Top News

ලෝක රන් මිල වාර්තාගත ඉහළම අගයකට පැමිණෙද්දී මෙරට රන් මිල රු. 12,000කින් ඉහළට

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (26) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි. ඒ අනුව අද උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල පෙර දිනයට සාපේක්ෂව රු. 12,000කින් ඉහළ…

(0)Comments | January 26, 2026 12:26 pm

‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව

දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය Rebuilding Sri Lanka වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අනුව, ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන…

(0)Comments | January 26, 2026 11:47 am

ශ්‍රී ලංකාවට එන විදෙස් ආයෝජකයින්ට වසර 15ක් දක්වා බදු විරාම

නව දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ, කොළඹ වරාය නගරය නව මූල්‍ය හා වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට කටයුතු කරන බවත්, එහිදී විදෙස් ආයෝජකයින් හට වසර 15ක් දක්වා බදු විරාම ලබා දීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. Gulf News පුවත් සේවය වෙත මේ බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්…

(0)Comments | January 26, 2026 11:08 am

ඩයලොග්, ICC විස්සයි විස්ස ලෝක කුසලාන 2026, ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන්ගේ සමීප අත්දැකීමක් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, සමස්ත ක්‍රිකට් ලොවම පුල පුලා බලා සිටි ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නිමිති කරගනිමින්, සිය පාර්ශ්වකරුවන් සහ ක්‍රීඩාලෝලීන් ඒකරාශි කරගත් අභිමානවත් උත්සවයක් පවත්වන ලදී. ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉකුත් වසර ගණනාව පුරා නොසැලෙන කාර්යභාරයක නිරත වී සිටින ඩයලොග් සමාගම, විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය…

(0)Comments | January 26, 2026 10:09 am

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සහාය වීමට සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ලෝක බැංකුවේ IFC වෙතින් ඩොලර් මිලියන 166ක ආයෝජනයක්

ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (International Finance Corporation – IFC) විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 166ක ආයෝජන වැඩසටහනක් අද (25) දින නිවේදනය කළේය. ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර වර්ධනය දක්වා රට පරිවර්තනය වීම වේගවත් කිරීම වෙනුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව විසින් මෙම ආයෝජනය සිදුකරනු ලැබේ. මෙය ලෝක බැංකු…

(0)Comments | January 25, 2026 3:30 pm

2025 දී සෘජු විදෙස් ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවයි – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී  ඩොලර් බිලියන 1 ක විදේශ සෘජු ආයෝජන (FDI) ඉක්මවා යමින් එහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යක් වෙත පැමිණ ඇත. 2024 වසරට සාපේක්ෂව 72% ක වැඩිවීමක් නියෝජනය කරමින් 2025 වසර සඳහා  සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඇ.ඩො. මිලියන 1,057 ලෙස…

(0)Comments | January 23, 2026 4:35 pm

කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමකට පැමිණෙද්දී අද රු. බිලියන 10.5ක වාර්තාගත පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (23) දින නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයයන් වාර්තා කිරීමට සමත් වූ අතර එහිදී කැපීපෙනෙන කාරණය වූයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණීමයි. කෙසේවෙතත් දිනය නිමාවේ දී එහි අගය ඒකක 23,956.51 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 142.74ක ඉහළ…

(0)Comments | January 23, 2026 4:05 pm

හෝමාගම, කඩුවෙල, පන්නිපිටිය, පිළියන්දල ඉඩම් මිල සීඝ්‍රයෙන් ඉහළට

LankaPropertyWeb (LPW) විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික ඉඩම් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හී තදාසන්න නගරවල ඉඩම් මිල ශක්තිමත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ. එහි දැක්වෙන පරිදි කොළඹ 1-15 නගර සීමාව තුළ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල (Average land prices per perch) රු. මිලියන 12ක් දක්වා 4%ක…

(0)Comments | January 23, 2026 2:41 pm

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 24,000 මට්ටමට පැමිණෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 24,000 සීමාවට අද (23) දින පැමිණෙන ලදී. අද දිවා ගනුදෙනු සැසිය තුළ පස්වරු 1.20ට පමණ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණ තිබුණි.

(0)Comments | January 23, 2026 1:38 pm

හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන හා ජනපති අනුර අතර හමුවක්

හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වීමට හැකි වූ බවයි. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ…

(0)Comments | January 23, 2026 11:15 am