Top News

ණය තොරතුරු සේවා සැපයුම්කරුවන් පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

දැනට ශ්‍රී ලංකාවේ ණය තොරතුරු සැපයීමට අධිකාරි බලයලත් එකම ආයතනය ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය වන අතර, පෞද්ගලික ණය තොරතුරු සැපයුම්කරුවන් මඟින් වෙළඳ පොළ ආර්ථිකය සඳහා ඇති කළ හැකි සාධනීය බලපෑම රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, නිවැරදි ණය තොරතුරු රැස් කිරීමේ හා බෙදා හැරීමේ කාර්යය සඳහා ණය තොරතුරු සේවා සැපයුම්කරුවන් වෙත බලපත්‍ර නිකුත්…

(0)Comments | February 22, 2017 6:49 am

මූල්‍ය අංශය වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අත්‍යවශයෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනාගනු ලැබ ඇති අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් එම ප්‍රතිසංස්කරණ අතුරින් කිහිපයක් 2017 – 2022 කාලය තුළ ‘මූල්‍ය ක්ෂේත්‍රය නවීකරණ ව්‍යාපෘතිය’ මඟින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත. තෝරාගත් මධ්‍යම මට්ටමේ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍යමය සහාය දැක්වීම, නියාමන ආයතනවල ආයතනික…

(0)Comments | February 22, 2017 6:23 am

අපනයන වෙළඳපොළ විවිධාංගීකරණයක් සිදු කිරීම අත්‍යාවශ්‍යයි

අපනයන වෙළඳපොළ විවිධාංගීකරණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් අපනයනය සඳහා අලුත් වෙළඳපොළ සළකා බැලීමට කාලය එළඹී තිබෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේ දී විවාදය සඳහා ඉදිරිපත්…

(0)Comments | February 22, 2017 4:42 am

ශ්‍රී ලංකාවේ ‘ආර්ථික ස්වාධීනත්වය‘ 19 කින් පහළට

එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19 කින් පහළට ගොස් තිබේ. මේ අනුව නොබෝදා එළිදක්වන ලද 2017 ආර්ථික ස්වාධීනත්ව දර්ශකයේ 112 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙන අතර 2016 වසරේ දී ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයේ පසුවිය. මෙහිදී ශ්‍රී ලංකාවට 57.4…

(0)Comments | February 21, 2017 10:10 am

ඩොලරයට මෙතෙක් ගෙවූ වැඩිම මිල අද වාර්තා වෙයි

එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් සඳහා වන ශ්‍රී ලංකා විනිමය ප්‍රමාණයේ සීඝ්‍ර වැඩි වීමක් අද (21) දිනයේ දී වාර්තා වී තිබේ. එහිදී ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 153 සීමාව අද දිනයේ දී ඉක්මවා යන ලදී. මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් ගැනුම් මිල රු. 149.68 ක්…

(0)Comments | February 21, 2017 8:02 am

ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

මෝටර් රථ හා ට්‍රක් රථ ප්‍රවාහනය කරනු ලබන ලොව විශාලතම නෞකාව වන Hoegh Tracer, මාර්තු පළමු සතියේ දී හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත බව වාර්තා වේ. තට්ටු 14 කින් යුතු මෙම නෞකාව, වරකට මෝටර් රථ 8,500 ක් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවයකින් යුක්ත වේ. මෙම සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ නෝර්වේ ඔස්ලෝ හි Hoegh Autoliners වෙතයි. මෙම නෞකා ගමනයේ…

(0)Comments | February 21, 2017 6:51 am

දශ ලක්ෂ 66,000 ක බැඳුම්කර වෙන්දේසියක් අනිද්දා – පර්පෙචුවෙල්ට තහංචි නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් දශ ලක්ෂ 66,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අනිද්දා (23) දිනයේ දී කැඳවා තිබේ. මෙහිදී 2019 වසරේ දී කල්පිරෙන පරිදි රුපියල් මිලියන 9,000 ක සහ 2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන අයුරින් රුපියල් මිලියන 19,000 බැගින් වන පරිදි බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත. 2017 පෙබරවාරි…

(0)Comments | February 21, 2017 6:13 am

රාජ්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට විද්‍යුත් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයක්

විද්‍යුත් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයක් යටතේ පොදු ප්‍රසම්පාදනය, දියත්කිරීම තුළින් දැනට පවතින රාජ්‍ය මිල දී ගැනීම් ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම තත්ත්වයකට ගෙන ඒමට හැකිවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. විද්‍යුත් පොදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නවීන උපාය මාර්ග යොදාගන්නා බැවින් එම ක්‍රියාවලිය තුළ දැනට පවතින ගැටලු නිරාකරණය කර එය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර, මනා විනිවිදභාවයකින් යුත් තරගකාරී…

(0)Comments | February 21, 2017 4:50 am

කොටස් වෙළෙඳපොළට අලුතින් පුවරු දෙකක්

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවදානම තවදුරටත් අඩු කිරීමේ පරමාර්ථය ඇතිව ගෙවීම් පියවීම් හා හිමිකම් හුවමාරු පද්ධතියක් (Delivery Vs Payment Settlement System) ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදේශක හිරාන් මෙන්ඩිස් මහතා පැවසීය. ගැනුම් හා විකුණුම් යන පාර්ශව දෙකේම අභිවෘද්ධිය සඳහා කොටස් හුවමාරුව සහ ඒ වෙනුවෙන් අදාළ…

(0)Comments | February 20, 2017 8:59 am

මොරිසන් පුතාගෙන් අලුත් වැඩකට ඩොලර් මිලියන 13.5 ක්

ජේ.එල්. මොරිසන්ස් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) පීඑල්සී විසින් නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිරිකිරීම සඳහා පියවර ගෙන තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. හෝමාගම පිටිපන පිහිටි SLINTEC නැනෝ තාක්ෂණ උද්‍යානයේ මෙම ඖෂධ නිෂ්පාදනාගරය ඉදිකිරීමට නියමිතය. මෙහි වාණිජ මෙහෙයුම් කටයුතු 2019 වසරේ දී…

(0)Comments | February 20, 2017 7:06 am