Top News

ඩයලොග් ප්‍රධාන විධායක ධූරය හාන්ස්ගෙන් සුපුන්ට

ඩයලොග් ආසියාටා පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ ධුර කාලය 2016 වසර අවසානයේ දී නිමා වීමට නියමිත බව සමාගම නිවේදනය කර සිටී. ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ගේ සමුගැනීමෙන් අනතුරුව නව ප්‍රධාන විධායකවරයා ලෙසින් 2017 ජනවාරි 01 වැනිදා සිට සුපුන් වීරසිංහ මහතා වැඩ භාර ගැනීමට නියමිතය. මේ අතර ඩයලොග් ආසියාටා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල…

(0)Comments | July 13, 2016 3:59 am

විදෙස් ආයෝජකයෝ විවේක සුව විඳිද්දී හේලීස් ෆයිබර් 25% කින් නගී

කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේ දීද අඛණ්ඩව පස්වන දිනයට ත් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,401.31 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 29.07 ක හෙවත් 0.46% ක ඉහළ යාමකි. අද දින පිරිවැටුම රුපියල් මිලියන 562.57 ක් ලෙසින් වාර්තා වූ අතර මෙහිදී දේශීය ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය වැඩි…

(0)Comments | July 12, 2016 11:09 am

මඩකළපුව ගුවන්තොටින් නැගෙනහිර පළාතත් උඩුගුවනට

ශ්‍රී ලංකාවේ නැගෙනහිර අන්තය කරා ගුවන් ගමන් පහසු කරලමින් මඩකළපුව ගුවන්තොටුපළ පසුගිය ජූලි 10 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය. මෙතෙක් කලක් යුධමය කටයුතු සඳහා භාවිතයට ගැනුණු මෙම ගුවන්තොටුපළෙහි ධාවන පථය මීටර 1,500 ක් දක්වා දීර්ඝ කිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානතම කාර්ය වූ අතර මීට අමතරව නව මගී පර්යන්තයක් ද ඉදිකෙරිණි. මෙම මුලපිරීමත් සමඟම…

(0)Comments | July 12, 2016 7:57 am

කොළඹ නගරයේ නව මහල් නිවාස ව්‍යාපෘති 11 ක්. වටිනාකම ඩොලර් මිලියන 259 යි

කොළඹ නගරය තුළ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලනු වස් නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගිය ජූනි මාසය තුළ දී පියවර ගනු ලැබීය. ඇමරිකානු ඩොලර් මිලියන 259 ක මුදලක් මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන බවත් සෘජු රැකියා අවස්ථා 900 කට අධික ප්‍රමාණයක් මේ හරහා නිර්මාණය…

(0)Comments | July 12, 2016 7:23 am

ආයෝජන මණ්ඩලය නව ගිවිසුම් 46 කට අත්සන් තබයි. නව රැකියා 8000 ක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගිය ජූනි මාසයේ දී නව ආයෝජන ගිවිසුම් 46 කට අත්සන් තැබූ බව නිවේදනය කර සිටී. මේ හරහා ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතිවල මුලු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 982 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබේ. නිෂ්පාදන, ඉදිකිරීම්, මිශ්‍ර ව්‍යාපෘති, හෝටල්, කුඩා ජලවිදුලි බලාගාර, සූර්ය බලශක්ති, ඇඟළුම්, අධ්‍යාපන, පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි…

(0)Comments | July 12, 2016 6:26 am

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.5 ක බැඳුම්කර විකුණයි

ශ්‍රී ලංකා රජය ඊයේ (12) දිනයේ දී කැඳවන ලද ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව හරහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය නිවේදනය කර සිටී. මේ සඳහා ඩොලර් බිලියන 6.6 ක ඇණවුම් ඉදිරිපත් වී තිබුණු බවත් අවම පිරිවැයක් යටතේ මෙම ඩොලර් බිලියන 1.5 ක මුදල රැස් කර ගැනීමට හැකි වුණු බවත්…

(0)Comments | July 12, 2016 6:03 am

කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි

අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී රුපියල් මිලියන 878.75 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි. මෙහිදී පසුගිය දින කිහිපය තුළ මෙන් අද දිනයේ දී විදේශීය අංශය සංක්‍රීය අයුරින් දායක වී තිබෙනු දැකිය හැකි විය. ඒ අනුව අද දිනයේ දී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 427.24 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය විකිණුම්…

(0)Comments | July 11, 2016 12:47 pm

පීපල්ස් මර්චන්ට් අවසාන තීන්දුව ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීමට තීරණය කර තිබේ. පසුගිය ජූලි 08 වැනිදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දී ඇති මාර්ගෝපදේශ අනුව මෙම මූල්‍ය වර්ෂය තුළ දී මෙකී ඒකාබද්ධ වීම…

(0)Comments | July 11, 2016 12:36 pm

වැට් ට වැට බැඳෙයි

සංශෝධනය කරන ලද වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු නියෝගය වහාම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. අග විනිසුරු කේ. ශ්‍රී පවන් හා බුවනෙක අලුවිහාරේ සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත්…

(0)Comments | July 11, 2016 12:08 pm

ව්‍යාපාර කිරීමේ විශ්වාසය බිඳ වැටිලා – සමීක්ෂණයකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය මේ වන විට හීනවෙමින් පවතින බව වාර්තා වේ. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් මෙහෙයවන ලද සමීක්ෂණයක් තුළින් මේ බව අනාවරණය වී ඇත. මෙම සමීක්ෂණයට අනුව පසුගිය ජූනි මානය තුළ දී LMD-Nielsen ව්‍යාපාරික විශ්වස්‍යතා දර්ශකය (LMD-Nielsen Business Confidence Index – BCI) මැයි මාසයේ අගය වූ 141 සිට 126 දක්වා…

(0)Comments | July 11, 2016 9:44 am