පසුගිය දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio – SRR) 7.50% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ. මෙතෙක් 6% ක්ව පැවත් මෙම අගය 2016 ජනවාරි 16 දින ආරම්භ වන සංචිත කාලපරිච්ඡේදයේ සිට මෙලෙස 7.5% දක්වා ඉහළ නංවන බව ශ්‍රී ලංකා…
කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා පනවා තිබූ කොටස් ගනුදෙනු බද්ද (Share Transaction Levy) අහෝසි කිරීමෙන් පසු සිදුකළ පළමු ගිවිසාගත් ගනුදෙනුව (Crossing) මීට සුළු මොහොතට පෙර සිදුවිය. අද පෙරවරුවේ සිදුවූ මෙම ගනුදෙනුවේ දී සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී හි ප්‍රධානතම කොටස්හිමියා වූ සිංගර් (ශ්‍රී ලංකා) BV සතුව තිබූ 83.55% ක කොටස් හිමිකාරීත්වය විකුණා දමා තිබේ. මෙහිදී අලෙවි කරන…
ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් දෙන ණය ලබාගෙන, අපගේ අපගේ අරමුණු කරා යාමට උනන්දු විය යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කුමාර චාපා බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. කුමාර චාපා බණ්ඩාර මහතා සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
2015 වසරේ දී කොළඹ කොටස් වෙළෙපොළේ ගනුදෙනු පසුගිය දෙසැම්බර් 31 වන දින අවසන් වූ අතර නව වර්ෂයේ, එනම් 2016 වර්ෂයේ ගනුදෙනු, එළඹෙන ජනවාරි 04 වැනි සඳු දින ආරම්භවීමට නියමිතය. සම්ප්‍රදායිකව වසරේ පළමු දිනය හෙවත් ජනවාරි 01 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයකි. 2015 වසර ආරම්භයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස්…
පෙරේදා (2015 දෙසැම්බර් 31) අද දෙරණ කළ විමසීමක දී සමාගම් ලියාපදිංචිය හා පවත්වා ගෙන යාම සඳහා නව ගාස්තු ක්‍රියාත්මක වීමක් පිළිබඳ තමන් දැනුවත් වී නැතැයි ප්‍රකාශ කළ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් රන්ජන් සිරිවර්ධන මහතා ඊයේ දිනයේ දී (2016 ජනවාරි 01) අප ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ නව ගාස්තු ක්‍රමවේදය 2016 ජනවාරි 01 වැනි දා…
අද සිට සියලු දුම්වැටි වර්ගවල මිලගණන් ඉහළ දමා තිබේ. මේ අනුව රු.1.00 සහ රු. 2.00 බැගින් වන පරිදි එක් එක් සන්නාමයන්ගෙන් යුතු දුම්වැටි මිල ඉහළ ගොස් තිබේ. අද සිට බලපැවැත්වෙන නව මිල ගණන් මෙසේය. ඩන්හිල් ස්විට්ච් – රු. 40.00 (රු. 2 කින් ඉහළට) ඩන්හිල් ලයිට්ස් – රු. 37.00 (රු. 2 කින් ඉහළට) බෙන්සන් ඇන්ඩ් හෙජස්…
ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන සභාපති අජිත් වත්තුහේවා “පසුගිය දශක තුනක පමණ කාලයක් මෙරට පවතින විරැකියාව ලබා දෙන තාවකාලික විසඳුමක් ලෙස විදේශීය ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම ආරම්භ වියග අද වන විට එය සමස්ත ලාංකීය සමාජය තුළ ක්‍රියාත්මක එක් අතුරු සංස්කෘතියක්. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන සුවිශේෂී මූල්‍ය උත්පාදන ප්‍රභවයක් එයට මෙම ක්‍රියාවලියේ අභ්‍යන්තරය…
2016 අයවැය යෝජනා ප්‍රකාරව බදු වර්ග රැසක් අද (2016 ජනවාරි 01) සිට සංශෝධනය වන බව මුදල් අමාත්‍යාංශය කියා සිටී. මේ අනුව එකතු කළ අගය මත බද්ද (VAT) සහ ජාතික ගොඩනැගීමේ බද්ද (NBT), ඔට්ටු හා සූදු බද්ද, ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) සම්බන්ධයෙන් වන යෝජනා අද දින සිට ක්‍රියාත්මක වනු ඇත. මීට අමතරව කොටස් ගනුදෙනු සඳහා…
2015 වසරේ තුන්වන කාර්තුවේ ආර්ථිකය 4.8% කින් වර්ධනය වී තිබෙන බව අද පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කියා සිටියේය. පසුගිය 2014 වසරේ අදාළ කාර්තුවේ දී ආර්ථික වර්ධන අගය වාර්තා වී තිබුණේ 4.7% ක් ලෙසිනි. මෙහිදී දළ දේශීය නිෂ්පාදිතයට 57.1% ක දායකත්වයක් ලබාදෙන සේවා අංශය මෙම වසරේ තෙවන කාර්තුව තුළ දී…
රජයේ නව අයවැය යෝජනාවන්ට අනුව ලියාපදිංචි සමාගම් සඳහා වන ගාස්තු ඉහළ දැමීම හේතු කොට ගෙන බොහෝ කුඩා පරිමාණ සමාගම් හිමියන් සිය සමාගම් වසා දමන්නට පියවර ගෙන තිබේ. එසේම පවතින සමාගමක් ඈවර කිරීම සඳහා ලබන වසරේ සිට රුපියල් ලක්ෂ 5 ක ගාස්තුවක් අයකරන බව ද මුදල් අමත්‍යාවරයා සිය අයවැය කතාවේ දී යෝජනා කර තිබුණි. මේ හේතුව…
Video Story