ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිතාවය, රාජ්‍ය සම්පත් කළමනාකාරිත්වය වර්ධනය කිරීම සහ පෞද්ගලික අංශයේ තරඟකාරිත්වය පහසු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) එකඟවී ඇත. ඒ අනුව, ඒ සඳහා ජපන් යෙන් මිලියන 10,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන…
2015 ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍යතුමා විසින් ජපානයේ සිදු කරන ලද නිල සංචාරයේදී උසස් මට්ටමේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සඳහා වූ විද්‍යා හා තාක්ෂණය, උසස් තත්ත්වයෙන් යුත් යටිතල පහසුකම් සහ ප්‍රාදේශීය සංවර්ධනය, අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය සහ සිවිල් ආරක්ෂාව හා සුරක්ෂිතතාව යන අංශ ආවරණය වන පරිදි ජපාන සහ ශ්‍රී ලංකා රජයන් විසින් ඒකාබද්ධ සහයෝගිතාව ප්‍රකාශයට පත් කිරීමට එකඟවන…
ණය ගැනීමේ දී ලබා දුන් සංවර්ධන ඉලක්ක ශ්‍රී ලංකාව කඩිනමින් සපුරාලමින් සිටින බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපතිනි ඇනට් ඩික්සන් (Annette Dixon) මහත්මියකියා සිටියේ වත්මන් පාලනය යටතේ රට තුළ පවතින මූල්‍ය විනය ඊට හේතුවී ඇති බවයි. ඇය මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා…
නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහනය මාස හතරක (04) කාල සීමාවකට පමණක් ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල්…
ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීඹ තුළින් වසරේ පළමු මාස හත තුළ දී ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම ආර්ථිකයට ක්‍රමයෙන් සම්ප්‍රේෂණය වෙමින් පවතින බව මුදල් මණ්ඩලය 2016 අගෝස්තු 30 දින පැවති රැස්වීමේ දී නිරීක්ෂණය කර තිබේ. එබැවින් වසරේ ඉතිරි කාලය තුළ දී මුදල් සහ ණය සමස්තයන් හි වර්ධනය, මැදිකාලීනව උද්ධමනයට මැදි තනි අගයක…
ඉ- ස්වාභිමාණී 2016 වාර්ෂික සම්මාන ප්‍රදානයේ අවසන් වටය සදහා තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් සහ යෙදවුම් නිර්මාණකරුවන් 42දෙනෙකු සුදුසුකම් ලබා ඇත. නිර්මාණශීලී තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මේ අතර පසුගියදා ඉන්දියාවේ පැවති එම් බිලියන්ත් ජාත්‍යන්තර…
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රුව සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රුපියලේ කාසියක් ebay වෙබ් අඩවිය හරහා වෙන්දේසියට දමා තිබේ. මෙහි ඇති විශේෂත්වය ඇමරිකානු ඩොලර් 399.00 ක් මෙම රුපියල සඳහා මිල කර තිබීමයි. මෙම කාසිය 1978 පෙබරවාරි 04 වන දින නිකුත් කරන ලද්දකි. කාසියෙ හි විකුණුම්කරුවා ebay හි…
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියයි මෙතෙක් කිසිදු රජයකට පිලියමක් ලබා දිය නොහැකි වූ විරැකියා ප්‍රශ්නයට පැහැදිලි විසදුම් සපයමින් ශ්‍රම වෙළඳ පොළ ඉලක්ක ගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කරා ගෙන යාම නව රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කල…
සුඛෝපභෝගී පහසුකම් සොයා ලොව නං දෙස විසිරී සිටින සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම් සිදුවෙමින් පවතින බව සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලයේ සාමන්‍යාධිකාරී අසේල වෑවිට මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ලොව ඉහළ වියදමක් දැරීමට යොමුවුණු සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක හෝටලයක් ලෙසින් සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය හැඳින්විය හැකිය….
ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ ධූර ඇතුලු මුල් පුටුවල වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ. මේ බව අදාළ සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිඛිතව දැනුම් දී ඇත. හේමාස් සමූහයට අයත් සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි කළමනාකරණ අධ්‍යක්ෂ ඩී.ටී. ආර් ද සිල්වා 2016 අගෝස්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස්වී තිබේ. තවද මොහු හේමාස් සමූහයේ තවත්…
Video Story