එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කොටස් ගනුදෙනු අත්හිටුවා මේ වන විට දින 4 කි. සමාගම තුළ සිදුවූ මුදල් අක්‍රමිකතා සිදුවීම් කිහිපයක් හේතුවෙන් එහි කළමනාකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත පවරා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජනවාරි 04 වෙනිදා පියවර ගනු ලැබීය. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ සහාකාර…
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ලයනල් ගුණතිලක මහතා ගේ සේවය උපදේශකවරයෙකු (Consultant) ලෙසින් ලබා ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ (බාහිර සම්බන්ධතා හා අවේක්ෂණ), තුෂාර ජයරත්න මහතාගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඒ මහතා කියා සිටියේ කොමිෂං සභාවේ…
භාණ්ඩ ආනයන හා අපනයනයට අදාළ රේගු නිෂ්කාශනය හා රටවල්වල දේශසීමාවල දී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටි කවදුරටත් කඩිනම් හා පහසු කිරීමේ අරමුණින් යෝජිත වෙළෙඳ පහසුකම්කරණ ගිවිසුමේ අවසන් කෙටුම්පත 2013 දෙසැම්බර් මාසයේ දී සම්මත කර ගන්නා ලදී. ඒ ඉන්දුනීසියාවේ පැවති ලෝක වෙළෙඳ සංවිධානයේ 09 වැනි අමාත්‍ය සමුළුවේදීය. එම ගිවිසුම ලෝක වෙළෙඳ සංවිධානය ස්ථාපිත කරනු ලැබ ඇති මරකේෂ්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී රුපියල් මිලියන 20,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. කාණ්ඩ 4 ක් යටතේ මෙම බැඳුම්කර නිකුත් කෙරේ. එනම් 2020, 2025, 2030 හා 2041 යන වර්ෂවල දී කල්පිරෙන පරිද්දෙනි. මෙහි සම්පූර්ණ විස්තරය පහත පරිදි වේ. මෙම වෙන්දේසිය…
ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ වඩාත් තරඟකාරීම ආර්ථිකය බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද (07) ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 හා එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සිංගප්පූරුව හා ඩුබායි අතර ගෝලීය නගරයක් තවමත් ස්ථාපිත වී නැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට…
ඉතා කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකා රජය විසින් සාක්ෂාත් කරගනු ලැබූ දෑ පිළිබඳ තමාව විස්මයට පත්කළ බව ‘ද ඕපන් සොසයිටි‘ නිර්මාතෘ, ලොව මහාපරිමාණ මූල්‍ය ආයෝජකයෙකු වන ජෝර්ජ් සොරෝස් පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද (07) ආරම්භ වූ ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016‘ සමඟ එක්වෙමිනි. ‘මෙම සමුළුව සඳහා මා හට ආරාධනය කළ අවස්ථාවේ ශ්‍රී…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන අද (7) දින සිදුකරන ලදී. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානා දිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහා ආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල…
ඩයලෝග් සමූහයේ අනුබද්ධ සමාගමක් වන ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පුද්) සමාගම විසින් HeadStart (පුද්) සමාගමේ සිය කොටස් හිමිකාරීත්වය 26% ක් දක්වා වර්ධනය කර ගෙන තිබේ. HeadStart (පුද්) සමාගම විසින් නිකුත් කර තිබූ බැඳුම්කරයක ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 20 ක්, හිමිකම් ප්‍රාග්ධනය (Equity Stake) බවට පරිවර්තනය කිරීමෙන් මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඩයලොග් සමූහය, HeadStart (පුද්) සමාගමේ…
ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී විසින් මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා යොමු කර තිබූ අයදුම්පත සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය හිමිව තිබේ. මෙහිදී රු. 15.00 බැගින් කොටස් මිලියන 71.5 ක් මහජනයා වෙත නිකුත් කෙරෙනු ඇත. 2016 ජනවාරි 25 වන දින මෙම මූලික කොටස් නිකුතුව විවෘත වන අතර කෙනන්ගා ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් ලිමිටඩ්, නිකුතුවේ කළමනාකරුවන් ලෙසින් කටයුතු කරනු ලබයි.
අද (06) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය සතියට සාපේක්ෂව ඉහළ පොළී අනුපාතිකයන් යටතේ ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී පරිණත කාලය දින 91 බිල්පත් පොළිය 6.45% සිට 6.59% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 6.83% සිට 6.93% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 7.3% සිට 7.42% දක්වා…