මහ බැංකුවේ වසර 10 ක කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව සිදුකළ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවත් එම නිසා පසුගිය මාස හය ඇතුළුව පසුගිය වසර දහයක කටයුතු මෙසේ සොයා බලන බවයි. හොඳම…
මෙරටට ගෙන්වන ජපන් මෝටර් රථ රැසක රේගු බදු වැඩිකිරීම නිසා වාහන මිල වැඩිවන ආකාරය අප ඊයේ වාර්තා කළෙමු. අප වෙත අනාවරණය වන අකාරයට සැප්තැම්බර් 17 වනදාට පසුව ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා මෙම මිල වැඩිවීම අදාළ වනබව රජය මුලින් සඳහන් කළද එම කාල සීමාව සැප්තැම්බර් 30 වනදා දක්වා මේ වනවිට දීර්ඝ…
රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින්…
ශ්රී ලංකාවට පැමිණෙන අමුත්තන්ට සහ මෙරටින් පිටවී යන ශ‍්‍රී ලාංකිකයින්ට එම්බාර්ක් සන්නාමයට අයත් ඇඟලූම් සහ විලාසිතා සපිරි ආයිත්තම් මිලදී ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ස්වාධීන එම්බාර්ක් අලෙවිසැලක් ආරම්භ කර තිබේ. ගාලූ කොටුවේ පළමු එම්බාර්ක් ස්වාධීන අලෙවිසැල විවෘත කිරීමෙන් පසුව ආරම්භ කළ ඉතාමත් විචිත‍්‍රවත් මෙම අලෙවිසැල තුළ විලාසිතා වලින් සපිරි නව එම්බාර්ක් ඇඟලූම් පෙළක්,…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීම සඳහා ජපානය විසින් ඩොලර් මිලියන 380 ක (යෙන් බිලියන 45.4 ක) ණය මුදලක් ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබේ. මෙයට අදාළ ගිවිසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ජපානයේ සිදුකරන සංචාරයේදී නිවේදනය කරන අතර ශ්‍රී ලංකාවේ නාවික අංශයේ ආරක්ෂාව වෙනුවෙන් සහයෝගය ලබාදීම සඳහාද ජපානය කැමැත්ත පළකර ඇත….
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන සුදත් චමින්ද මුණසිංහ මහතා එම තනතුරෙන් 2015 ඔක්තෝම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වී ඇත. මෙම පුරප්පාඩුව සමග ජෝන් කීල්ස් පී.එල්.සී. සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස හිෂාන්ත ජෙරාඩ් රොඩ්නි ද මෙල් මහතා 2015 ඔක්තෝම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර…
ලබන අයවැය ඉදිරිපත් කරන තෙක් ජපානයෙන් ශ්‍රී ලංකාවට වාහන එවීමෙන් වලකින්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ජපාන නිළ සංචාරයට එක්වී සිටින මුදල් අමාත්‍යවරයා එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇතැයි සඳහන්ය. අයවැය මගින් වාහන මිල…
ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 07 ක මුදලක් රැස්කර ගැනීමට මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව සූදානම් වේ. මේ අනුව, එකක් රුපියල් 100 ක් බැගින් වන ණයකර මිලියන 50 ක් නිකුත් කිරීමට සම්පත් බැංකුව සැලසුම් කර තිබෙන අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කරනු ඇත. බැංකුව විසින්…
මෙරට වර්ධනය වෙමින් තිබෙන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණෙන් ලාෆ්ස් ගෑස් සමූහයට අයත් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් සමාගම විසින් දෙවන LPG නෞකාව ලබාගෙන තිබේ. මෙම නෞකාව අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර ”Gas Success” නමින් මෙම නෞකාව නම්කර ඇත. මෙහි ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන්…
මෙරට මාර්ග වලට පැමිණෙන වාහන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණෙන් කිසිදු මූලික ගෙවීමකින් තොරව සියයට සියයක් කල්බදු (Full Leasing) පහසුකම් හෝ සියයට සියයක් කුලීපිට ගැනීමේ පහසුකම් (Hire Purchase) මත වාහන මිලදීගැනීම වැලැක්වීම සඳහා රජය විසින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය (Circular) වෙනස් කර තිබේ. මෙම චක්‍රලේඛයට අදාළව කල්බදු පහසුකම් ලබාගත හැකිව තිබුණේ වාහනයේ සම්පූර්ණ මිලෙන් සියයට 70 ක්…
Video Story