Top News

කටුනායක ධාවන පථය සංවර්ධනයෙන් පසු A-380 ගුවන් යානා මෙහෙයුම් සිදු කළ හැකියි

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ලබා දෙමින් වසර 30කට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පථය ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසුව ධාවන පථය මීටර් 60 සිට මීටර් 75 දක්වා පුළුල් වන බැවින් A-380 විශාල ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. කටුනායක ධාවන…

(0)Comments | March 6, 2017 11:42 am

ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපතියෝ 13,000 ක් – ජාත්‍යන්තර වාර්තාවක් හෙළිකරයි

මීළග වසර දහයක කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය තුළ වෙසෙන සුපිරි ධනවතුන්ගේ ප්‍රමාණය සියයට 160 කින් ඉහළ යනු ඇති බව එක්සත් රාජධානියේ දේපළ උපදේශන සේවා සමාගමක් වන Knight Frank විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ඒ අනුව ඉදිරි දශකය තුළ කොළඹ නගරයේ ඩොලර් මිලියන 30 ක් හෙවත්රුපියල් බිලියන 45කට…

(0)Comments | March 6, 2017 9:54 am

චීන්නු අඩුවෙද්දී ඉන්දියානුවෝ වැඩිවෙලා

පසුගිය පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 197,517 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටී. මෙය 2016 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 197,697 හා සැසඳීමේ දී සියයට 0.1 ක පහළ යාමකි. කෙසේ වෙතත් 2017 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 194,280 සිට 219,360 දක්වා…

(0)Comments | March 6, 2017 5:07 am

ඉසුරුගේ කටයුතු අහවරයි

සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හා ඉසුරු ලීසිං ඒකාබද්ධ වීමේ කටයුතු මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙන බව සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මේ අනුව 2017 පෙබරවාරි 28 වන දින සිට තනි ආයතනයක් ලෙසින් ඉසුරු ලීසිං සමාගම කටයුතු නොකරන අතර එහි සියලු සේවාවන් සෙන්ට්‍රල්…

(0)Comments | March 6, 2017 5:05 am

“ත්‍රිපෝෂ” අතිරික්තය “සුපෝෂ” ලෙස වෙළෙඳපොළට

ශ්‍රී ලංකා “ත්‍රීපෝෂ” සමාගමෙි “සුපෝෂ” නව නිෂ්පාදනය වෙළෙඳපොලට හදුන්වාදීමේ උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි. කඳානේ පිහිටි ත්‍රීපෝෂ සමාගමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදනය කරන ලද ත්‍රීපෝෂවල අතිරික්තය “සුපෝෂ” ලෙස මෙලෙස වෙළෙඳපොලට හඳුන්වාදෙන ලදි. “ත්‍රිපෝෂ” වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් ලබාදුන්නේ…

(0)Comments | March 5, 2017 6:14 pm

නෝර්වේජියානු විශ්‍රාමික අරමුදලේ ශ්‍රී ලංකාවේ ආයෝජන දෙගුණ වෙයි

2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිය ආයෝජන ආරම්භ කළ නෝර්වේජියානු ගෝලීය විශ්‍රාමික අරමුදල 2016 වසර වන විට සිය ආයෝජන දෙගුණ කිරීමට පියවර ගෙන තිබේ. 2015 වසරේ දී නෝර්වේජියානු ගෝලීය විශ්‍රාමික අරමුදලේ මෙරට ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 31 ක්වූ අතර 2016 වසර අවසානය වන විට එම වටිනාකම ඩොලර් මිලියන 65 ක් දක්වා වර්ධනය වී ඇත….

(0)Comments | March 2, 2017 11:45 am

ආයෝජන හා රට හමුවේ ඇති ණය අර්බුදය

මෙවර පැවති දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී ‘ආයෝජන හා රට හමුවේ ඇති ණය අර්බුදය‘ පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩනැගිනි. මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.

(0)Comments | March 2, 2017 11:27 am

තමිල්නාඩු වෙළෙඳ සංගම් ‘කෝලා‘ තහනම් කරයි

කෝලා පාන වර්ග තමිල්නාඩුව තුළ අලෙවි කිරීම තහනම් කිරීමට එහි වෙළෙඳ සංගම් රැසක් පියවර ගෙන තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටීත හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවයට අනුව ඊයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධයෙන් Federation of Tamil Nadu Traders Associations (FTNTA) හා the Tamil Nadu Traders Associations Forum (TNTAF) යන වෙළෙඳ සංගම් දෙක…

(0)Comments | March 2, 2017 10:23 am

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

2017 ජනවාරි මාසයේ දී මෙරට ලියාපදිංචි කර ඇති මෝටර් කාර් ප්‍රමාණය 3,101 ක් බවත් එය 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කරන ලද මුළු කාර් ප්‍රමාණය වන 3,487 හා සැසඳීමේ දී සියයට 11 ක පහළ යාමක් බවත් වාර්තා වේ. JB Securities විසින් සිදුකරන ලද අධ්‍යයනයක දී මේ බව අනාවරණය වී ඇත. මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ…

(0)Comments | March 2, 2017 6:31 am

පදියපැලැල්ල ජාතික පද්ධතියට එක්වෙයි

මෙගාවොට් 3.5 ක ධාරිතාවයකින් යුත් පදියපැලැල්ල ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර අද (01)සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව පෑන්ඒසියන් පවර් පීඑල්සී නිවේදනය කර සිටී. රුපියල් මිලියන 900 ක ආයෝජනයකින් ඉදිකරනු ලැබූ මෙම ජලවිදුලි ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් කටයුතු මේ අනුව අද දින සිට ඇරඹෙනු ඇත.

(0)Comments | March 1, 2017 12:02 pm