කොට ඇත. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකිය. තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ…

(0)Comments | March 15, 2017 4:31 am