Top News

ෆිස්කල් ප්‍රතිසංස්කරණ සමඟින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව ADB කියයි

ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් සමඟම ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බව නවතම ආසියානු සංවර්ධන බැංකු (ADB) වාර්තාවක් පෙන්වා දේ. මෙම වාර්තාවට අනුව 2016 තුළ දී 5.3% ක හා 2017 වසර තුළ දී 5.8% ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිබව සඳහන් වේ. කෙසේවෙතත් ෆිස්කල් ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රධානතම අභියෝගය වන්නේ ආදායම්…

(0)Comments | March 31, 2016 6:48 am

ලෝක වානේ කර්මාන්තය අර්බුදයක

මේ වන විට ගෝලීය වානේ කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දියාවේ විශාලතම වානේ නිෂ්පාදකයා වන ටාටා වානේ සමාගම සිය එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු විකුණා දැමීමට පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත රැකියා ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් පවතින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ. මේ සම්බන්ධයෙන්…

(0)Comments | March 31, 2016 5:38 am

බිල්පත් පොළිය අදත් නගී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික යලිත් වරක් ඉහළ ගොස් තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොළිය 8.30% සිට 8.90% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.29% සිට 9.76% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 9.90% සිට 10.64% දක්වා ද ඉහළ ගොස් තිබේ. අද පැවති වෙන්දේසියේ…

(0)Comments | March 30, 2016 12:06 pm

රුපියල වැටුණේ මාක් මෝබියස් ගේ ණය නිසා VIDEO

පසුගිය රජය විසින් බැඳුම්කර උකස් තියා මාක් මෝබියස් මහතාගෙන් ණය ගැනීම නිසා රුපියල කඩා වැටුණු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක දී පැවසීය. එලස ගත් ණය මේ වන විට කල්පිරී ඇති හෙයින් ඒවා යළි ගෙවීමට සිදුවීම මීට හේතුව ලෙස අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් පහත දැක්වේ. ආචාර්ය…

(0)Comments | March 30, 2016 11:17 am

විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි

කොළඹ කොටස් හුවමාරුව විදෙස් සමාගම් ලසිතුගතකිරීම සඳහා නව ඩොලර් නාමන පුවරුවක් ස්ථාපිත කිරීමට කටයුතු ගෙන ඇත. මෙම පුවරුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති අතර සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාවේ අනුමැතියද ලැබීමට නියමිතය. මෙම කර්තව්‍ය ඉදිරියට ගෙන යාම සඳහා කොළඹ කොටස් හුවමාරුව මාලදිවයින කොටස් වෙළෙදපොල සහ ප්‍රාග්ධන වෙළෙදපොල සංවර්ධන අධිකාරිය එක්ව මාලදිවයින සමාගම්…

(0)Comments | March 30, 2016 8:39 am

කොළඹ සිට මියන්මාරය දක්වා නව පෝෂක නැව් සේවාවක් අරඹයි

කොළඹ වරායේ සිට මියන්මාරය දක්වා නව පෝෂක නැව් සේවාවක් දියත් කර තිබේ. මේ යටතේ Continental නෞකා ජාලයට අයත් පතින් ස්ටාර් (M.V.Pathein Star) නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ කියා සිටියේය. “නාවික ක්ෂේත්‍රයෙහි අද අපි ලෝකයේ අභියෝගාත්මක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සමහර අවස්ථාවන්හිදී…

(0)Comments | March 30, 2016 8:04 am

ඩොලරය 150 යි

ශ්‍රී ලංකා ඉතාහාසයේ මුල් වතාවට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (30) දිනයේ දී රු. 150 සීමාව ඉක්මවා යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 146.52 ක් ලෙසත් විකුණුම් මිල රු. 150.54 ක් ලෙසත් සටහන් විය. මීට අමතරව…

(0)Comments | March 30, 2016 7:24 am

රටේ ජනතාවට කොළඹ නැතුව ජීවත් වෙන්න බැහැ VIDEO

වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන මහනගර සැලසුම අලුත් දෙයක් නොවන බවත් එය 1978 සිට සිද්‍රකරමින් පවතින දෙයක් බවත් මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සැලසුම් අංශයේ සාමාජික මහාචාර්ය පී.කේ.එස්. මහානාම මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මහානාම මහතා කියා සිටියේ කොළඹ යනු මෙගාසිටි එකක් බවත්, රටේ ජනතාවට කොළඹ නැතුව ජීවත් විය නොහැකි බවත්ය. මෙගාපොලිස් සැලසුම හෙවත්…

(0)Comments | March 30, 2016 6:08 am

මුදල් ප්‍රතිපත්තියෙන් පොළී වෙනසක් නැහැ

ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් වෙනස් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ඊයේ පැවති 2016 මාර්තු මස මුදල් ප්‍රතිපත්ති විවරණය අනුව මෙම තීරණය ගෙන තිබේ. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 6.50%, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 8.00% හා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) – 7.50% මට්ටම්වල නොවනස්ව පවතිනු ඇත.

(0)Comments | March 30, 2016 4:08 am

මහ බැංකුව 40 ක් පෙන්නා 77 ක් ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 77,000 ක් ඉක්මවූ ලංසු අනුමත කිරීමට කටයුතු කර තිබේ. මූලික වශයෙන් මෙම වෙන්දේසිය සඳහා පරිණත කාලසීමා 4 ක් යටතේ රුපියල් මිලියන 10,000 බැගින් රුපියල් මිලියන 40,000 ක බැඳුම්කර ඉදිරිපත් කර තිබිණි. මේ සඳහා ලැබුණු මුළු ලංසුවල වටිනාකම රුපියල් මිලියන 142,422…

(0)Comments | March 29, 2016 11:12 am