Top News

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස දැනට පවතින මට්ටමේ  නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම මෙන්ම ගෝලීය අවිනිශ්චිතතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු…

(0)Comments | January 28, 2026 7:39 am

2025 පළමු අර්ධ වර්ෂය සඳහා සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කරයි

2025 පළමු අර්ධ වර්ෂය සඳහා සාමාජික ගිණුම් ප්‍රකාශ මේ වන විට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම ගිණුම් ප්‍රකාශ තැපැල් මගින් අදාල සේවායතන වෙත යොමු කර ඇති බවත්, ඔබගේ ගිණුම් ප්‍රකාශය ඔබගේ සේවාදායකයාගෙන් ලබාගන්නා ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව EPF සමාජිකයන්හට අවධාරනය කර සිටියි.

(0)Comments | January 27, 2026 4:56 pm

කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමක්

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ විවිධ ක්ෂේත්‍රවලට අදාළ දිගුකාලීන හා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන රුමේනියාව, විශේෂයෙන් ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර හා සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික කාණ්ඩ අතර ප්‍රචලිත වෙමින් පවතින ගමනාන්තයක් බවට පත් ව තිබේ. වර්තමානයේදී රුමේනියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම, ශ්‍රී ලංකා විදේශ…

(0)Comments | January 27, 2026 4:43 pm

24,000 කඩඉම ආසන්නයේ කොටස් වෙළෙඳපොළ අද නතරවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (27) දිනයේ දී දක්නට ලැබුණි. එහි දී දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 7.07කින් ඉහළ ගොස් ඒකක 23,960.16ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 9.25කින් ඉහළ ගොස් ඒකක 6,672.37ක් ලෙසින් සටහන් විය. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 5.20 කි.

(0)Comments | January 27, 2026 4:34 pm

රොක් පොස්පේට් සඳහා අගය එකතු කරන්න ආයෝජකයින් 14ක්

ලංකා පොස්පේට් සමාගම මඟින් කැණීම් කරනු ලබන රොක් පොස්පේට් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යට‌තේ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස 2025-08-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී අමාත්‍ය මණ්ඩල තිරණය පරිදි අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර, අභිලාෂ ප්‍රකාශ කිරීම් 14ක් ලැබී ඇත….

(0)Comments | January 27, 2026 2:55 pm

කොළඹ බාලදක්ෂ මාවතේ අධි උස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්

රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති, කොළඹ 03, බාලදක්ෂ මාවතේ පිහිටි, ප්‍රමාණයෙන් හෙක්ටයාර 0.42කින් යුක්ත ඉඩම් කොටසක් සුදුසු සංවර්ධන කටයුතු සඳහා බැහැර කිරීමට යෝජනා වී තිබේ. බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය සඳහා වූ සංවර්ධන නියාමන සැලැස්මට අනුව අදාළ ඉඩම මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා ඇති බැවින්, නාගරික…

(0)Comments | January 27, 2026 2:52 pm

දියවන්නා ඔය දෙපස දියත් කෙරෙන Frolic Island Recreational Hub විනෝදාස්වාද ව්‍යාපෘතියට ආයෝජකයින්ට ආරාධනා

බත්තරමුල්ල, දියවන්නා ඔය ආශ්‍රිත තෙත් බිම් කලාපය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ අග නගරයේ ගංවතුර වැළැක්වීමේ සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලය ආශ්‍රිත ප්‍රදේශයෙහි ජලාපවහන සංවර්ධන කටයුතු නිම කරනු ලැබ ති‌බේ. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහජනයාගේ විනෝදාස්වාදය සඳහා…

(0)Comments | January 27, 2026 2:27 pm

දුම්රිය දෙපාර්තමේන්තුවට යුරෝ මිලියන 1.1ක නව තාක්ෂණික උපකරණ

යුරෝ මිලියන 1.1ක වියදමින් රත්මලාන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයට, නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් යුරෝ මිලියන 1.1ක වියදමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කර ඇත. නවක පත්වීම් ලද දුම්රිය රියදුරන්ගේ කඩිනම් පුහුණුව වෙනුවෙන් නව තාක්ෂණික උපකරණ සහ තාක්ෂණික දැනුම එකතු වුනු මේ තාක්ෂණික මධ්‍යස්ථානය ගොඩ නගා තිබේ. යූරෝ මිලියන…

(0)Comments | January 27, 2026 1:58 pm

ඉන්දියාව හා යුරෝපා සංගමය අතර දැවැන්ත වෙළෙඳ ගිවිසුමක්

වසර ගණනාවක් පුරා පැවති සාකච්ඡා සාර්ථක ලෙස නිමාවට පත් කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය ලොව දැවැන්තම වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇත. ඉහළ ජාත්‍යන්තර අවධානයකට ලක් වූ මෙම වෙළෙඳ ගිවිසුමට අනුව ඉන්දියාවේ අපනයනවලින් 17%ක් යුරෝපා සංගමය වෙත යැවෙන අතර යුරෝපා සංගමය විසින් සිදුකරන මුළු ආනයනවලින් 9% ක් ඉන්දියාවෙන් පැමිණෙනු ඇත. මෙම ගිවිසුමට අනුව ඉන්දීය භාණ්ඩවලින් 90%කට වඩා…

(0)Comments | January 27, 2026 1:47 pm

2025 දී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 5ක ආදායමක්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ නිමි ඇඳුම් අපනයනය 2025 වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 447.1ක් බවට පත් වෙමින් පෙර වසරේ අදාල කාලසීමාව සමග සැසඳීමේදී අපනයන ආදායම 5.43%කින් වර්ධනය වූ අතර මෙම අගය පෙර වසරේදී ඩොලර් මිලියන 424.18ක් විය. ඇඟලුම් අපනයනය කරනු ලබන ප්‍රධාන වෙළෙඳපොල වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියට සිදු කල අපනයනයන්ගේ…

(0)Comments | January 27, 2026 1:06 pm