Top News

කුඩා තේ වතුහිමියන් සඳහා ඉදිරියේ දී තේ බැංකුවක්

කුඩා තේ වතුහිමියන්ගේ මුල්‍ය කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ඉදිරියේ දී රජය විසින් තේ බැංකු ක්‍රමයක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දෙවගෙදර මහතා සඳහන් කරයි. මේ වන විට ඒ සඳහා ක්ෂෙත්‍රෙය් විද්වතුන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය. රට තුළ කුඩා තේ වතු හිමියන් මේ…

(0)Comments | February 14, 2017 7:15 am

සිව්වන කාර්තුවේ ඩයලොග් ලාභ දෙගුණ වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ දුරකතන සේවා සැපයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි 2016 දෙසැම්බර් 31 න් අවසන් සිව්වන කාර්තුව සඳහා වන ශුද්ධ ලාභය රුපියල් බිලියන 1.25 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය පූර්ව වර්ෂයේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී සියයට 102 ක වර්ධනයකි. මේ අතර ඩයලොග් සමූහයේ වාර්ෂික ලාභය 2016 දෙසැම්බර් 31 දින වන විට…

(0)Comments | February 14, 2017 6:24 am

බුරුසු නිෂ්පාදකයෙක් කොටස් වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බුරුසු නිෂ්පාදකයෙකු හා සැපයුම්කරුවකු වන B P P L Holdings Ltd සමාගමට කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ. මේ අනුව සමාගම විසින් මූලික කොටස් නිකුතුවක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටින අතර රු. 12.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 30.685 ක් එහිදී නිකුත්…

(0)Comments | February 14, 2017 5:30 am

ජනවාරියේ දී විදෙස් සංචිතය ඩොලර් මිලියන 567.5 කින් අඩුවෙලා

2017 ජනවාරි මාසය අවසාන වන විට ඇමරිකානු ඩොලර් මිලියන 567.5 කින් මෙරට නිල විදෙස් සංචිතය පහළ ගොස් ඇති බව වාර්තා වේ. 2016 දෙසැම්බර් 31 වන විට ඩොලර් බිලියන 6.01 ක්ව පැවති විදෙස් සංචිතයේ වටිනාකම 2017 ජනවාරි 31 වන විට ඩොලර් බිලියන 5.45 ක් දක්වා මේ අනුව පහළ ගොස් ඇත. මේ අතර පසුගිය දා පැවති මාධ්‍ය…

(0)Comments | February 13, 2017 11:45 am

ඉ-උරුමයෙන් තවත් අලුත් වැඩක්

ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිලිබඳ තොරතුරු ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම ජනතාවට උදා වී තිබේ. ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම අත්විද ගැනීමට ඉඩ…

(0)Comments | February 13, 2017 11:11 am

කොටස් ගනුදෙනු මිල ගණන්වල පමාවක්

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ අද (13) දින ගනුදෙනු අවසානයේ දී යාවත්කාලීන කරන ලද මිල ගණන් දැක්වීම ප්‍රමාද වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මේ අතර හදිසි විමසීම් සඳහා 0112356518 හෝ 0112356525 අංක අමතන ලෙස කොළඹ කොටස් වෙළෙපොළ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

(0)Comments | February 13, 2017 10:29 am

අලුත් බිස්නස් ගැන වෙල්ගම මෙසේ කියයි

පොඩි රථවාහන සඳහා වූ බදුවල සංශෝධන හේතුවෙන් එම ක්ෂේත්‍රයට විශාල ප්‍රහාරයක් එල්ල වී ඇති බව අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පවතින තත්ත්වය තුළ නව උපක්‍රම කෙරෙහි අවදානය යොමු කළ යුතු බවයි. “අපේ ක්ෂේත්‍රෙය්, විශේෂයෙන්ම පොඩි ට්‍රක් රථවලට විශාල ප්‍රහාරයක් මෙම බදු…

(0)Comments | February 13, 2017 10:22 am

ශ්‍රී ලාංකිකයින්ට ඇමරිකාවේ free visa කතාව අතේ රෝලක්

ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයින් හට ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම සඳහා දින 180 ක වීසා රහිත කාලයක් වෙනුවෙන් විධායක නියෝගයකට අත්සන් තැබූ බව usa television වෙබ් අඩවිය පසුගිය දා වාර්තා කරනු ලැබීය. මෙහි වැඩිදුරටත් සඳහන් වූයේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින වෙළෙඳ සබඳතා වැඩිදුරටත් ශක්තිමත් කරගැනීම වෙනුවෙන් මෙම…

(0)Comments | February 13, 2017 6:28 am

විස්සයි විස්සට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවෙන් අනුග්‍රාහකයින් පතයි

2017 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දේශීය විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියක් සඳහා උනන්දු වන ශ්‍රී ලාංකික අනුගාහක ආයතන සඳහා ආරාධනය කරමින් Cricket South Africa විසින් මෙරට පුවත්පත්වල ටෙන්ඩර් දැන්වීමක් පළ කර තිබේ. 2017 දේශීය තරඟ සමය වෙනුවෙන් සංවිධානය කරනු ලබන නව විස්සයි-20 ලීග් තරගාවලියක් වන මේ සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහභාගී කරගන්නා බවත්, ඊට විදෙස් ක්‍රීඩකයින්…

(0)Comments | February 13, 2017 5:48 am

මහින්ද්‍රා ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර ක්ෂේත්‍ර තුනකට පිවිසෙයි

ඉන්දියාවේ ඩොලර් බිලියන 17.8 ක වත්කම්වලට හිමිකම් කියනු ලබන මහින්ද්‍රා සමූහයේ අනුබද්ධිත සමාගමක් වන මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ලිමිටඩ්, ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර අංශ තුනක් සඳහා ඇතුළත් වන බව නිවේදනය කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාව තුළ ට්‍රක් හා බස් රථ, ඉදිකිරීම් උපකරණ සහ බලශක්ති ව්‍යාපාරය අංශ වෙත පිවිසීම නිල වශයෙන් නිවේදනය කරන ලදී. මහින්ද්‍රා…

(0)Comments | February 13, 2017 5:02 am