පොල්පිටිය, කලවැල්දෙනියේ පිහිටි පාම්ස් පවර් (පුද්) සමාගමේ සියලුම කොටස් මිලට ගැනීමට ලාෆ්ස් ගෑස් පීඑල්සී අනුබද්ධ ලාෆ්ස් පවර් ලිමිටඩ් විසින් පසුගිය පෙබරවාරි 10 වෙනිදා කටයුතු කරනු ලැබීය. මේ සඳහා ලාෆ්ස් විසින් රුපියල් මිලියන 200 ක මුදලක් ආයෝජනය කර තිබේ. පාම්ස් පවර් (පුද්) සමාගම, මෙගාවොට් 2 කින් යුතු ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියකි. මේ පිළිබඳ තොරතුරු අද දිනයේ දී…
කොළඹ ඇළ මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. මෙහිදී බෝට්ටු භාවිත කරමින් ඇළ මාර්ග ඔස්සේ ජලාශ්‍රිත විනෝදාස්වාද ක්‍රියාකාරකම් හඳුන්වා දීම, ඇළවල් ඔස්සේ පාවෙන වෙළඳසැල් වැනි වාණිජ ක්‍රියාකාරකම් හඳුන්වා දීම ඇතුළුව ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින්…
රජයට පූර්ණ හිමිකාරීත්වය ඇති සී/ස මිල්කෝ සමාගම වෙත නාරාහේන්පිට පිහිටි පැරැණි කර්මාන්තශාලාව වෙනුවට නවීන යටිතල පහසුකම්වලින් සමන්විත කිරි සැකැසුම් කර්මාන්තශාලාවක් ස්ථාපිත කරලීමට රජය සැලසුම් කර තිබේ. මේ අනුව නවීන යටිතල පහසුකම්වලින් සමන්විත කිරි සැකැසුම් කර්මාන්තශාලාවක් බඩල්ගම ප්‍රදේශයේ ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය අක්කර 35 ක ඉඩම් කොටසක් ජාතික පශු සම්පත් සංවර්ධන…
රටෙහි ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය හා දිළිඳුකම පහත හෙළීම සඳහා ලබා දෙන දායකත්වය සැලකිල්ලට ගෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනය කළ යුතු වැදගත් අංශයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගනු ලැබ ඇති බව නිවේදනය කර සිටී. සංවර්ධනයේ ගාමක බලවේගයක් වීමෙහිලා එම අංශය සතු වැදගත්කම සලකා අපනයන වෙළඳපොළට ප්‍රවිශ්ට වීම සඳහා පහසුකම් සැලසීම…
ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන් ගණනාවක් මේ වන විට පා ගමනක නිරත වනු වාර්තා වේ. මෙම පා ගමන කොළඹ පුරහල සීමාවේ දී පැවැත්වෙනු ඇත. පහත පළවන්නේ එම පා ගමනේ අවස්ථා කිහිපයකි.
ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර ඒකාබද්ධ කිරීම සඳහා මැලේසියාවේ ආසියාටා හා ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගම් සාකච්ඡා පවත්වමින් සිටින බව Economic Times වාර්තා කර සිටී. ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකතන සේවා සපයන්නා වන ඩයලොග් ආසියාටා, සබඳතා මිලියන 10.5 ක් මේ වන විට මෙරට තුළ ව්‍යාප්ත කර ඇති අතර එය සම්පූර්ණ වෙළෙඳපොළෙන් 41% ක හිමිකාරීත්වය සමාගම…
ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් මෙරට අන්තර්ජාල තාක්ෂණයේ නවමු පරිච්ඡේදයක් අරඹමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග සහ බටහිර යුරෝපය කලාපීය රටවල් 17ක ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් 15ක් විසින් භාවිතා කරනු ලබන අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධති ව්‍යාපෘතිය සමග එක්ව සිය සේවා සැපයුම වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් කරගැන්මට සමත්ව සිටියි. ඉකුත් 2014 වසරේදී ඇතිකරගත් අන්තර්ජාතික එකඟතාවක්…
ඉදිරියේ දී අත්සන් කිරීමට නියමිත ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට (ECTA) එරෙහිව වෘත්තීයවේදී සංගම් ගණනාවකගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන විරෝධතා ව්‍යාපාරයක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමය කියා සිටින්නේ අද පස්වරු 2.00 ට කොලඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් මෙම විරෝධතාව ආරම්භ කෙරෙන බවයි. මේ…
තෝරා ගත් වෘත්තීන් සඳහා වන රැකියා වීසා ගාස්තුව දෙගුණ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. මේ අනුව රැකියා සඳහා නිකුත් කරනු ලබන H1-B හා L-1 වීසා කාණ්ඩ සඳහා මෙලෙසින් ගාස්තු ඉහළ නැංවීමට කොංග්‍රසය පියවර ගෙන ඇත. H1-B හා L-1 යනු විශේෂ වෘත්තිකයින් සඳහා වසර 6 ක් වැනි උපරිම කාලයකට යටත්ව පිරිනමනු ලබන විශේෂ වීසා…
මෙම වසර තුළ වාර්තා වුණු අවම දෛනික පිරිවැටුම අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී වාර්තා වී තිබේ. එහිදී දිනය තුළ පිරිවැටුම වාර්තා වූයේ මිලියන 182 ක් වශයෙනි. මෙයින් රුපියල් මිලියන 146 ක් දේශීය මිල දී ගැනීම් ලෙස ද, රුපියල් මිලියන 35.97 ක් විදේශීය ගැනුම් ලෙසින් ද සටහන් වුණි. දිනය තුළ දේශීය විකුණුම් රුපියල්…
Video Story