ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් ප්‍රමුඛ පෙළේ බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා පත් කර තිබේ. මෙම පත්වීම 2016 ජූලි 27 දින සිට බලපැවැත්වෙනු ඇත. නිහාල් ෆොන්සේකා මහතා, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් වසර 13 ක කටයුතු කළ අතර HSBC Colombo හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් වසර 10 ක් කටයුතු කර…
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් කිහිපදෙනෙකු හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා සිදුවිය. මුහුන්තන් කැනගේ, ධම්මික පෙරේරා, ඊලියන් ගුණවර්ධන, ජෝෂ් ගුනවර්ධන ඇතුළු පිරිසක් මේ සඳහා එක්විය. මෙරට ආර්ථික සංවර්ධනය, ව්‍යවස්ථා සංශෝධන ආදී කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ. යුරෝපා පාර්ලිමේන්තු සභික නිරාජ් දේවා ආදිත්‍ය මහතා ද මීට එක්විය. Horton Debate Society…
ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර කර්මාන්තයට එකතුවන නවතම තරු 5 හෝටලය වන Riu Sri Lanka, අද (05) දින විවෘත කෙරේ. දකුණු වෙරළ තීරයේ අහුන්ගල්ලේ ඉදිවුණු මෙම අතිසුඛෝපභෝගී හෝටලය කාමර 500 කින් සමන්විතය. අති විශාල පිහිනුම් තටාක තුනක්, ළමා පිහිනුම් තටාකයක්, Sunbathing terraces, Jacuzzi, Gym සහ Renova Spa, Massage rooms ඇතුළු අතිසුඛෝපභෝගී අංග ගණනාවකින් අහුන්ගල්ලේ Riu Hotels…
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව හා එහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම ආයතනය එක්ව CDS e-connect නමින් ඉතාම ආරක්‍ෂිත විද්‍යුත් ව්‍යාපාරික ද්වාරයක් CDS ගිණුම් හිමියන්ට හදුන්වාදීම සිදුකෙරේ. මෙම නව හඳුන්වාදීම හරහා CDS ගිණුම් හිමියන්ට ගනුදෙනු තොරතුරු, ආයෝජන කළඹ පිළිබඳ වාර්තා සහ පෙර මාසික වාර්තා ආදිය ලබා ගැනීමේ අවස්ථාව උදාවේ. ආන්තික පහසුකම් (Margin Facility)…
ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක කර්මාන්තය සම්බන්ධිත මූල්‍ය සේවා සමාගමක් වන Thomas Cook (India) Ltd, මෙරට සම්මේලන කාර්යාංශය හා ශ්‍රීලංකන් ගුවන් සේවය එක්ව ප්‍රමුඛ පෙළේ ආයතනික හමුවක් සංවිධානය කර තිබේ. ඉන්දියානු MICE (Meetings, Incentives, Conferences, Events) සංචාරකයින් මෙම හමුවේ ප්‍රමුඛ ඉලක්කය වී තෝමස් කුක් ඉන්දියා සමාගම කියා සිටී. ඉන්දියාවේ මධ්‍ය හා මහා පරිමාණ සමාගම් සහ සුළු හා…
ඊයේ (03) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික කැපී පෙනෙන ලෙසින් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 50 බැගින් ඉහළ දැමීමට පියවර ගත් අතර ඊට සමගාමීව මෙම පොළී අනුපාතික වැඩිවීම සිදුව තිබේ. ඊයේ පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 66,981 ක ලංසු ලැබී ඇති අතර…
Sri Lanka Plast, Rubexpo, Compack සහ Enmach නමින් ප්‍රදර්ශන හතරක් සමගාමීව පැවැත්වෙයි. ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරිකයින් මුණ ගැසෙන Sri Lanka PLAST 2016 තුන්වන වරටත් පැවැත්වෙයි. කොළඹ බණ්ඩාරණායක සම්ම්න්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. එකිනෙකට වෙනත් ක්ෂේත්‍රයන් සඳහා වෙන්වූ ප්‍රදර්ශන 4ක් මෙම Sri Lanka PLAST 2016 යටතේ පැවැත්වෙයි. ඒ අනුව ප්ලාස්ටික් නිපැයුම් සඳහා Sri Lanka Plast ප්‍රදර්ශනයත්, රබර්…
“ත්‍රිවේන්ද්‍රම් සිට සිට ඩුබායි බලා පියාසර කළ අපගේ EK521 ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අනතුරකට මුහුණ පෑවා. මෙහිදී අපගේ ගුවන් මගීන් කිසිවකුට ජීවිත හානියක් සිදුනොවීම පිළිබඳ අපි සතුටු වෙනවා. මෙවැනි තත්ත්වයක දී අපගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ අපගේ මඟීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි“, යනුවෙන් එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී…
ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත, ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශවීය සහයෝගිතා ඇතිකර ගැනීම සඳහා සාකච්ඡාවකට ආරාධනය කර සිටී. ඉන්දුනීසියානු ජනාධිපති Joko “Jokowi” Widodo පවසන පරිදි මෙරට ප්‍රවාහන වෙළෙඳපොළ සඳහා ආයෝජනය කිරීමට ඉන්දුනීසියානු රජය කැමැත්තෙන් පසුවන බව පවසා තිබේ. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දුනීසියානු සංචාරය තුළ දී ඊයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා ඉන්දුනීසියානු…
විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා තම The Lion’s Roar (සිංහනාදය) කෘතියේ පිටපතක් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමීය. මෙම පොත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමරු මුද්දර නිකුත් කිරීමෙන් උපහාර දැක්වූ එකම ශ්‍රී ලාංකිකයා වන අනගාරික ධර්මපාලතුමාගේ කීර්තිමත් ජීවිතය නිරාවරණය කරන චරිතාපදානයකි. ප්‍රකාශක විජිත යාපා මහතා ද එම කටයුත්තට සහභාගි…
Video Story