පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළඹෙන මැයි 06 අඟහරුවාදා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12.30 ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක අතර ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබේ. එහි විශේෂයෙන් අවධානය යොමු කර ඇති අංශ 8 ක් පිළිබඳ සංක්ෂිප්තයක් පහතින් දැක්වේ. 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්…
2023 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව ශක්තිමත් විය. 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ…
අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ දී 165,113ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 887,389ක් බවයි. අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට…
සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇත. ප්‍රධාන වශයෙන් ස්ථාවර මිල මට්ටම් සහ යහපත් කාලගුණික තත්ත්වයන් මත පවතින හිතකර ආර්ථික වාතාවරණය හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වූ බව…
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025–2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් කණ්ඩායමක් 2025 අප්‍රේල් 25 වන දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමග සාකච්ජාවක් පවත්වන ලදි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති…
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවැති සාකච්ඡාවේදී චාල්ස් වයිට්ලි මහතා මේ බව කියා සිටියේය. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින…
වඩාත් පුළුල් හා ඉහළ අන්තර්ග්‍රහණයකින් යුත් ප්‍රවේශයකට අනුකූල වෙමින් විකාශනය වෙමින් පවතින ගෝලීය ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි, කොළඹ කොටස් හුවමාරුව විසින් 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීම යුතුව නිවේදනය කරනු ලබයි. ඒ අනුව තේමාත්මක බැඳුම්කර සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ නියාමන රාමුව මෙය බවට පත්වනු ඇත. මේ යටතේ, කොළඹ කොටස්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ වාර්තා වූ -2.6% සිට 2025 අප්‍රේල් මාසයේ දී -2.0% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ 0.6% මට්ටමේ සිට 2025 අප්‍රේල්…
Senok සහ Changan එක් වී Deepal රථවාහන මෙරටට හඳුන්වා දෙයි සුවිශේෂී විදුලි රථවාහන එකතුවක් ළඟදීම ශ්‍රී ලංකාවට වසර 160 කට අධික ඉතිහාසයක් සහිත ලොව ජනප්‍රියම රථවාහන සමාගමක් වන Changan Automobile සමාගම, Senok සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිසීමට සූදානමින් සිටී. චීනයේ විශාලතම විදුලි රථවාහන නිෂ්පාදකයා මෙන්ම ‘Intelligent Mobility’ සම්බන්ධ පුරෝගාමියෙකු වන Changan Automobile…
Video Story