Top News

BOV Capital ශ්‍රී ලාංකේය අංකුර ව්‍යවසායකයන් වෙනුවෙන් රු. බිලියන 2 ක් ආයෝජනය කරයි

ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ක්‍රියාත්මක BOV Capitals සංවිධානය, ශ්‍රී ලාංකේය අංකුර ව්‍යවසායකයන් සඳහා රු. බිලියන 2ක් ආයෝජනය කරන බව පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකේය අංකුර ව්‍යවසායකයන් හට කලාපීය සහ ගෝලීය වශයෙන් අවස්ථා හිමිකර දීම සඳහා BOV Capital සංවිධානය ආරම්භ කෙරිණි. මෙය අංකුර ව්‍යවසායන්හි ආරම්භක අදියර ඉලක්ක කර…

(0)Comments | July 15, 2016 5:47 am

අගලවත්ත ගනුදෙනුවෙන් පසු බ්‍රවුන්ස් කැපිටල් ඉඩම් අයිතිය ඉහළට

අගලවත්ත වැවිලි සමාගමේ බහුතර කොටස් අයිතිය ඊයේ දිනයේ දී මැක්වුඩ්ස් වැවිලි සමාගම විසින් අලෙවි කිරීමත් සමගම එහි ගැනුම්කරුවා බ්‍රවුන්ස් කැපිටල් සමාගම බව අනාවරණය වී තිබේ. බ්‍රවුන්ස් කැපිටල් සමාගම අද දිනයේ දී මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රු. 20.00 බැගින් අගලවත්ත වැවිලි සමාගමේ කොටස් මිලියන 15.2 ක් මිල…

(0)Comments | July 15, 2016 5:27 am

අගලවත්තේ අයිතිය මැක්වුඩ්ස් විකුණයි

අගලවත්ත වැවිලි සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වූ මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම විකුණා දැමීමට අද (14) දිනයේ දී පියවර ගනු ලැබීය. මෙහිදී මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන්ස් සතු වූ මිලියන 15.2 ක කොටස් ප්‍රමාණයක් රු.20.00 බැගින් අලවෙි කිරීමට පියවර ගන්නා ලදී. මෙය අගලවත්ත වැවිලි සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 60.80% ක ප්‍රමාණයකි. රුපියල් මිලියන 304 කට මෙම ගනුදෙනුව…

(0)Comments | July 14, 2016 12:09 pm

ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාවට නංවයි

ජාතික ප්‍ර‍තිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා කර ඇති නියෝගයකට අනුව 2016 ජුලි 11 ගැසට් පත්‍රයෙන් 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක වන බව ප්‍ර‍කාශයට පත් කර ඇත. ක්ෂුද්‍ර‍ මූල්‍ය ණය ව්‍යාපාරය මෙරටදී යම් පාලන තන්ත්‍ර‍යකට යටත් වන පළමු අවස්ථාව මෙයයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය කියා…

(0)Comments | July 14, 2016 10:47 am

මහ බැංකුව අද මිලියන 20,000 ක බැඳුම්කර විකුණයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 20,035 ක් වටිනා බැඳුම්කර අලෙවි කොට තිබේ. 2018, 2021 හා 2025 යන වසරවල දී කල්පිරෙන අයුරින් කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලද මෙම බැඳුම්කර නිකුතුව සඳහා රුපියල් මිලියන 120 කට අධික ලංසු ප්‍රමාණයක් ලැබී තිබිණි. පහත දැක්වෙන්නේ…

(0)Comments | July 14, 2016 9:48 am

අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න

මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල ගණන් නොසිතූ ලෙසින් ඉහළ ගොස් තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ආනයනික වාහන සඳහා රජය විසින් අනුගමනය කරන ලද බදු ප්‍රතිපත්තීන් දැඩි කිරීමයි. කෙසේ වෙතත් බදු ඉහළ යාමට අමතරව ආනයනික වාහන මිල ඉහළ යාම ප්‍රධන වශයෙන් බලපෑ තවත් කරුණක් වූයේ ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළ බැසීමයි. විශේෂයෙන්ම ජපානයෙන්…

(0)Comments | July 14, 2016 8:41 am

ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙන්න සර්බානා එයි

උපදේශක සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සහ සිංගප්පූරුවේ ‍සර්බානා ජුරෝංග් (Surbana Jurong) පෞද්ගලික සමාගම අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ආයෝජන හැකියාවන්/විභවතාවන් පිළිබඳව නිවැරදි ලෙස තක්සේරු කරමින් ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීම පිණිස ඉහළ මට්ටමේ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ දැඩි අවශ්‍යතාව රජය…

(0)Comments | July 14, 2016 6:51 am

ජර්මනියෙන් යූරෝ මිලියන 13 ක් ලබා ගැනීමට පියවර

ජර්මානු පෙඩරල් ජනරජය වෙතින් ලබා දීමට එකඟ වී ඇති යුරෝ මිලියන 13ක ශිල්පීය සහයෝගීතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම පිණිස ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ දී ජනාධිපතිතුමන් ජර්මනියේ කළ සංචාරයේ දී මෙම ප්‍රදාන ලබා දීමට ජර්මානු රජය එකඟ වී ඇත….

(0)Comments | July 14, 2016 6:31 am

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වන වගන්තිය අනුව වසර මැද රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් අදාළ වර්ෂයේ ජුනි මස අවසානය වන විට මහජනතාවගේ දැනගැනීම සඳහාත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව 2016 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත…

(0)Comments | July 14, 2016 5:51 am

බ්ලු ඩයමන්ඩ් – ස්වර්ණ මහල් එක්වෙයි

තම Fior සන්නාමයෙන් එන නිෂ්පාදිත අලෙවිය සඳහා බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් සමාගම, ස්වර්ණ මහල් ජුවලර්ස් ලිමිටඩ් සමඟින් නියෝජිත ගිවිසුමකට එළඹ තිබේ. 2016 ජූනි 24 දින සිට බලපැවැත්වෙන පරිදි වසර 3 ක කාලයක් සඳහා දේශීය වෙළෙඳපොළ වෙත Fior නිෂ්පාදිත අලෙවි කිරීම ස්වර්ණ මහල් ජුවලර්ස් විසින් සිදුකරනු ඇත. මෙම දැනුම් දීමත් සමඟම අද දින පෙරවරුවේ දී ඡන්ද…

(0)Comments | July 14, 2016 5:45 am