Top News

සෙලින්කෝ ලයිෆ් ප‍්‍රධාන ඩිජිටල් නිලධාරිනී ලෙස උපමාලිකා රත්නායක පත් කරයි

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ක‍්‍රියාවලීන් සහ සේවා ලබාදීමේ අංශයේ සිදුකරමින් තිබෙන ඩිජිටල් නවෝත්පාදන කටයුතු සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් උපමාලිකා රත්නායක මහත්මිය සමාගමේ ප‍්‍රධාන ඩිජිටල් නිළධාරිනිය (CDO) ලෙස පත්කර තිබේ. රත්නායක මහත්මිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ වසර 17 ක කාලයක් සේවය කර තිබෙන අතර ඇය සමාගමේ පළමු ප‍්‍රධාන තොරතුරු නිළධාරිනියද (CIO) වූවාය….

(0)Comments | February 24, 2017 8:06 am

ශ‍්‍රී ලංකා වෙළෙඳ ප‍්‍රදර්ශනය 26 දා මෙල්බර්න්හි දී

කොළඹ වාණිජ මණ්ඩලය තම සංවිධානය දරණ ශ‍්‍රී ලංකා වෙළෙඳ ප‍්‍රදර්ශනය හා සැණකෙළිය මෙම මස 26 දා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්හි ක‍්‍රවුන් හෝටල් පරිශ‍්‍රයේ දී පැවැත්වේ. ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන වෙළෙඳ ප‍්‍රදර්ශනය අතර ශ‍්‍රී ලංකීක අනන්‍යතාවය සහිත එකම වෙළෙඳ ප‍්‍රදර්ශනය මෙය වේ. මෙම අවස්ථාව සඳහා ඕස්ටේ‍්‍රලියාවේ රටවල සියලූ ශ‍්‍රී ලංකික ප‍්‍රජාව එම වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන මෙල්බර්න් නගරය වෙත පැමිණෙන අතර…

(0)Comments | February 24, 2017 7:47 am

ජපානයේ කෝබේ වරාය හා කොළඹ වරාය අතර අන්‍යෝන්‍ය ගිවිසුම් ප්‍රකාශයක්

ජපානයේ, කෝබේ නගරයේදී පැවැත්වීමට නියමිත ‘ජාත්‍යන්තර වරායන් පිළිබඳ සමුළුව’ සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඇරියුම් ලැබී ඇත. මෙම සමුළුව ආසියානු කලාපයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සුවිශේෂ අවස්ථාවක් වන අතර, එහි දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ජපානයේ කෝබේ නාගරික රජයේ වරාය සහ නාගරික ව්‍යාපෘති කාර්යාංශය අතර අන්‍යෝන්‍ය ගිවිසුමකට එළඹීම…

(0)Comments | February 23, 2017 10:35 am

ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (23) දිනයේ දී වාර්තා විය. අද දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් සටහන් විය. මේ අතර ඊයේ දිනයේ…

(0)Comments | February 23, 2017 9:06 am

මහ බැංකුවේ දත්ත මහජනයාට විවෘතයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 පෙබරවාරි 20 වැනි දින සිය නිල වෙබ් අඩවිය තුළින් මහජනතාවට පිවිසිය හැකි දත්ත සංචිතයක් දියත් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම දත්ත සංචිතය, මූර්ත, මුදල්, රාජ්‍ය මූල්‍ය, විදේශ සහ මූල්‍ය යන අංශ ආවරණය කරන විවිධ මාතෘකා යටතේ වන කාලශ්‍රේණි දත්තවලින් සමන්විත වඩාත් සවිස්තරාත්මක දත්ත ගබඩාවකි. එමගින් දත්ත අවශ්‍ය…

(0)Comments | February 23, 2017 7:08 am

කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

නිල් ආර්ථික වැඩපිළිවෙළ මගින් හඳුන්වා දී ඇති ධීවර කර්මාන්තය හා බැදුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීය බව කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය පැවසුවාය. තානාපතිනිය මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (22) හමුවී සාකච්ජා කිරීමෙන් අනතුරුවය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයෙදී මෙම සාකච්ජාව පැවති…

(0)Comments | February 23, 2017 4:39 am

තාක්ෂණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

කොරියානු රජයේ මූල්‍ය ප්‍රදානයක් මත කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (22) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා එක් වූ අතර ශ්‍රි ලංකා රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා අත්සන් කළ…

(0)Comments | February 23, 2017 4:36 am

CMA සාමාජිකයින්ට සමාගම් ලේකම් වරම්

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ (Institute of Certified Management Accountant of Sri Lanka) සාමාජිකයින්ට ද සමාගම් ලේකම්වරුන් ලෙස ලියපදිංචි වීමට අවසර ලබා දෙමින්, 2007 අංක 07 දරන සමාගම් පනතේ 527 වගන්තිය යටතේ තමන් විසින් සාදන ලද 2016 12 20 දිනැති, 1998/11 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ‘සමාගම් (ලේකම්වරයන් පිළිබඳ) නියෝග’, අනුමැතිය…

(0)Comments | February 22, 2017 9:38 am

අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට රජයෙන් සමාගමක්

හඳුනාගත් අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල ප්‍රශස්ත කාර්යක්ෂමතාවකින් ආයෝජනය කිරීමට ඉඩ සැලසෙන පරිදි, ශ්‍රී ලංකා රජයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත්, වගකීමෙන් සීමිත පොදු සමාගමක් ලෙස ‘විශේෂ යටිතල පහසුකම් සමාගම’ (SIFCO) ස්ථාපනය කිරීමටත්, දැනට ඉදි කරනු ලැබ ඇති දක්ෂිණ, පිටත වටරවුම්, කොළඹ – කටුනායක යන අධිවේගී මාර්ගවල, ඉදි කෙරෙමින් පවතින හා අනාගතයේ ඉදි කෙරෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල…

(0)Comments | February 22, 2017 8:17 am

රජයේ සුරැකුම්පත් සඳහා Euroclear හඳුන්වා දෙයි

විවිධාංගීකරණය වූ ආයෝජන පදනමක් නිර්මාණය කරමින් විදේශීය ආයෝජකයන් හට රජයේ සුරැකුම්පත් වෙළඳ පොළට සෘජු හා බාධාවකින් තොර ප්‍රවේශයක් සලසාදීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් සඳහා යුරෝ – නිෂ්කාශන (Euroclear) පහසුකම ලබාගැනීමට අවශ්‍ය දේශීය නීතිමය හා නියාමන රාමුවක් ස්ථාපනය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. රජයේ…

(0)Comments | February 22, 2017 7:34 am