Top News

මෙරට ධීවර කර්මාන්තය නංවන ඕස්ට්‍රේලියානු සහාය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහාය තවදුරටත් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියාව කැමත්ත පළ කර සිටි බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී. පසුගියදා මෙරට සංචාරය කරන ලද ඕස්ට්‍රේලියානු දූත කණ්ඩායමක් ඇමතිවරයා හමු වූ අවස්ථාවක දී මේ බව පවසා ඇත. ඕස්ට්‍රේලියානු වෙළෙඳ කොමසාරිස් ගේසන් පෙරි හා අමාත්‍ය මහින්ද අමරවීර අතර…

(0)Comments | December 29, 2015 5:52 am

ඉලෙක්ට්‍රික් කාර් තීරු බද්ද වැඩි නොකිරීමට තීරණයක්

ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ 5% තීරු බදු ගාස්තුව, 2016 අයවැය යෝජනා අනුව 50% දක්වා ඉහළ නැංවීම අවලංගු කිරීමට පසුගියදා පැවති කැබිනට් ඇමති හමුවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසා ඇත්තේ පාර්ශව ගණනාවකින් කෙරුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගැනීමට රජය පියවර ගත් බවයි. මේ සම්බන්ධයෙන්…

(0)Comments | December 28, 2015 7:48 am

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් ඉහළට

2016 අයවැය යෝජනා මඟින් නිර්දේශිත පරිදි පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව ‍තිබේ. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජාතික අවම වැටුපක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ද මෙහිදී අනුමත කර ඇත.

(0)Comments | December 28, 2015 6:15 am

නවාස් ෂරීෆ් ලංකාවට ඇවිත් අත්සන් කරන අවබෝධතා ගිවිසුම් මෙන්න

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මහතා 2016 ජනවාරි මුල් සතියේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. එතුමාගේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර නව ගිවිසුම් 10 ක් අත්සන් තැබීමට සැලසුම් කර තිබේ. එලෙස අත්සන් තැබීමට යෝජිත ගිවිසුම් පහත දැක්වේ. 1. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ තරුණ කටයුතු අමාත්‍යාංශය අතර…

(0)Comments | December 28, 2015 5:35 am

කටුනායකට මිලියන 320 ක වියදමින් නව ගුවන් කළමනාකරණ පද්ධතියක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවතින වර්තමාන අවශ්‍යතාවලට සරිලන පරිදි හා ගුවන් ගමන් සුරක්ෂිතව සිදු කිරීම සඳහා රුපියල් මිලියන 320 ක ඇස්තමේන්තුගත වියදමකින් ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපනය හා පවරාදීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වර්තමානයේ එහි පවතින ගුවන් ගමන් කළමනාකරණ පද්ධතිය ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගෙන ඉහළ ගුවන් යානා…

(0)Comments | December 28, 2015 5:18 am

සමථ මණ්ඩලයට යන ආරවුල්වල මූල්‍ය සීමාව ලක්ෂ 5 දක්වා ඉහළට

1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත අනුව සමථකරණය සඳහා වටිනාකම රුපියල් 25,000 නොඉක්මවන චංචල හෝ නිශ්චල දේපළ හෝ ණය, අලාභ හෝ ඉල්ලීම් සම්බන්ධ ආරවුල් අනිවාර්යයෙන් සමථ මණ්ඩලය වෙත යොමු කළ යුතු බව දක්වා ඇත. 2011 අංක 4 දරන සමථ මණ්ඩල සංශෝධන පනත මඟින් එම අනිවාර්ය සීමාව රුපියල් 250,000 දක්වා ඉහළ දමනු ලැබීය. කෙසේවෙතත් වර්තමාන…

(0)Comments | December 26, 2015 8:03 am

GPDS සමාගම ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වෙයි

කුරුඳු ඇතුළු කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ මෙරට ප්‍රමුඛතම සමාගමක්වන ජී පී ද සිල්වා ඇන්ඩ් සන්ස් ඉන්ටර්නැෂනල් (GPDS) සමාගම මෙවර ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2010 සහ 2011 වසර සඳහා කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. පසුගිය දෙසැම්බර් මස 16 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවති…

(0)Comments | December 26, 2015 7:15 am

රුසියාවෙන් ඩොලර් බිලියන 4.5 ක ආයුධ රැගෙන මෝදි පකිස්ථානයට යයි

ඉන්දියාව සිය දැවැන්තම ආරක්ෂක ගිවිසුමට රුසියාව සමඟ පසුගිය දා එළඹෙන ලදී. S-400 වර්ගයේ ගුවන් න්‍යශ්ටික ආරක්ෂක මිසයිල පද්ධතියක් ද සහිත මෙම ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ත් 6.5 ත් අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 2001 වසරෙන් පසුව ඉන්දියාව හා රුසියාව අතර අත්සන් තැබුණු විශාලතම ආරක්ෂක ගිවිසුම මෙය වන අතර මීට පෙර…

(0)Comments | December 25, 2015 4:16 pm

පානදුර හා වේයන්ගොඩ අතර විදුලි දුම්රියක්

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් පානදුර හා වේයන්ගොඩ අතර විදුලි දුම්රිය සේවාවක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. මේ වන ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් සකස් කෙරෙමින් පවතින අතර ඒ අනුව මරදාන – රඹුක්කන, මාතර – බෙලිඅත්ත සහ මරදාන – වාද්දූව අතර නව දුම්රිය සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම, නව ප්‍රවේශපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීම, දුම්රිය මැදිරි හා තෙල්…

(0)Comments | December 24, 2015 7:39 pm

මසක් තුළ දී ඩොලර් බිලියනයක් ලැබෙන බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

විදේශ ප්‍රේෂණ හරහා ඩොලර් බිලියනයක මුදලක් මාසයක් ඇතුළත ලැබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රොයිටර් පුවත් සේවය වෙත කියා තිබේ. මේ හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිත ඉහළ නගිනු ඇති බව හෙතෙම අවධාරණය කර සිටී. “මෙම විදෙස් ආයෝජන යුරෝපයේ ආයෝජකයින් 20 දෙනෙකුගෙන් ලැබීමට නියමිතයි. මෙයින් ඩොලර් මිලියන 500 ක් මෙම මාසය තුළ දී සහ ඉතිරි…

(0)Comments | December 24, 2015 7:18 pm