Top News

ස්මාර්ට් නගරයකට කොරියාවෙන් ඩොලර් බිලියන 63 ක්

ශ්‍රී ලංකාව තුළ ස්මාර්ට් නගර ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 63 ක් ආයෝජනය කිරීමට කොරියානු ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අද (24) දිනයේ දී අත්සන් තබා ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 9,000 ඉක්මවූ ආයෝජනයකි. මෙම ස්මාර්ට් නගර ව්‍යාපෘතිය සඳහා දකුණු කොරියානු ඉඩම් අමාත්‍ය කැන්ග් හො-ඉන් සහ මෙරට මෙගාපොලිස්…

(0)Comments | May 24, 2016 11:55 am

2016 අප්‍රේල් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය හැසිරුණු හැටි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 අප්‍රේල් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 111.6 ලෙස ගණනය කර ඇත. අප්‍රේල් මාසයේ දර්ශකය මාර්තු මාස‍යේ දර්ශකය (110.0) හා සංසන්දනය කල විට 1.6ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.5ක වැඩිවීමක් වාර්තා වේ. මේ සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.45% කින් වැඩිවීම…

(0)Comments | May 24, 2016 4:58 am

ඔබට තවත් රටක පුරවැසිභාවය අවශ්‍යය ද? පුරවැසිභාවය මුදලට ලබා ගත හැකි හොඳම රටවල් 10 මෙන්න

යම් රටක පුරවැසියෙකුට තවත් රටක පුරවැසිභාවය ලබා ගැනීමේ දී දීර්ඝ කාලීන ක්‍රියාපටිපාටියකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් Premier Offshore වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි 2016 වසරේ දී මුදල් ආයෝජනය තුළින් පමණක් පුරවැසිභාවය ලබා ගත හැකි රටවල් 10 ක් අනාවරණ කර තිබේ. එසේම යම් පුද්ගලයෙකුට දෙවන පුරවැසිභාවයක් ලබා ගැනීම තුළින් ලැබිය හැකි ප්‍රතිලාභ ගණනාවකි. නිදසුනක් ලෙසින්…

(0)Comments | May 24, 2016 12:02 am

අලුත්ම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය. ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී…

(0)Comments | May 24, 2016 12:01 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 මැයි 20 පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 6.55 සහ 8% මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය වී ඇත. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් වර්ධනය 2016 පෙබරවාරි මස පැවති 19.8% හා සාපේක්ෂව…

(0)Comments | May 23, 2016 6:25 am

මුල කාර්තුවේදී වෙළෙඳ හිඟය අඩුවෙයි. රුපියලේ අගය තවදුරටත් පහළට.

2016 වසරේ පළමු මාස තුන වෙළෙඳ ගිණුමේ හිගය 2.2% කින් අඩු වී තිබේ. මේ අතර වසරේ මුල් මාස 4 තුළ දී සංචාරක ඉපයීම් 20% කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පළමු කාර්තුව තුළ 8.1% ක ඉහළ යෑමක් වාර්තා කර ඇත. පෙර මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2…

(0)Comments | May 23, 2016 4:46 am

තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනයට මුල පිරේ

ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට මෙන්ම විදේශීය ශිෂ්‍යයන්ටද අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් විදේශ විනිමය ඉපැයිය හැකි උසස් අධ්‍යාපන ආයතනයක් ‘තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය’ (Asia Institute for Science of Technology- AIST) නමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජනයක් වශයෙන් ස්ථාපිත කිරීමට අදහස් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන හවුල්කරුවකු වන ජපානය මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයීම සඳහා…

(0)Comments | May 23, 2016 4:19 am

මෙගාවොට් 10ක සූර්ය තාප විදුලි උත්පාදන බලාගාරයක් වව්නියාවට

වයිඩෙක්සා (ලංකා) පවර් කෝපරේෂන් පෞද්ගලික සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 14.5 ක පමණ ආයෝජනයකින් මෙගාවොට් 10 ක ධාරිතාවකින් යුත් සූර්යතාප විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වව්නියාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති අතර, එමඟින් ‍වාර්ෂිකව ගිගාවොට් පැය 19 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වව්නියාව, නැඳුන්කුලම, කට්ටාර්සින්නකුලම…

(0)Comments | May 23, 2016 4:11 am

ගිය මාසේ උද්ධමනය උඩට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ වාර්තා වූ 2% හා සාපේක්ෂව 2016 අප්‍රේල් මාසයේ දී 3.1% ක් විය. ඒ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය, 2016 මාර්තු මස වාර්තා කරන ලද 1.1% සිට 2016 අප්‍රේල් මාසයේ දී 1.3% දක්වා ඉහළ…

(0)Comments | May 23, 2016 3:36 am

ගංවතුර හමුවේ කොළඹ කොටස් පසු බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පසුගිය සතිය අවසානයේ දී පහළ බසින ස්වභාවයක් පෙන්නුම් කරන ලදී. එහිදී පසුගිය සිකුරාදා (20) දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14.86 කින් පහළ ගොස් ඒකක 6,633.27 ක් ලෙසත්, S&P SL20දර්ශකය ඒකක 6.05 කින් පහළ ගොස් ඒකක 3,454.64ක් ලෙසත් වාර්තා විය. පිළිවෙලින් මෙම මිල දර්ශක සිකුරාදා දිනයේ…

(0)Comments | May 22, 2016 7:15 pm

Video Story

Stock Market

Exchange Rates