Top News

පිටරට අධ්‍යාපනය වෙනුවෙන් ඇදී යන මුදල් නවතා ගන්නේ කෙසේද ? Video Interview

විදේශ අධ්‍යාපනය සඳහා මෙරටින් ඇදී යන අතිවිශාල මුදල් සම්භාරය හා ඒ පිළිබඳ වෙනත් කරුණු සම්බන්ධයෙන් මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සහ ජාත්‍යන්තර පාසලේ සභාපති උපුල් දරණගම මහතා අද දෙරණ BIZ 24×7 සමඟින් කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවයි මේ.

(0)Comments | November 7, 2015 7:13 am

අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්තිය තරගකාරී සමාජ වෙළඳ පොළ ආර්ථිකයක් ගොඩනැගීමේ පදනමයි – ආචාර්ය හර්ෂ කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් මෙරටට තිරසාරාත්මක වර්ධනයක් ළඟාකර ගැනීමට අවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළින් ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ. මැතිවරණ සමයේදී අපි විසින් පොරොන්දු වූ ඉහළ වැටුපක් ලැබෙන නව රැකියා දස ලක්ෂයක් බිහිකරන සමාජ සාධාරණත්වය සහ දැනුම මුල් කරගත්…

(0)Comments | November 7, 2015 5:28 am

මිල ස්ථාවර වන තෙක් වෙන්දේසියෙන් තේ ගැනීමට මණ්ඩලේ සූදානම්

හොඳ තත්ත්වයේ තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 430 ක් වන මිල යටතේ ඉදිරි වෙන්දේසිවල දී තේ මිල දී ගැනීමට තේ මණ්ඩලය තීරණය කර තිබේ. මේ සඳහා අවශ්‍ය අරමුදල් රජයෙන් ලබා දීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගන්නා රටවල පවතින අර්බුදකාරී තත්ත්වය…

(0)Comments | November 6, 2015 11:49 am

දශ ලක්ෂ විසිදහසක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක්

එළඹෙන නොවැම්බර් 11 වැනි දින රුපියල් දශ ලක්ෂ විසිදහසක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. මෙහිදී රුපියල් මිලියන 8,000 ක් වටිනා භාණ්ඩාගර බිල්පත් දින 182 කින් කල් පිරෙන පරිදි සහ රුපියල් මිලියන 12,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 364 කින්…

(0)Comments | November 6, 2015 10:40 am

ෆිජී වරායේ අණසක පතුරුවන්න එයිට්කන් ස්පෙන්ස් සැරසෙයි

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, ෆීජී ජාතික සකසුරුවම් අරමුදල හා එක්ව ෆීජී පෝර්ට් කෝපරේෂන් ලිමිටඩ් හි 59% ක කොටස් අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කර තිබේ. මෙය ෆීජී රජය සතු සමාගමකි. මෙහිදී ෆීජී පෝර්ට් කෝපරේෂන් හි එයිට්කන් ස්පෙන්ස් කොටස් හිමිකම 20% ක් වනු ඇත. මේ සඳහා සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිත මුළු මුදල ෆීජීයන් ඩොලර් මිලියන 34.6…

(0)Comments | November 6, 2015 8:59 am

පීපල්ස් ලීසිං ණයකරේට අධි ඉල්ලුමක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් තිබූ බව වාර්තා වේ. සමාගම විසින් ලැයිස්තුගත, ශ්‍රේණිගත, ජ්‍යෙෂ්ට, අනාරක්ෂිත, නිදහස් කළ හැකි ණයකර මිලියන 40 ක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී නිකුතුව සඳහා අධි ඉල්ලුමක් පැවතියහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට ද සමාගම සැලසුම් කරන ලදී. මේ අනුව…

(0)Comments | November 6, 2015 6:17 am

කලකට පසු කොටස් වෙළෙඳපොළෙන් අර්ධ ශතකයක්

අද උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු වඩාත් සක්‍රීය අයුරින් සිදු වෙමින් පැවති අතර පෙරවරු 10.50 වන විට ඒකක 52 කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගොස් තිබිණ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,069.96 ක් ලෙසින් වාර්තා විය. එසේම මිලියන 500 ක් ඉක්මවූ පිරිවැටුමක් ගනුදෙනු සිදු වූ මුල් පැය එකහමාරක…

(0)Comments | November 6, 2015 5:33 am

වැඩි වියදම් කරන සංචාරකයින් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක්

අද වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දිනකට වියදම් කරනුයේ ඇමරිකානු ඩොලර් 40-50 ක් වැනි සුළු මුදලක් බවත්, ඒ වෙනුවට ඩොලර් 150-250 ක් පමණ වැය කළ හැකි සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද දින පාර්ලිමේන්තුවේ දී නව රජයේ මධ්‍යකාලීන ආර්ථික සැලසුම් පිළිබදව විශේෂ ප්‍රකාශයක් කරමින්…

(0)Comments | November 5, 2015 11:09 am

රාජ්‍ය ව්‍යවසාය අයිතියි හිමි සීමාසහිත සමාගමක් පිහිටුවන බව අගමැති කියයි

අද දින පාර්ලිමේන්තුවේදී නව රජයේ මධ්‍ය කාලීන ආර්ථික සැලසුම් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඕනෑම පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගෙන යා යුතු බවත් එසේම එම ව්‍යවසායන් වාණිජ ව්‍යාපාරයන් ලෙස සාර්ථක තලයකට ඔසවා තැබිය යුතු බවත් පැවසීය. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමාසහිත…

(0)Comments | November 5, 2015 10:48 am

2020 දී අයවැය හිඟය 3.5% කට අඩු කරනවා – අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි

මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය මගින්, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක් දක්වා අඩුකරලීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. නව රජයේ මධ්‍ය කාලීන සංවර්ධන වැඩසටහනට අනුව යමින් මෙම ඉලක්කය වසර 2020 වන විට සාක්ෂාත් කර ගැනීමට බලාපොරාත්තු වන බව එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා…

(0)Comments | November 5, 2015 10:24 am