ශ්‍රී ලංකාව සහ කොරියනු රජය අතර පවත්නා ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් කොරියානු ජනරජ ආණ්ඩුව, කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට අදාළ ගිවිසුමකට ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ කොරියානු තානාපති වොන්-සෑම් චැන් මහතා…
භාණ්ඩවල උපරිම සිල්ලර මිල නියම කිරීම සඳහා වන ඉන්දියානු ක්‍රමවේදය නුදුරේ දීම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ආනයනකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් අතර සාකච්ඡා පවත්වා භාණ්ඩයක් අලෙවි කළ හැකි උපරිම මිලක් ප්‍රකාශයට පත් කරන බවයි. පසුගිය දා (12) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට…
බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් පීඑල්සී හි 72.13% ක කොටස් අයිතිය මිල දී ගැනීමට Lotus Renewable Energy (Pvt) Ltd විසින් අද (13) දිනයේ දී පියවර ගනු ලැබීය. මෙහිදී බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් සමාගමේ පළමු, දෙවන කොටස්කරුවන් වූ පුස්සැල්ලාව වැවිලි සමාගමට සහ බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමට අයිති කොටස් 37,044,056 ක් බැගින් සහ සමාගමේ සිව්වන කොටස්කරුවා වූ FLMC ප්ලාන්ටේෂන්ස්…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 6 වන දිනයටත් අද දිනයේ දී ඉහළ යන ලදී. දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 1.47 කින් ඉහළ ගොස් ඒකක 6,402.78 ක් ලෙසින් වාර්තා විය. අද දිනය තුළ කැපී පෙනුණු සිද්ධිය වූයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය සීමාව පසුකර යාමයි. වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ කොටස්…
කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බතියුදීන් මහතා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල මහතා ව ලංකා සතොස ආයතනයේ කළමනාකාර විශේෂඥයෙකු ලෙස පත් කර ඇත. ජූලි 13 දින උදැසන පදනම් ආයතනයේ දී ලංකා සතොස හි විවිධ කළමනාකරුවන් 300 කට අධික පිරිස සඳහා පුහුණු සැසියකදී රිෂාඩ් ඇමැතිවරයා මේ බව හෙලි කරන ලදී. කළමනාකරුවන් තම…
අන්තර් ජාතික සෝලාස් සම්මුතිය හෙවත් සමුද්‍රයේ ජීවිතාරක්ෂාව පිළිබඳ සම්මුතිය (SOLAS-Safety of Life at Sea) පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද බහළුගත නැව්භාණ්ඩ ධාරිතාව නිශ්චය කිරීම සිය බහළු පර්යන්තයන්හීදී (container terminals) ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. ඒ අනුව,ජය බහළු පර්යන්තය හා සමඟි බහළු පර්යන්තයන්හීදී නැව් ගත කරන සියළු බහළුවල අඩංගු නැව් භාණ්ඩ වල ධාරිතාව (Container gross…
වර්තමානයේදී මහජනතාව විසින් භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී යොදාගනු ලබන වඩාත් පහසුම ක්‍රමවේදය වනුයේ වීසා, මාස්ටර්කාඩ්, ඇමරිකන් එක්ස්ප්‍රස් වැනි අන්තර්ජාතික ණය කාඩ්පත් භාවිත කිරීමය. එසේ වූවද එවැනි ගනුදෙනුවලදී අයකරනු ලබන ගාස්තු ක්‍රමයන් ඇතුළු විවිධ හේතු නිසා ශ්‍රී ලංකාව තුළ එකී කාඩ්පත් මඟින් ගෙවීම් සිදු කිරීම තවමත් සාපේක්ෂව අඩු මට්ටමක පවතියි. ගනුදෙනුවේ වටිනාකම වැඩිවීම මත අදාළ…
ලියාපදිංචි අයිතිකරු මාරු වී බොහෝ කාලයක් ගත වී ඇති වාහනවල පැවරීම ලියාපදිංචි කිරීමකින් තොරව මුල් අයිතිකරු නමින්ම භාවිතා කිරීම හා විවෘත පැවරීම් ලේඛන මත විවිධ පුද්ගලයන් අතර වාහන හුවමාරු වීම හේතුවෙන් රජයට අයවිය යුතු පැවරීම් ගාස්තු ඇතුළු විශාල ආදායමක් අහිමි වන අතර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටද ඒ හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇති…
ඇතැම් ආයතනවල අභිවෘද්ධිය සඳහා රාජය හා පෞද්ගලික යන අංශ දෙකේම සහයෝගීතාව ලබා ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ දී පැවති ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ සමුළුව අමතමිනි. මෙලෙසින් අවධානය යොමු කොට ඇති ආයතන අතර හිල්ටන්, හයට් හා ලංකා හොස්පිටල් යනාදී සමාගම් පිළිබඳව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන…
ඇමරිකානු ඩොලර් මිලියන 133 ක ආයෝජනයකින් නව හෝටල් ව්‍යාපෘති 7 ක් සඳහා මුලපිරෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කර සිටී. Summer Season (Pvt) Ltd, Sofia Colombo (Pvt) Ltd, The Golden Crown Hotel (Pvt) Ltd, Galle Heritage Lanka (Pvt) Ltd, Marine Drive Hotel (Pvt) Ltd, Management and Ivestment Combine (Pvt) Ltd සහ Hurihela Pathana (Pvt)…
Video Story