ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා යටිතල පහසුකම් වෙනුවෙන් සමාගම සිදුකළ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවයි ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය ජාත්‍යන්තර ඩිජිටල් සම්බන්ධතා ශක්තිමත් කරමින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් සුරක්ෂිතව අනාගතයට රැගෙන යාමේ අරමුණෙන්, IAX (India Asia Xpress) සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කරන බව දැනුම් දෙනු ලැබීය. ජාත්‍යන්තර ඩිජිටල්…
2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාා 33,910 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත. ඒ අනුව වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුපුරුදු පරිදි ශීත සෘතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය…
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුන, Bling Productions සහ Eyeon එක්ව ඉදිරිපත් කරයි. තාක්ෂණය සහ සම්ප්‍රදාය එකට මුසු කරමින් නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී පූජනීය අත්දැකීම කොළඹ නෙළුම් කුළුණේ පිහිටි Pixel bloom හීදී 2025 මැයි 10 සිට 18 දක්වා දවස…
ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 7,000ක මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල් මිලියන හත්දහස් තුන්සියයක උපාය මාර්ගික ණය ගිවිසුමකට එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මැයි අටවැනිදා අත්සන් තැබුවේය. මෙම ගිවිසුම NSBM හරිත සරසවිය වෙනුවෙන් එහි උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ…
ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථා සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීම සහ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවස්ථාව පුළුල් කිරීම මගින් සහාය වීම සඳහා කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) හා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ මහලේකම් / ප්‍රධාන විධායක නිලධාරී ෂිහාම් මරිකාර් මහතා සහ CSE හි නම් කරන…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) පසුගියදා CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators – Lithium Batteries) හිමි කරගැනීමට සමත් විය. මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය [International Air Transport Association (IATA)] මගිනි. ඒ අනුව දැන් ශ්‍රීලංකන් ගුවන් සේවය ලොව ලිතියම් සහ සෝඩියම්…
2011 වසරේදී කෙයාර්න් ලංකා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ලද ගවේෂණ හා කැණීම්වලට අනුව, මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ බිම් කොටසින් ස්වභාවික වායු නිධි 02ක් සොයා ගෙන ඇති අතර, එමඟින් මන්නාරම් ද්‍රෝණිය තුළ ශක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී තිබේ. 2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද…
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45 කට නොඅඩු කාලයක් තුළදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. එම විධිවිධාන පරිදි 2025-03-31 දිනෙන් අවසන් වන 2025 වර්ෂයේ පළමුවන…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.53 හා සැසඳීමේ දි 3%ක පහළ යාමකි.
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ…
Video Story