Top News

ධම්මිකගේ සමාගම්වලට නිමල් සමුදෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු හා කොටස් වෙළෙඳපොළ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා, තමන් විසින් ලැයිස්තුගත සමාගම් කිහිපයකම දරනු ලැබූ තනතුරුවලින් ඉවත් වී තිබේ. මේ බව අදාළ සමාගම්වල ලේකම්වරුන් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා යවා ඇත. 2017 මාර්තු 07 වන දින සිට බලපැවැත්වෙන පරිදි රෝයල් සෙරමික් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීම සඳහා ඔහු විසින්…

(0)Comments | March 9, 2017 5:55 am

දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය වරාය අධිකාරියෙන්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලත් බහළු දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ පළමු කණ්ඩායම ඊයේ (08) විසිර ගියහ. ඒ දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය ශ්‍රී ලංකාවෙන් බිහි කරමිනි. විසිර යාමේ උත්සවය වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේදී පැවැත්විණ. ඊයේට යෙදුණු ලෝක කාන්තා දිනය සමරමින් පැවැත්වුණු…

(0)Comments | March 9, 2017 4:34 am

කොකා කෝලා : ස්ථිර වචනයක් තවම නැහැ – මලික්

කොකා කෝලා සමාගම විසින් සිය කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් මේ දක්වා සිදුකර නොමැති බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “කොකා කෝලා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම සඳහා මේ දක්වා කිසිදු යෝජනාවක් අදාළ සමාගමෙන් ලැබී නැහැ. එවැනි යෝජනාවක් අපිට ලැබුණා නම්, එය අනුමත…

(0)Comments | March 8, 2017 6:45 am

ශ්‍රී ලංකාවේ විද්‍යුත් අධ්‍යාපන බිහිදොර අන්තර්ජාලයට

ශ්‍රී ලංකාවේ විද්‍යුත් අධ්‍යාපන බිහිදොර www.youcompare.lk වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදු විය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරිණි.

(0)Comments | March 8, 2017 6:03 am

මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මූල්‍ය අරමුදලෙන් අනුබල

උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නොවන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස දිරිමත් කිරීමට පියවර ගන්නා බව කියා සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවුරුදු තුනක කාල පරාසයක් පුරා දිවෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ආර්ථික…

(0)Comments | March 8, 2017 12:01 am

බුරුසු අපනයනකරුට ඉහළ වටිනාකමක්

අද (07) දින විවෘත කරන ලද BPPL Holdings සමාගමේ මූලික මහජන කොටස් නිකුතව සඳහා ආරම්භක දිනයේ දීම ලද අධිදායකත්වය හේතුවෙන් ආරම්භක දිනයේ දීම වසා දැමූ බව නිවේදනය කර සිටී. මෙරට ප්‍රමුඛ පෙළේ බුරුසු නිෂ්පාදකයෙකු හා අපනයනකරුවකු BPPL Holdings සමාගම Beira Group ලෙසින් ද හඳුන්වනු ලබයි. රුපියල් මිලියන 368.22 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා රුපියල්…

(0)Comments | March 7, 2017 12:23 pm

ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ මාර්ගගත පාඨමාලාවක්

විදේශ කටයුතු අමාත්‍යාංශය, ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් එය ඉටුකරන කාර්ය භාරයේ කොටසක් වශයෙන්, ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික අවශ්‍යතා සපුරාලීමේදී හා අභියෝගවලට මුහුණ දීමේදී උපකාරී වන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ මාර්ගගත පාඨමාලාවක් සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සුවිශේෂී පියවරක් ගෙන තිබේ. මෙය, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වාණිජ දෙපාර්තමේන්තුව හා ලොව ඉතා කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන හාවර්ඩ්…

(0)Comments | March 7, 2017 11:51 am

මධුසමය ගතකිරීමට ලොව තෙවැනියට හොඳම තැන ලෙසින් ශ්‍රී ලංකාව නම් කෙරේ

සුඛෝපභෝගී සංචාර මෙහෙයවන ආයතනයක් වන Kuoni විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව විවාහ සහ මධුසමය සඳහා ලොව හොඳම ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව එක් වී තිබේ. 2016 Kuoni වාර්තාවට අනුව මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම ස්ථාන 10 අතරින් ශ්‍රී ලංකාවට 5 වැනි තැන හිමිව තිබූ අතර 2017 වාර්තාවේ දී එය 3 වන ස්ථානය…

(0)Comments | March 7, 2017 7:10 am

PIA ඩොලර් මිලියන 2 ක් ශ්‍රීලංකන්ට ණයයි

පකිස්තානයට බදු දුන් ගුවන්යානය යළි ශ්‍රී ලංකාවට අර්ධ බදුකුලී පදනම යටතේ පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය (PIA) විසින් ලබාගත් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත්ව තිබූ Airbus-330 ගුවන් යානය යළි ශ්‍රී ලංකාවට භාර දී තිබේ. PIA ගුවන් සේවය සිය ප්‍රමුඛ කාර්යයන් (premier service) සඳහා ලබා ගෙන තිබූ මෙම ගුවන් යානය සඳහා මාස හයක අර්ධ බදුකුලී කාලසීමාවක් සඳහා ඩොලර්…

(0)Comments | March 7, 2017 6:30 am

හොඳම තිරසාර උපායමාර්ග වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට ජාත්‍යන්තර සම්මානයක්

ගෝලීය තිරසාර සහ ආයතනික සමාජ වගකීම් විශිෂ්ටත්ව සහ නායකත්ව සම්මාන ප‍්‍රදානෝත්වයේදී සම්මානයට පාත‍්‍රවූ එකම ශ‍්‍රී ලාංකේය ආයතනය බවට පත්වෙයි කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන තිරසාර ව්‍යාපාරික කටයුතු ඉන්දියාවේ මුම්බායි නුවර පැවති ගෝලීය තිරසාර සහ ආයතනික සමාජ වගකීම් විශිෂ්ටත්ව සහ නායකත්ව සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ඉතාමත් ගෞරවණීය අන්දමින් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල්…

(0)Comments | March 7, 2017 5:02 am