Top News

නව ව්‍යවසායකයින් 14,022 ක් හඳුන්වා දීමට ලංකාපුත්‍ර සැරසෙයි

එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ව්‍යවසායකයෙකු ලෙසින් දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 14,022 ආවරණය වන පරිදි නව ව්‍යවසායකයින් 14,022 ක් හඳුන්වා දීමට ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. මෙහි පළමු පියවර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් 100 දෙනෙකු සඳහා ණයපහසුකම් සැලසීමට පියවර ගන්නා ලදී. කෘෂිකර්ම, කර්මාන්ත, සේවා, ස්වයං රැකියා, මත්ස්‍ය, සංචාරක හා තවත් ක්ෂේත්‍ර රැසක් නියෝජනය…

(0)Comments | August 9, 2016 6:23 am

ශ්‍රී ලංකාව වඩා හොඳින් ලෝකය හා සම්බන්ධ කිරීමට රජය සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් අත්වැල් බැඳ ගනියි

ශ්‍රි ලංකාවේ මුල් වරට ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුවක් පැවැත්වෙයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් “වඩා හොඳින් ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කරමු“ යන තේමාව යටතේ මුල් වරට සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව සඳහා සම සංවිධායකත්වය Huawei විසින් දරනු ලැබීය. මෙම සමුළුවේදී බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රයට අදාල කරුණු පිළිබඳව…

(0)Comments | August 9, 2016 4:58 am

කොටස් වෙළෙඳපොළෙන් ගියාට වඩා මුදල් ඇවිත් තිබෙනවා – ප්‍රධාන විධායක කියයි

මෙම වසරේ සහ ඊට පෙර වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ශුද්ධ විදේශීය ගලායාමක් වාර්තා කර තිබුණ ද එය ඊට පෙර වසරවල කොටස් වෙළෙඳපොළ වෙත ගලා ආ විදෙස් ආයෝජන හා සැසඳීමේ දී කුඩා අගයයක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය. පසුගිය දා කොළඹ කොටස් වෙළෙඳපොළේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඒ මහතා මේ…

(0)Comments | August 8, 2016 10:36 am

මුල් මාස 4 දී විදෙස් ණය ගෙවීම් ඉහළට

2016 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් වෙත වූ දේශීය ණය ද ඇතුළුව විදේශීය සෘජු ආයෝජන ලැබීම් 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 346.4 ට සාපේක්ෂව ඩොලර් මිලියන 164.5 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර 2016 අප්‍රේල් මස අග දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළ එක්සත් ජනපද…

(0)Comments | August 8, 2016 9:43 am

ආසියාවේ හොඳම සමාගම් 200 අතරට ශ්‍රී ලංකාවෙන් 3 ක්

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ඩොලර් බිලියනයට අඩු ආසියාවේ හොඳම සමාගම් 200 (Best Under A Billion) අතරට ශ්‍රී ලංකාවේ සමාගම් 3 ක් තේරී පත්වී තිබේ. වාර්ෂිකව ලබන අදායම ඩොලර් මිලියන 5 ත් ඩොලර් බිලියන 1 ත් අතර සමාගම් මෙම වර්ගීකරණය සඳහා සුදුසුකම් ලබනු ඇත. එසේම වාර්ෂිකව ධනාත්මක ශුද්ධ අදායමක් වාර්තා කිරීමත්, ලැයිස්තුගත…

(0)Comments | August 8, 2016 8:49 am

දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින්

2015 වසරේ පළාත්බද දළ ජාතික නිෂ්පාදිත වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොබෝදා එළිදක්වනු ලැබීය. මෙම වාර්තාවට අනුව 2015 වසරේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය රුපියල් බිලියන 11,183 ක් ලෙසින් දැක්වේ. එහිදී එක් එක් පළාත වෙතින් මේ සඳහා ලැබුණු දායකත්වය වෙනවෙනම ගණනය කිරීමට මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඊට අනුව පිළිවෙලින් බස්නාහිර රු….

(0)Comments | August 8, 2016 6:51 am

ජූලි මාසයේ සංචාරක පැමිණීම 19% කින් ඉහළට

2016 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 209,351 ක් දක්වා 19.1% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංචර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා අනාවරණය කර සිටී. ඒ 2015 වර්ෂයේ සමාලෝචිත මාසයේ වාර්තා වූ 175,804 ක සංචාරකයින් ප්‍රමාණයට සාපේක්ෂවය. මේ අනුව 2016 පළමු මාස 07 තුළ දී 1,173,618 ක සංචාරකයින් ප්‍රමාණයක් මේ දක්වා…

(0)Comments | August 8, 2016 5:56 am

කාන්තා ව්‍යවසායකත්වය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

කාන්තා ව්‍යවසායකත්ව කර්මාන්ත දිරි ගැන්වීමේ අරමුණින් සෑම දෙවසරකට වරක් පවත්වනු ලබන කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි. ශ‍්‍රී ලංකා ආර්ථිකයට ලබාදෙන සුවිශේෂී දායකත්වය අගයමින් කාන්තා ව්‍යවසායිකාවන් 10 දෙනෙකුට මෙහිදී සම්මාන ප‍්‍රදානය කෙරුණු අතර හොඳම ව්‍යවසායකත්වයට හිමි රන් සම්මානය ජනාධිපතිතුමා අතින් ව්‍යවසායිකා ලක්මිණී විජේසුන්දර මහත්මියට පිරිනැමිණි. කාන්තා…

(0)Comments | August 8, 2016 4:39 am

ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට ජෙට්වින් හරසර

ඕස්ට්‍රේලියාවට එරෙහිව වසර 17 කට පසු ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතීමට ජෙට්වින් ලයිට් හවුස් හෝටලය එක් වී තිබේ. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද දින අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 229 ක ජයක් හිමිකර දෙමිනි. ගාල්ල තරඟය පැවැත්වෙන අතරතුර දී ශ්‍රී ලංකා පිල…

(0)Comments | August 6, 2016 3:51 pm

ඔලිම්පික් ගිය හැමෝම දිනුම්

තෑග්ග Samsung Galaxy S7 edge ස්මාර්ට් ජංගම දුරකතනයක් සිව් වසරකට වරක් පැවැත්වෙන ලොව සුපිරි ක්‍රීඩා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ත්‍යාගයක් ප්‍රදානය කිරීමට සැම්සුන්ග් සමාගම පියවර ගෙන තිබේ. මෙවර 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) දින බ්‍රසීලයේ රියෝ නුවර දී නිල වශයෙන් ඇරඹි අතර ඒ සඳහා සැම්සුන්ග්…

(0)Comments | August 6, 2016 3:12 pm