Top News

රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පුළුල් කිරීමට පියවර

රජයේ සුරැකුම්පත් වෙළඳ පොළ පුළුල් කිරීම, එහි කටයුතුවල විනිවිදභාවය ඉහළ නැංවීම සහ මිල ගවේෂණය තුළින් රජයට වාසි ලබා ගැනීමේ අරමුණින්, රජයේ සුරැකුම්පත් වෙ‍ළඳ පොළ සඳහා අතිනවීන විද්‍යුත් වෙළඳ පද්ධතියක් සහිත තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම ප්‍රසම්පාදනයේ පවතින සංකීර්ණ ස්වභාවය සැලකිල්ට ගෙන, අමාත්‍ය මණ්ඩලය…

(0)Comments | February 15, 2017 8:52 am

ජාතික ලොතරැයි මණ්ඩලයට නව පනතක්

වර්තමාන වෙළඳ පොළ ප්‍රවණතාවන් ද සැලකිල්ලට ගෙන, සිදු කළ යුතු වෙනස්කම් ඇතුළත් කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව පනතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 1963 අංක 11 දරන මුදල් පනත මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කරනු…

(0)Comments | February 15, 2017 8:45 am

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ගෙන්වූ යතුරුපැදි ලියාපදිංචි සහන කාලය දීර්ඝ කෙරේ

රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීමකින් තොරව, නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ආනයනය කරනු ලැබ ඇති, එන්ජින් ධාරිතාව 450cc දක්වා වන යතුරුපැදි, එන්ජිමේ ඝන ධාරිතාව අනුව අදාළ අය භාරයන් අය කරගැනීමට යටත්ව 2017 01 31 දින දක්වා ලියාපදිංචි කි‍රීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. මෙම කාලය තුළ නියමිත අය භාරය ගෙවා යතුරුපැදි 1558ක් ලියාපදිංචි කර…

(0)Comments | February 15, 2017 8:40 am

වැඩි පොළී ගෙවන ඉතුරුම් සීමාව ලක්ෂ 15 කට ඉහළ දමයි

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහය වීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් මත ගෙවනු ලබන 15% විශේෂ පොලී අනුපාතය සඳහා වන උපරිමය දැනට ක්‍රියාත්මක ලක්ෂ 10 සීමාවේ සිට රුපියල් ලක්ෂ 15 සීමාව දක්වා වැඩි කෙරේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත 2017 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව මහා භාණ්ඩාගාරයේ…

(0)Comments | February 15, 2017 7:36 am

බියර් බදු වැඩිවෙද්දී රා පානය වැඩි වෙලා – ලයන් කියයි

මේ වන විට බියර් අලෙවි පරිමාව සියයට 40 කින් පහළ ගොස් ඇති බවත් බියර් සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය සියයට 70 කින් ඉහළ දැමීම ඊට හේතු වී ඇති බවත් ලයන් බියර් සමාගම කියා සිටී. 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා මූල්‍ය ප්‍රකාශය එළිදක්වමින් සමාගම මේ බව කියා සිටී. මෙහිදී වැඩිදුරටත් සමාගම සඳහන් කර සිටින්නේ…

(0)Comments | February 15, 2017 6:38 am

මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේදී වාර්තාගත ආදායමක්

මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේ දී ම රුපියල් ලක්ෂ හයක වාර්තාගත ආදායමක් ලබා ඇති බවත් 325 වැනි ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල පසුගිය 12 වැනිදා මුතූර්හි විවෘත කළ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ලංකා සතොස සුපිරි අලෙවි සැළ විවෘත කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ලංකා සතොස අළෙවි…

(0)Comments | February 15, 2017 5:02 am

IPL වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් රැසකට කෝටි ගණනින් ලංසු නියම වෙයි. සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2017 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක් එක් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩක වෙන්දේසිය ලබන 20 වැනිදා බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර වෙන්දේසියේ දී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයින් රැසකටම ඉහළ පෙළේ ලංසු නියම වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. මෙහිදී ඉහළම ලංසු නියම වූ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා…

(0)Comments | February 14, 2017 12:22 pm

මහ බැංකුවට එරෙහිව පර්පචුවෙල් ට්‍රෙෂරීස් අධිකරණයට යයි

සිය සමාගමේ කටයුතුවලට සීමාවන් පනවමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. මෙහිදී වැඩිදුරටත් සමාගම විසින් දන්වා ඇත්තේ මහ බැංකුව විසින් ගෙන ඇති මෙම පියවර හේතුවෙන් සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට බාධා ඇතිවන බවත් එම නිසා සමාගම බංකොලොත් තත්ත්වයට පත්විය හැති බවත්ය. ශ්‍රී…

(0)Comments | February 14, 2017 10:22 am

අද දින වෙළෙඳපොළට එන ලක්ෂ 8 ½ හොන්ඩා කාරයේ වගතුග

හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය 2014 වසරේ හඳුන්වා දෙන ලද Honda City මාදිලියේ තවත් දිගුවකි. වේග හයක ගියර් පද්ධතියකින් යුතු මෙම මෝටර් රථය පෙට්‍රල් හා ඩීසල් මාදිලි දෙකෙන්ම මිල දී ගැනීමට හැකිය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉන්දියානු…

(0)Comments | February 14, 2017 7:57 am

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නිදහස් වෙළෙඳ ගිවිසුමක්

දෙරට පවතින ද්විපාර්ශවික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තබන බව බංග්ලාදේශ වාණිජ අමාත්‍ය ටොෆේල් අහ්මඩ් ප්‍රකාශ කර සිටී. පසුගිය ඉරිදා (12) ඩකා නුවර දී බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපතිනි යසෝජා ගුණසේකර සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වාණිජ අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී…

(0)Comments | February 14, 2017 7:40 am