ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කිරීමේදී සිතිය යුතු වැදගත් ආර්ථික කරුණු පිළිබඳව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන පාත්ෆයින්ඩර් පදනම විසින් දේශපාලන පක්ෂ දැනුවත් කර තිබේ. ඒ පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
මෙරට ආර්ථිකය මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 6.4 කින් වර්ධනය වී තිබෙන බවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට (GDP) අඩකට වඩා දායක වී තිබෙන්නේ සේවා අංශ බවත් ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2014 වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී තේ නිෂ්පාදනය සියයට 7.1 කින්ද, අනිකුත් ආහාර බෝග නිෂ්පාදනය සියයට 4.9 කින්ද,…
අනිද්දා සිට කල්කටාව සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මිහින් ලංකා ගුවන් සේවය සූදානම් බවත් මෙහිදී සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරනු ඇති බවත් ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරයි. සංචාරකයින් ගෙන්වන්නන්ගේ ඉන්දියානු සංගමයේ සභාපති සුභාෂ් ගොයාල් සඳහන් කර තිබෙන්නේ මෙම සෘජු ගුවන් ගමන් නිසා මීට පෙර වැයවූ අමතර කාලය ඉතිරි කර ගැනීමට සංචාරකයින්ට අවස්ථාව…
ශ්‍රී ලංකා මහ බැංකුව 2013 වසරේ සහ 2014 වසරේදී අලාභ ලබා තිබීම පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ආර්ථික විද්වතෙකු අනතුරු හඟවයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග අප සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකරමින් තිබෙන නෙළුම් කුළුණේ අධිවේගී විදුලි සෝපාන සහ ගමන් කරන තරප්පු සැපයීම (high speed elevators and escalators) සහ සවි කිරීම සඳහා පසුගිය රජය විසින් ටෙන්ඩර් ලබාදුන් ජපානයේ ෆුජිටෙක් කෝපරේෂන් (Fujitec Corporation) සහ ලංකාවේ මයික්‍රෝ හෝල්ඩින්ග්ස් සමාගම විසින් පිහිටවූ ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය අනුමත ඒකාබද්ධ සමාගම වන Fujitec Lanka (Pvt) Ltd වෙතින්…
රජය විසින් ඉදිරියේදී ජාත්‍යන්තර බැංකු වලින් ඩොලර් බිලියනයක් දක්වා ඒකාබද්ධ ණය මුදලක් (syndicated loan) ලබාගැනීමට අදහස් කර තිබෙන බවත් මේ සඳහා යෝජනා තවත් නොබෝ දිනකින්ම කැඳවීමට නියමිත බවත් මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය, රවී කරුණානායක මහතා විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග කොළඹදී මේ බව සඳහන් කර ඇත. මෙම ණය මුදලේ පොලී අනුපාතය සියයට 3.25 ත්…
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ ණය ලබාගැනීමට මේ වනවිට අයදුම්පත් 5750 ක් පමණ ඉදිරිපත්වී ඇතැයි රජය කියයි. මේ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර අවශ්‍ය සංශෝධන සහිතව ලංකා බැංකුව, මහජන බැංකුව, ලංකා පුත්‍ර බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව තුළින් ක්‍රියාත්මක…
කොමර්ෂල් බැංකුව විසින් එයට මේ වනවිට පූර්ණ ලෙස අනුබද්ධ ඉන්ද්‍රා ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම අත්පත් කරගෙන මාස 09 කට පසු එහි නම සෙරන්ඩිබ් ෆයිනෑන්ස් ලිමිටඞ් ලෙස වෙනස්කර තිබේ. කොමර්ෂල් බැංකුව විසින් 2014 සැප්තැම්බර් 01 වනදා සිට මෙම මූල්‍ය සමාගම අත්පත් කරගත් අතර නම වෙනස් කිරීමෙන් පසුව නව නාමය සහ නව ආයතනික ලාංඡනයක් යටතේ මෙහෙයුම් කටයුතු සිදුකරන…
ජාතික සංවර්ධන බැංකුව (NDB) ණයකර මිලියන 75 ක නිකුතුවක් සිදුකිරීමට සූදානම් වන අතර එම නිකුතුවට අධි ඉල්ලුමක් ලැබෙන්නේ නම් තවත් ණයකර මිලියන 25 ක් නිකුත් කිරීමට සූදානම් වේ. මෙම නිකුතුව ලයිස්තු ගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබෙන අතර මෙය විවෘත වන්නේ 2015 ජුනි 17 වනදායි. මෙම නිකුතුව කළමනාකරණය කරන්නේ එන්.ඩී.බී….
පිට පිටම පස්වන මාසය සඳහාත් ගෙවුණු මැයි මාසයේදී කොළඹ තේ වෙන්දේසියේදී තේ මිල ගණන් පහළ ගොස් තිබෙන අතර පහත රට තේ වර්ගවල මිල ගණන් පසුගිය වසර සමග සැසඳීමේදී කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ. පසුගිය වසරේ මැයි මාසය සමග සැසඳීමේදී මේ මැයි මාසයේ කොළඹ තේ වෙන්දේසියේ අලෙවි වූ තේ කිලෝවක සාමාන්‍ය මිල සියයට 17 කින් රුපියල්…
Video Story