ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 දෙසැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.9% ක් දක්වා ඉහළ ගොස් ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2025 නොවැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.4% ක් ලෙසයි. නොවැම්බර් මාසයේ දී 3.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා නැවත අලුත් කරමින් ප්‍රධාන මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (21) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණීමට සමත්වීම විශේෂත්වයකි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 182.58කින් ඉහළ ගොස් ඒකක 23,806.32 ක් ලෙසින් සටහන් වූ අතර දෛනික ගනුදෙනු අවසානයේ දී…
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2025 තෙවන කාර්තුවේ දී 49.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර සිටී. මෙම ප්‍රමාණයෙන් 68.6%ක් පිරිමි පුද්ගලයින් වන අතර 33.9% ක් කාන්තාවන් වේ. 2024 තෙවන කාර්තුව වන විට 46.9% ක් ලෙසින් දැක්වුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය මෙලෙස මාස…
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (21) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මේ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල වාර්තා වනුයේ ඩොලර් 4,843.67ක් ලෙසයි. ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026-2030 පිළිබඳ ජාතික උපදේශන සමුළුව එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. රටේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ජාතික ආයතනය ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන මත පදනම් වූ ආර්ථික පරිවර්තනයට මඟ පෙන්වීම සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මේ…
ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව…
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ. 2026 ජනවාරි මස පළමු…
Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අභිලාෂ කැඳවා තිබේ. Sinolank යනු කොළඹ ඉහළ වානිජ වටිනාකමක් ඇති ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් සමාගමයි. ග්‍රෑන්ඩ් හයට් යනු ජාත්‍යන්තර තරු 5 ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ඉහළම මට්ටමේ සුවිශේෂී ආගන්තුක සත්කාර…
පළමු සති දෙකේදී සාත්තු සේවකයින් 107ක් ඊශ්‍රායලයට… 2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ. කාර්යාංශයේ හෝ කාර්යාංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාව හදාරා NVQ III සහතිකය ලබා ඇති හෝ හෙද වෘත්තියේ මාස 11ට නොඅඩු පළපුරුද්ද ඇති, වයස…
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ නිවාස ඒකක 4,074 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උප ව්‍යාපෘති 06න් එක් උප ව්‍යාපෘතියක් වන රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020-03-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය…
Video Story