ලෝක වෙළඳ පොළේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින තේ කර්මාන්තශාලා සඳහා කාරක ප්‍රාග්ධන (Working Capital) ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. මේ අනුව, සියළුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා රාජ්‍ය හා වාණිජ බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා වසර දෙකක කාලයක් සඳහා සියයට 02…
රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු 30 ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ආරම්භ කිරීමට රජය සූදානම් වේ. මෙවැනි ගිලන් රථ සේවයක් ඉන්දියාවේ ක්‍රියාත්මක වන අතර මෙම ගිලන් රථ සේවය මෙරට ආරම්භ කිරීම සඳහා සහයෝගයද ඉන්දියාව විසින් ලබාදෙන…
දැනුම් ආර්ථිකයේ බලශක්ති අභියෝගතා පිළිබද ජාත්‍යන්තර සමුළුව මේ මස 26, 27 යන දින වලදී කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.මෙම සැසියේ ප්‍රධාන දේශකවරයා ලෙස සම්බන්ධවන ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද රාත්‍රී ශ්‍රී ලංකාවට සැපත්වීමට නියමිතය. සමාරම්භක සැසිය 26 වන සිකුරාදා ප.ව 6.00 සිට ප.ව 8.30 දක්වා පැවැත්වෙන අතර තාක්ෂණ සැසිය 27 වන සෙනසුරාදා පෙ.ව…
කල්පිටිය බීච් රිසෝර්ට් පී.එල්.සී. සමාගම විසින් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන හෝටලයේ පළමු අදියර ලෙස කාමර 60 කින් යුක්ත ආයුර්වේද සහ ස්පා මධ්‍යස්ථානයක් කල්පිටියේ ඉදිකිරීම සඳහා සමාගම විසින් ඉදිරිපත් කළ විකල්ප ක්‍රියා සැලසුම සමාගමේ කොටස්කරුවන් විසින් ඒකමතිකව අනුමත කර තිබේ. සමාගමේ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් ජුනි මස 19 වනදා පැවති කල්පිටිය බීච් රිසෝර්ට් පී.එල්.සී. සමාගමේ අතිවිශේෂ මහ සභා…
දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ ජුනි 30 වනදා ජනතා අයිතියට පත්කිරීමට රජය සූදානම් වනබව අප වෙත අනාවරණය වේ. මෙම මාර්ගයේ තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32…
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉදිරි සති දෙක තුළදී රුපියල් 130 ක් දක්වා ශක්තිමත් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ ඇමරිකානු ඩොලරයක් සඳහා මේ වනවිට රුපියල් 133.90 ක් හුවමාරු වන බවත් නව රජය බලය පත්වන විට එය රුපියල් 133.20 ක මට්ටමක තිබූ බවයි. මේ වනවිට, ඇති තරම්…
තමා විශ්‍රාම නොගන්නා බවත් ඉදිරියේදී ජනතාවට සේවය කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ රාත්‍රියේ ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වූ 360 දේශපාලන සංවාදයේදී සඳහන් කළේය. ඉදිරියේදී කොළඹ නගරයේ “අජිත් දිනවමු“ යනුවෙන් පෝස්ටර් ඇලවේවිදැයි නැගුණු පැනයට පිළිතුරු දුන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ පෝස්ටර් ඇලවීමකින් තොරව වුවත් ඉදිරියේදී දේශපාලනය…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංවිම, ගුවන් තොටුපල සහ වරාය ස්වාධීන කොමිසමක් මගින් පාලනය වියයුතු බවත්, රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙන යෑමට නම් උපාය මාර්ගික වශයෙන් නිසි විධිමත් කළමනාකාරීත්වයක් අවශ්‍ය බවත් විදුලි බලහා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ තා මෙම අදහස් ප්‍රකාශකළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පදනම් ආයතනයේදී පැවැති ප්‍රශස්ත…
කොළඹ වරායේ සිට කොලොන්නාව තොග ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන ගෙනයන නල පද්ධතිය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට ජාත්‍යන්තර විවෘත ලංසු කැඳවීමට රජය සූදානම් වේ. වසර 40 ක සිට 70 ක් දක්වා පැරණි මෙම නල පද්ධතිය මේ වනවිට අබලන් තත්ත්වයේ පවතින අතර මෙම නල පද්ධතිය ඉදිකිරීම සහ එයට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම පිළිබඳව අධ්‍යනයක් කිරීමට ලංකා…
වැලි, කොන්ක්‍රීට් සඳහා එකතූන් සහ එවැනි තවත් නිෂ්පාදන සිදුකිරීම සඳහා Tokyo Cement Company (Lanka) Limited PLC සමාගම රුපියල් මිලියන 220 ක ආයෝජනයකින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා Tokyo Super Aggregate Limited යනුවෙන් අනුබද්ධ සමාගමක් ආරම්භ කිරීමට සූදානම් වේ. මේ වනවිට, ඉදිකිරීම් කර්මාන්තය සඳහා ස්වභාවික වැලි සපයා ගැනීම ගැටලුවක්ව ඇත. මෙයට විසඳුමක් ලෙස Tokyo Super Aggregate…
Video Story