අද (03) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඇල්මැරුණු ස්වභාවයක් ගත් අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23.10 ක පහළ යාමක් වාර්තා කළේය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.36% ක අඩුවීමකි. ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය කියැවුණේ ඒකක 6,402.80 ක් ලෙසිනි. S&P SL20 දර්ශකය ද අද දින 0.64% කින් පහළ ගිය…
2015 වසර තුළ දී වාහන ආනයන බදුවලින් රුපියල් බිලියන 232 ක ආදායමක් උපයා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අනාවරණය කර සිටී. මෙහිදී අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 2015 වසර තුළ දී ශ්‍රී ලංකා රේගුව උපයා ඇති සම්පූර්ණ ආදායම රුපියල් 783 ක් බවත්, එයින් 1/3 ක් වාහන ආදායම් බදුවලින් ලැබී ඇති බවයි. මේ අතර 2016…
2016 ජනවාරි මාසය තුළ දී කොළඹ වරායේ බහාලුම් හැසිරවීම් 3.6% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියා සිටී. ජනවාරි මාසය තුළ හසුරුවා ඇති මුළු බහාලුම් ප්‍රමාණය මේ අනුව 197,228 කි. 2015 ජනවාරි මාසයේ දී මෙහෙයවා ඇති බහාලුම් ප්‍රමාණය 190,285 ක් ලෙසින් වාර්තා වේ. 2014 දෙසැම්බර් මාසයේ දී 1.5% ක වර්ධනයක් අත්පත් කරගනු ලැබූ පසු…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සීපා ගිවිසුමක් අත්සන් නොකරන බවත් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට පියවර ගන්නා බවත් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දීය. එහිදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “අපි…
ඊයේ පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික යළිත් වරක් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ වෙන්දේසියේ දී ලංසු භාර ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රත්කේෂප කර තිබුණු අතර මෙවර වෙන්දේසියේ දී ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා ලංසු අනුමත කෙරී ඇත. මෙහිදී 7.01% පොළිය යටතේ දින 91 – රුපියල් මිලියන 16,002 ක්, 7.40% පොළිය යටතේ…
අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 62.78 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.99% ක ඉහළ යාමක් ලෙසින් වාර්තා වේ. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,425.96 ක් ලෙසින් සටහන්ව තිබිණි. S&P SL20 දර්ශකය ද අද දින තුළ 1.05% කින් වර්ධනය වූ අතර දිනය අවසානයේ…
අන්තර්ජාල පහසුකම් යනු රට තුළ දියුණුවක් ඇති කළ හැකි ක්‍රමවේදයක් බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රටේ ජනතාවගෙන් 10% ක් දෙනා අන්තර්ජාලය භාවිතා කිරීමට යොමු වීම තුළින් රටේ දළ ජාතික නිෂ්පාදිතය 1.2% කින් ඉහළ යන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. මෙහිදී…
අද (02) දින සිදුවූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනුවක් හේතුවෙන් මේ වන විට රුපියල් බිලියන 3 කට ආසන්න දෛනික පිරිවැටුමක් වාර්තා වී තිබේ. මෙහිදී එක්ස්පෝලංකා කොටස් 313,816,001 ක් රුපියල් 8.30 බැගින් ගනුදෙනු වී තිබේ. මෙම ගනුදෙනුව හරහා ජනණය වූ පිරිවැටුම රුපියල් බිලියන 2.6 කි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ආයතනික…
ලොව ප්‍රධාන පෙළේ ඩිජිටල්, ජංගම හා අන්තර්ජාල ගෙවීම් පියවීම් මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට දිනයේ දී මෙරටට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටි අතර හොංකොං පදනම් කරගත් PayPal ආසියානු ප්‍රධානියා…
රුපියල් දශ ලක්ෂ 22,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (02) දිනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. කල්පිරීමේ කාලසීමා තුනකින් යුක්ත මෙම නිකුතුව සඳහා දින 91 – මිලියන 3,000 ක්, දින 182 – මිලියන 9,000 ක් හා දින 364 – මිලියන 10,000 ක් වන ආකාරයේ බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මේ…
Video Story