Top News

සහන මිලට තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර – මුදල් අැමති කියයි

ශ්‍රී ලංකාවට සහන මිලක් යටතේ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර හිමි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දෙරට අතර සාකච්ඡා පවත්වන බවයි. දිවයිනට පැමිණි සිටින ඉරාන බලශක්ති අමාත්‍යHamid Chitchian මැතිතුමා ඇතුළු දූත පිරිස සමග ඊයේ (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව…

(0)Comments | February 25, 2016 9:03 am

ෆොන්ටෙරා සමාගම සිය ප්‍රථම ආදර්ශන හා පුහුණු ගොවිපළ විවෘත කරයි VIDEO

රටේ කිරි කර්මාන්තයට උරදීම සඳහා පෞද්ගලික අංශයෙන් කෙරෙන පුරෝගාමී ආයෝජනයක් ෆොන්ටෙරා සමාගමේ ප්‍රථම ශ්‍රී ලාංකික ආදර්ශන හා පුහුණු ගොවිපළ ඊයේ (24) දින නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මැතිතුමන්, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන් සහ ෆොන්ටෙරා සභාපති ජෝන් විල්සන් මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට ප්‍රදේශවාසීහු 300 කට අධික පිරිසක්ද එක්වී සිටියහ. ඇන්කර්…

(0)Comments | February 25, 2016 7:54 am

LOLC ජාත්‍යන්තර ණයක් ගනී VIDEO

ආසියානු සංවර්ධන බැංකුව හා නෙදර්ලන්ත සංවර්ධන නියෝජිතායතනයක් වන FMO ඇතුළු ජාත්‍යන්තර ණය මූලාශ්‍ර තුනකින් ඇමරිකානු ඩොලර් මිලියන 247 ක ණය මුදලක් LOLC සමූහය වෙත ලැබී ඇත. මෙහිදී LOLC හි අනුබද්ධ සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී වෙත FMO වෙතින් ඩොලර් මිලියන 153.1 ක් හිමිවේ. මෙය ඩොලර් මිලියන 39.2 ක ජ්‍යෙෂ්ඨ ණය මුදලකින් සහ තවත්…

(0)Comments | February 25, 2016 7:29 am

ඩයලොග් සහ ආසිරි හවුලක් අරඹයි

ඩයලොග් ආසියාටා සහ ආසිරි රෝහල් සමූහය එක්ව ඒකාබද්ධ ව්‍යාපාරික සහයෝගීතාවකට පසුගිය දා අත්සන් තබන ලදී. ඩයලොග් ආසියාටා හි පාලිත සමාගමක් වන ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පුද්) සමාගමේ බද්ධ ව්‍යාපාරියක් වන සී/ස ඩිජිටල් හෙල්ත් (පුද්) සමාගම සහ ආසිරි රෝහල් සමූහය අතර මෙම ගිවිසුම් ගතවීම සිදු වී තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත විද්‍යුත් වාණිජ සේවාවන් හඳුන්වාදීම මෙම නව ව්‍යාපාර…

(0)Comments | February 25, 2016 5:26 am

පී සී හවුස් හමාර කිරීම කල් යයි

පී සී හවුස් පීඑල්සී හි කටයුතු අවසන් කිරීම වෙනුවෙන් කර ඇති ඉල්ලීම පසුගිය පෙබරවාරි 18 වන දින කොළඹ වාණිජ මහාධිකරණයේ දී සලකා බලා ඇත. එහිදී ඉදිරි කටයුතු සඳහා මෙම නඩුව 2016 ජූනි 09 වන දින දක්වා කල් තබන ලදී. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පී සී හවුස් හි කොටස් ගනුදෙනු පසුගිය ජනවාරි 28 වන…

(0)Comments | February 25, 2016 4:24 am

බිල් පොළී 8% ඉක්මවයි

අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික, පසුගියදා එළිදක්වන ලද මූල්‍ය ප්‍රතිපත්ති විවරණයට සමගාමීව ඉහළ ගොස් තිබේ. මේ අනුව දින 182 – 7.57% සිට 8.07% දක්වා ද, දින 364 – 7.95% සිට 8.50% දක්වා ද ඉහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා (19) පටන් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50…

(0)Comments | February 24, 2016 11:21 am

HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි

2015 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 16.2 ක බදු ගෙවීමට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 11 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකු සමූහය සමත්වී තිබේ. මෙහිදී හැටන් නැෂනල් බැංකුව 2015 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කර ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 15 ක් ලෙසත් බදු පසු ලාභය රුපියල් බිලියන 10.4 ක් ලෙසත්…

(0)Comments | February 24, 2016 10:53 am

කිරි නිෂ්පාදන විශිෂ්ටත්ව පුහුණු ප්‍රවේශයට නවසීලන්තය සමඟ හවුලක්

දේශීය කිරි ගො‍විපළවල්හි නිෂ්පාදන ඵලදායීතාව නැංවීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් කිරි ගොවීන් වෙත ලබා දෙනු ලබන ව්‍යාප්ති සේවාවන්හි ගුණාත්මක බව හා ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හවුල්කාරිත්ව ගිවිසුමක් සකස් කර තිබේ. මෙම ගිවිසුම නවසීලන්ත රජයේ විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ ග්‍රාමිය…

(0)Comments | February 24, 2016 9:47 am

වීසා, මාස්ටර් කාඩ් සහ ඇමෙක්ස් ග්ලෝබල් සඳහා සහතිකලත් තාක්ෂණ හවුල්කරුවකු ලෙස එපික් ටෙක්නොලොජි සමූහ ව්‍යාපාරය පත් කෙරේ

ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම සඳහා සහතික ලත් තාක‍ෂණ හවුල්කරුවකු ලෙස එපික් ටෙක්නොලොජි සමූහය, වීසා ඉන්ටර්නැෂනල්, මාස්ටර් කාඩ් හා ඇමෙරිකන් එක්ස්ප්‍රස් ග්ලෝබල් යන අන්තර්ජාතික ගෙවීම් සංගම් මගින් පිළිගනු ලැබ තිබේ. ශ්‍රී ලාංකේය මෘදුකාංග සමාගමක් මෙලෙස සුදුසුකම් ලබා ඇති ප්‍රථම හා එකම අවස්ථාව මෙය වන අතර එපික් අන්තර්ජාල ගෙවුම් පද්ධතිය හා සබැඳූනු විවිධ…

(0)Comments | February 24, 2016 8:01 am

නවසීලන්ත අගමැති පන්නල යයි

දිවයිනට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා අද (24) පස්වරුවේ පන්නල බලා යාමට නියමිතය. ඒ ෆොන්ටෙරා සමාගමේ පළමු ආදර්ශ හා පුහුණු ගොවිපළ විවෘත කිරීම වෙනුවෙනි. මෙම අවස්ථාවට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා සහ ෆොන්ටෙරා කෝපරේටිව් සමූහයේ සභාපති ජෝන් විල්සන් මහත්වරුද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. කුරුණෑගල, පන්නල, එලිබිච්චිය පාරේ වීරිදියාව…

(0)Comments | February 24, 2016 6:29 am